පිළියන්දල මාකන්දන මිනීවළ පැය කිහිපයක් තිස්සේ හාරා ඇටකටු මතු කර ගත් බව පොලිසිය කියයි.
ඉළ ඇට කැබැල්ලක් මුලින්ම සොයා ගත් බවත්, ඇටසැකිල්ල හිස්කබල ද සමග වෙනම ඇති බවත් පොලිසිය කියයි.
ඇටසැකිල්ල තනි කොටසක් ලෙස ගොඩ ගැනීම පොලිසියේ උත්සාහයයි.
වළේ පළල අඩි තුන හමාරක් පමණ වන අතර ගැඹුර අඩි හතරකි.
සැකකාර දෙවැනි සැමියා වන වාසනා පැතුම් ගුණවර්ධන ද දැඩි ආරක්ෂාව මැද එහි ගෙන එනු ලැබ සිටී.
ඔහු වසර තුන හමාරකට පෙර ඝාතනය සිදු කළේ ද එම නිවසේ දීමය.
ගැමියකු මහේස්ත්‍රාත් චමත් මදනායක මහතාට කියා ඇත්තේ කුණු දැමීම සඳහා තමා ලවා වලක් කප්පවා ගත් බවයි. ඒ සඳහා රුපියල් තුන් දහසක් ගෙවූ බව ද ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මහතුනේ .., උසාවියෙන් අවසර අරන්. ඔය ඇට සැකිල්ල ගොඩට අරන් දාලා..., ඔය වලටම ඔය යකාව පණපිටින් දාලා වහන්න ඔය දරුවන්ට අවසර දෙන්න ....!!!(දිල්)
ඇයි දැන් අරාබි නීති ගැන කතාකරන්නේ? දැන් ඔය කට්ටියම නේද අරාබි නීති වලට බනින්නේ? අපේ කට්ටිය ඉතින් කබරගොයත් තලගොයා කරන කට්ටිය නේද? මේකෙම්ම පේනවා අපේ කට්ටියගේ උගත්කම (නි)
අපේ කට්ටිය වෙන දේවල් වලට පැන පැන උද්ඝෝෂණ. මේ වෙලාවෙනේ මේ පාපතරයාට මෙතනට එන්න නොදී උද්ඝෝෂණයක් කරන්න තිබුනේ.නීතියෙන් කොහොම ගැළවුණත් රටේ ජනතාවගෙන් බේරුමක් නැති බව දැනෙන්න.එක් කෙනෙකුට ජනතාවගෙන් හොද දඩුවමක් ලැබුනොත් අනිත් අයත් ඉබේටම හැදෙයි. (නි)
මට සමාවෙන්න චමත් මල්ලි, වේදනාවයි කේන්තියයි දෙකම එකට ආපු වෙලාවක ලියපු අදහසට (නි)
අවුරුදු 3 1/2 යනකම් පොලීසියෙන් වහන් වෙලා තිබුනෙ කොහොමද? මට තේරුම් ගන්න අමාරුයි. (ස)
හාමුදුරුවරු පිරිත් කියා කියා පුජාවල් තිය තියා ඉන්නවා. නියම බුදු දහම හැමෝටම අහන්න ලැබෙන්නේ නැහැ. පින් පවු , සංසාරේ බය, ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න හැටි , මේවා බුදුන් කියා දුන් විදියට කියලා දෙනවා නම්? මිනිස්සු මෙහෙම දේට පෙළඹීම අඩුවෙනවා. අපි කවුද කියන එක ඉතිහාසේ වගේ දේවල් පවා පාසල් වල උගන්නනෙත් නැහැ. පාලකයෝ විනෝදෙන් ඉන්නවා.බලය ලැබුනේ අයි කියලා මතක නැහැ. සමහර මිනිස්සු වල්මත් වෙනවා, අපිට ජාතියක් හැටියට තියෙන වටිනාකම් කියලා දෙන්න පටන්ගන්න ඕනෑ මිනිස්සු එකතුවෙලා හරි. එක්කෙනෙක් එල්ලුවා කියලා හේතුව නැතිවෙන්නේ නැහැනේ. (නි)
