ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් නිවාඩුවට ගෙදර ඉන්න දවස්වල පරණ සින්දු කිය කියා මොනවා හරි වැඩක් පලක් කරන්න පුරුදුවෙලා ඉන්නවා. කොයි වෙලාවෙ බැලුවත් සින්දු කිය කිය ඉන්නවා. රෑට එයාගෙ බිරිය ටීවී බල බල ඉන්න වෙලාවටත් මෙයා සින්දු කියන නිසා ගෙදර පුංචි යුද පිටියක් වගේලු.
“නිදහසේ ටෙලිනාට්‍යයක් බලන්නත් නෑනෙ, මෙයා අපේ කන කන්න හදනවා... අඩුම ගානෙ ඔයා රඟපාන ටෙලිනාට්‍යක්වත් බලන්නෙ නැහැනෙ...”, බිරිය නෝක්කඩුවෙන් කියද්දි මෙයා සින්දු කෑලි වැඩියෙන් කියනවලු.
“බලනවකො මේ ඊයෙ පෙරේදා ආපු, හරියට සින්දුවක්වත් කියාගන්න බැරි කට්ටිය එයාලගෙම සින්දු හදලා, CD ගහලා නමක් හදාගන්නවා. මෙයා ඉතින් අපේ කන කකා ගෙදර ඉන්නවා...”
එදායින් පස්සෙ මේ ගෙදර සින්දු කෑල්ලක්වත් ඇහෙන්නෙ නැතුව ගියාලු.
“මේ ගෙදර මීට පස්සෙ මම මළාට සින්දු කියන්නෙ නැහැ.” ඔහු අමාරැවෙන් හිත හදාගෙන කිව්වලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd