(රොමේෂ් මධුෂංඛ)
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට සක්‍රීයව පවතින "මෝඛා" සුළි කුණාටුව මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් තිබුනද එහි බලපෑම නිසා මෙරට ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවටත් 2023 වසරේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෝඛා සුළි කුණාටුව ලෙසින් හැඳින්විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
පැයට කිලෝමීටර 150 - 175 ත් අතර වේගයකින් ඉදිරියේදී සුලිකුණාටුව චණ්ඩ විය හැකි බැවින් විශේෂයෙන් මුහුදු ගමන් යාමෙන් ධීවරයින් වැලකී සිටිය යුතු අතරම එහිදී ගාල්ල , මාතර, හම්බන්තොට, හරහා පුත්තලම, මන්නාරම, යාපනය කන්කසන්තුරය දක්වා මෙන්ම මුලතිව් සිට ත්‍රීකුණාමලය දක්වාත් මුහුදු ගමන් යාමේදී දැඩි අවධානමක් පවතින හෙයින් ධීවරයින් ප්‍රවේශම් විය යුතු බවටද දැනුම් දී ඇත.
මේ අතර සුලි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේද ප්‍රදේශ කිහිපයකට ගස්කඩා වැටීම් සහ නිවාස වලට සුලු හානි වාර් ථ වී ඇති අතරම ගස් කඩා වැටීමෙන් ගමනාගමනයටද බාධා එල්ල විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘මෝඛා‘‘ උතුරටත් තට්ටු කරයි