ගේ ගත්ත මිනිස්සුන්ට දාලා දුවන්න හිතෙන්න ඇති.(නදී)
තව මාස 3 කින් විත්තිකාරය අගේට නිදහස් වෙනවා (නදී)
දයා, හැම එකටම සෞදිය ඇදලා ගන්න එපා. මොකද අපේ රටේ වැඩකාරකමට ගිය අයගේ මළමිනී එවලා තියෙන්නේ ඇතුළේ මොනවත් නැතුවලු. ඒ කියන්නේ අපිට සාධාරන සැකයක් ඇතිවෙනවා නේද? මේ මියගිය අයගේ ශරීර කොටස් ගන්න මැරුවා කියලා. කෝ එතකොට අර කිවුව සෞදියේ නීතිය ? වරදට දඬුවම් කරන්න ඕනෑ. එහෙම නේද ? අපිට කවුරුවත් වෙන්න ඕනෑ නැහැ අපි අපිම වෙමු. එල්ලුම්ගහ ක්‍රියාත්මක වුණොත් මේ අපරාධ හුඟාක් අඩුවෙයි (නි)
කින් බෙනට්, ඔබ කියන අදහස් හරියට හරි.
ඔච්චර තමයි. දඬුවම් නැතිවෙයි. හෙට තවත් 5 දෙනෙක් මැරුවා කියලා පත්තරේ තියෙයි.අනිද්දට තවත් දෙන්නෙක්..... (නි)
අනේ චන්දී,කෙනෙක්ව මරන්න කියන්න තරම් දරුණු වෙන්න එපා.එහෙම කියන එකත් පව්.හිතන එකත් පව්.අපි මොනවටද නිකරුනේ පව් පුරවා ගන්නේ,කොහෙවත් යන පව්කාරයෙක් නිසා... ඒ මනුස්සයත් සමහරවිට හිතින් මැරි මැරි ඉපදෙනවා ඇති (නි)
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.. මේ පදය කැඩුවම මෙලොවත් එලොවත් දෙකේම පව් පටිසන් දෙනවා. දැන් දෙන්නාටම එම පව් කර ගැසිමට සිදුව ඇත. මේ දෙදෙනාම මෙම පදය කඩා තිබේ (නි)
මිනිහත් හමුදාවෙන් පැන්න කෙනෙක්වද්ද? (නි)
නිලූ, ඇවතුම් පැවතුම් නරක් උනොත් දෙවියොත් අහක බලනවා අනේ. ඒකනේ අපේ පැරණි ගැමියෝ කීවේ හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලා.(නදී)
ෂෙරිෆ් කියන විදිහට පව් හේදෙන්නේ නැහැ බෞද්ධයන්ගේ. කුසල් හෝ අකුසල් පළදෙනවාමයි. බුදුන්ගේ ධර්මය එයයි.මොහුටත් එය එසේම වෙයි (නි)
පිරිමින්ට වැරදි කියන්න නරකඊ අනික තමුන්ට වඩා අවුරුදු 10 ක් බාල කොල්ලෙක්, මේ ගැනි තමඊ වැරදි, දරුවෝ එන්න අම්මල දරුවෝ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ, දරුවෝ ගැන නොහිත කමගින්නෙන් පෙලෙන ගැහැනුන්ට හොද පාඩමක්, ඔය ගැනි ජීවත් වෙලා හිටියනම් හිරේ දන්නා ඕන ඔය ගනිව, (අ)
මේ මිනී මරුවන්ට කෑම වතුර නැතිව ගහක බැදලා තියන්න ..නීතියක් ගෙනෙන්න ඕන ..මැරෙනකම් විදවලා ඉබේම මැරේවි..මිනිස් ජීවිත හරියට බල්ලෝ බළල්ලු වගේ තත්වෙකට වැටිලා දැන් ලංකාවේ ..?,එවැනි දේවල් අහන්නවත් නොම වේවා ...!!!ඒ කාන්තාවට නිවන් සුව ..!!! (අ)
සමහරුන්ට ලොව තිබෙන ලොකුම උතුම් සතුට සෙපත කම් සේප ( කම් සුව) මේවා විඳීමට ගොස් සමහරු අතීතයේ රජ කම ඇත ඇරියා . සමහරු හිස දන්ගෙඩියට දුන්න . සමහරු හිරේ ගියා . මතකනේ දස්කොන් කතාව . මේ ගැහැනු කෙනා ජීවිතය බිලි දුන්න .(අ)
බලන්න මේ මැරිලා ඉන්න ගෑනු කෙනා මොනතරම් ලස්සනද? ඒත් එයාගේ ඒ ලස්සන ශරීරය පොලවට පස් උනාම ස්වභාවය බලන්න. වලේ තියෙන ඇට සැකිල්ල දිහා. ඒක නිසා රූපයෙන් බල පුලුවන්කාරකම් වලින් තනතුරු වලින් ආගම් වලින් මිල මුදල් වලින් නිල තල බලයෙන් ඔලුව උදුම්මා ගෙන ජීවත් වෙන්න එපා. අපි කාගේත් මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය ඉතාම තාවකාලිකයි. මේ ලියන මාත් කියවන ඔබත් තව ටික කලකින් අර වලේ තියෙන ඇට සැකිල්ලට වඩා වෙනසක් නෑ. අද අද එයි මාරු පින්කර ගන්නේ කෙලෙසද හෙටමරු නෙති සිතන්නේ බුදු දහම තියෙන මේ වගේ උතුම් කාලයක ඉපදෙන්න වාසනාව ලැබූ අපි යහපත්ව ජීවත් වෙමු. මගේ රටට දළදා හිමි සරණයි. (ස)
ඔය වාසනා පැතුම් මගේ යාලුවෙක්. ඒත් කවුද දන්නේ මේ වග. මටත් දැන් ටිකක් බයයි (නි)
මෙයාව ඔතනම තියන දඩුවම් දෙන්න (අ)
න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ජේ න පබ්බතනම් විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ටිතෝ මුන්චෙයිය පාප කම්මා. යම් කිසිවෙකු තමා කල වැරදි ක්‍රියාවෙන් බේරීමට ආකාශය තුල , මහා සමුද්ද්රය මද්ද්යයේ , පර්වත ගුහාවක සැඟ වුවත් තමා කල පාප කර්මයන් බේරීමට නොහැකිය. උතුම් වූ බුදු වදන සිහියේ තබාගෙන ලොකු හෝ කුඩා වැරදි නොකර ජීවිතය ගෙවන්න උත්සාහ කරමු . එසේම හැම අපරාධ කරවෙකුගේම කුඩා කාලයක් තිබුන, එසේනම් ඔවුන්ගේ දෙමාපියන් හොඳ නරක කියාදීම මඟ හැරෙන්නට ඇති. ඒ නිසා දෙමාපියන් තම දරුවන්ට තරගයේ දිවීමට වඩා ධර්මය ගුණ යහපත් කම් උගන්වමින් තමන්ද ඒවා පිළිපදිමින් උත්සාහයෙන් දූරදර්ශිව කටයුතු කල යුතු වේ. (අ)
මනුස්ස ජිවිතයකට ගිය කලක්.කවදාවත් වැරදි කරලා හැංගිලා ඉන්න බැ. (අ)
අන්න මොහමඩ් ගෙන් අහගන්න නියම බුදු දහම තියෙන්නේ තායිලන්තයේ විතරලු . එතකොට ශ්‍රී ලංකාවේ තියෙන්නේ මොන බුදු දහමද දන්නේ නැ නේද? සමහරවිට අන්‍යාගමික බුදු දහමක් වෙන්න ඇති (අ)
මේ මිනිහා හරිම මෝඩ මිනිහෙක්. කාන්තාව මැරුවට පස්සේ ප්‍රාදේශීය සභාවකටවත් සම්බන්ධ වුණා නම් හරිනේ (නි)
මොහොමඩ්,දන්නා දෙයක් ගැන කතා කරන්න. (අ)
පාරුක් ,මට පොඩ්ඩක් හරි ඉතිහාසය කියල දෙනවද ?.(අ)
මට ටිකක් අපැහැදිලියි. කාගේ දෙවන සැමියාද? කව්ද මෙතන මැරිලා තියෙන්නේ? (නි)
රෝස් ඔයා හරියටම හරි . අන්තිමට හිරගෙය , මරණය ,තවත් කීප දෙනෙකුටත් මරණය . (ස)
මරණ දඬුවම් ඕනෑ නැහැ. මෙයා දැනටමත් පණපිටින් අපායක තමයි ඉන්නේ. මේ අවුරුදු තුන හමාරට හීනෙන් කී සැරයක් ඇවිල්ලා ඔය නෝනා බෙල්ල මිරිකන්න ඇද්ද? බැරි තැන තමා ගේ විකුණන්න ඇත්තේ. එහෙත් අපි කළ හොඳ නරක අපි පිටුපස එනවාමයි. නැත්නම් බුදු බණ බොරු. (නි)
ෂෙරිෆ්, ඔයා කියනවිදියට අපරාධ කරන ඕනෑම ආගමක අය කැළණි පන්සල් යනවද?නිකන් මෝඩ කතා කියන්න එපා. පන්සලේ ලොකුහාමුදුරුවන්ට හැමදෙනාම එකයි.හැබැයි ඔයාට පිරිත් නුල් බැදගන්න,පිරිත් නුලේ වටිනාකම දැනගන්න ළගදීම අවස්ථාව ලැබෙන්න කියලා පතනවා !!! (නි)
අක්ෂි නොදන්නා දේ කියවන්න එපා. හාමුදුරුවෝ හොඳට බණ කියනවා.ඔයා බෞද්ධයා චැනල් එක බලන්න.(ස)
මේක පෙර පවක්.මිනිස්සු පතාගෙන එන හැටි.අනේ අහිංසක අම්මා කෙනෙක්.අර අයියත් පව්.එයාගේ අම්මා ඉන්නවා නම් කොහොම ඉවසන්නද? අනේ බටුවන්ගල රාහුල හිමියෝ මීගහතැන්නේ මෙරිල් කාරියවසම් විදුහලේදී සිදුකළ මව්පිය වන්දනා වැඩසටහන බලන්න.හැම කෙනෙකුටම අගනා ගුණ වගාවක්. (නි)
විසෙන් විස නසමු (නි)
මෙන්න බොලේ සමහරු අපිට බණ කියන්න එනවා. ඔහෙලා බැංකොක් යන්නේ මොකද කියලා අපි දන්නවා. (නි)
අක්ෂි,මහමෙවුනාව ඩොට් කොම් බලන්න.බලලා මටත් විස්තර කියන්න.(ස)
කාන්තාවක් ලස්සන මෙන්ම චරිතයද හොද වියයුතුයි (නි)
මේ සිංහල අපගේ දේශයයි. ලැජ්ජාවේ පණ යනවා (නි)
අරාබි රටවල කෙරෙන විදියට පිලියන්දල නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේම එල්ලා මැරිය යුතුයි මේ මිනීමරුවා. (ස)
අනේ මන්දා ...දැන් ගෙදර ගිහින් කුණු වළක්වත් කපන්න බැරිවෙයි ... නෝනා මොනවා හිතයිද දන්නේ නැහැ.(නදී)
අපරාධයක් කොට කිසිදා සැගව සිටිය නොහැක. මරණ දඬුවම නැති එක විශාල වරදකි. මෙය දැන් වත් ක්‍රියාත්මක කල යුතුය. (නදී)
දයා, ඔයා මොනවද දන්නේ අරාබිය ගැන. මමත් ඉන්නේ අරාබියේ. මෙහෙ ප්‍රසිද්ධියේ එල්ලලා මරන්නේ පිට රට මිනිහෙක් මෙහෙ ඇවිල්ලා මිනි මැරුවොත් විතරයි. මෙහෙ අයට කරන්නේ හිරේ දාන එක විතරයි. මෙහෙ එක්කෙනෙක් පිට රට කෙනෙක් මැරුවොත් බොරු හේතුවක් දාලා බේරනවා (නි)
අනිල් රෝහණ,නිකන් බොරුවට ශේරිෆ්ට බැනගෙන කයිවාරු ගහන්න එපා.අනික නියම බුද්ධාගම තියෙන්නේ තායිලන්තයේ. (නි)
මෝහමෙඩ් නියම ඉස්ලාම් තියෙන්නේ ඩුබායි වල. එහෙ මුස්ලිම් කාන්තාවන් ඔලුව වහන්නේ නැහැ. කාන්තාවන්ට එහෙ ඕනතරම් නිදහස තියෙනවා. පිරිමින් පවා එහෙමයි.(නදී)
පද්මිණිගේ කියමනට මගෙන් මල් මිටක්! මේ ගැහැණු කෙනත් ලොකු දරුවෝ ඉදිද්දිත් කාම ආශාව නිසා සිහිවිකල් වෙලා යහපත් ජීවිතේ නැතිකර ගත්තා (නි)
බන කියලා, ආගමෙන් දහමෙන් දවසින් දෙකෙන් මිනිස්සු හදන්න බැහැ. ඒ ක්‍රමය ඕනෙ නමුත් පුතිපල ලබන්න පුළුවන් තවම ඉපදී නැති පරම්පරාවලින්. දැනට සමාජයේ ඉන්න නූගත්, පාපතරයෝ අඩුකිරිමට හැකි එකම මඟ නීති තද කිරීම හා නිති හරියට ක්‍රියාත්මක කිරීම පමණි. එයට මුදල් යන්නේ නැත. වහාම මිනිමැරුම්, ස්ත්‍ර,ළමා දූෂන සදහා ඇති නීති තද කරන්න. දියුනු රටවල 99% ක්ම අඩුගානේ බීලා එලවන්නෙ වත් නැත්තේ ඇයි. අහු වුනොත් දඩ ගෙවලා ඉවර කරන්න බැහැ. රස්සාවත් ඉවරයි වගේ තද නිති ඇති නිසා හා ඒවා අකුරටම ක්‍රියාත්මක වන බැවිනි. (නදී)
ෂෙරිෆ් පුතේ, ඔයාගේ කතාව හරියට හරි. පාලකයන්ට කිසි දෙයක වගක් නැහැ (නි)
අපේ ලංකාවේ නීතිය අනුව අපරාධකරු මාස තුන හතරකින් පොදු සමා කාලය යටතේ නිදහස් වෙලා කැළණි පුජා බිමට ගිහින් පාප කර්මයන් ටික හෝදගෙන පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියල පිරිත් නුලකුත් ගැට ගහගෙන ගෙදර යාවි. (නදී)
වතුර යට සැගවු බෝලේ වගේ තමයි අපරාදකරුවෝ. කොයි වෙලේ හරි කොටු වෙනවා.(නදී)
ඔය කියන ගුනවර්දධන මහතා පින්තුර වල ඉන්නවද? පේන විදියට නන් කොළ පාට කමිසේ දා ගෙන ඉන්නේ එයා වගේ.(නදී)
පව් අහිංසක ගැහැණිය. ඔය මිනිහට දඬුවම් කරන්න.මොනවා හරි ප්‍රශ්නයක් තිබුනා නම් විසදා ගන්නවා මිස මරපු එක හරිම අපරාධයක් (නි)
ත්‍රස්තවාදය අවසන් වුණා කියලා පාලකයෝ උදම් අනනවා. මේවත් ත්‍රස්තවාදයෙන් බැහැර කළ හැකිද? රටේ ජනතාව අපරාධ කරන්න බිය නොවන්නේ නීතිය වල් වැදී ඇති නිසා නොවේද? (නි)
මිනී මරණ මේ වැනි රුදු මිනිසුන්ට දියයුතු මරණ දඩුවම කල් නොම යන්ට මැතිදුනි රට රකින මෙය සිහියට ගන්ට කලයුකු දේ කරල මේරට රැකගන්ට (අ)
දෙවිවරු නම් තිස්තුන් කෝටියක් ඉන්නවා. අනික හැම කෙනෙකුටම ඉෂ්ට දෙවියෙකුත් ඉන්නවා? (නි)
නින්දවූර් වු සිද්ධියට අදහස් දැක්වූ ජාතිවාදී අදහස් දක්වන්නනි, අැයි මේ වගේ ප්‍රශ්නයකදී ඔබගේ අදහස් නැත්තේ? නින්දවූර් වල හර්තාලය කළේ අැයි කියා කව්රුත් දන්නවා. එහි සාධාරනය ඉල්ලා හර්තාලය කළේ. මේ වගේ මිනීමැරුමකදී ඔබලාගේ අදහස් නැත්තේ අැයි. මේ වගේ මිනීමැරුම් 95% ක්ම ලංකාවේ සිදු කරන්නේ සිංහල බෞ්දධයන් බව දැන්වත් දන්නවද? (නි)
පත්මිණිගේ කතාව මමත් අනුමත කරනවා කළ කළ දේ පල පල දේ කියන්නේ නිකන් නෙමෙයි (දිල්)
සිංහල රජකාලේ තිබුණ දඩුවම් තමා ක්‍රියාත්මක කළයුත්තේ.සෞදි අරාබියේ දඩුවම නම් මදි.පණපිටින් උල තියනෙවා,එහෙම නැත්නම් පණපිටින් තාප්පයකට තියලා මැටි ගහනවා.එහෙමත් නැත්නම් අලියට කියලා පාගලා මරනවා.මේවා තමා වැරදි කරන අයට දෙන දඩුවම්. (නි)
ෆසාල් අහමඩ්, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. කට තිබෙන පළියට අදහස් දක්වන්න කලින් ඇත්ත හරි හැටි දැනගන්න, අනිත් සුළු ජාතීන්ට කරන අපරාධ නිසා ඔවුන්ගේ දියුණුව තව තවත් වැඩි වෙනවා. බලන්න හරක් මස් කඩ වැහුවට පස්සේ දැන් අපේ ගමේ හරක් මස් මිල අඩු වුණා (නි)
ඇට සැකිල්ලක් දැක්කම ඔක්කොම එපා වෙනවා. (ස)
'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ' කියන කියමනේ තේරුම එතරම්ම පින් ඇති තැනක් කැළණි පන්සල යන්නට උපහැරණයක් පමණක් විනා පව් සමා කරන තැනක් නොවේ. කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. මෙය ලෝක නියමයයි. කැලණියේ වැන්දත්, මක්කම ගියත් මෙයින් ගැළවීමක් නොමැත. වහ වහා කුසල් රැස් කරගන්න. (නි)
මේ තැනැත්තා මේ ගැහැණිය මැරුවේ සහ වල දැම්මේ එක වරයි ! නමුත් ඔහු ජාති ලක්ෂවර මේ විදිහටම මැරුම් කා මිහිදන් වෙනවා. මේ සසර මොන තරම් බයානකද ? බුදු සමිදුන්ගේ දේශනා ගැන දන්නේ නැතිනම් අපටද මෙවැනි දේ සිදුවිම නොවැලැක්විය හැකිය. (ස)
සිංහල බෞද්ධයට බනින්න එපා! (නදී)
අනියම් කම්සැප හොයන හුග දෙනෙක්ට හිමිවන්නේ අන්තිමට හිරගෙදර නැත්නම් මරණය .(නදී)
චමත්, උඹ හරියටම හරි මචන් . ගහක් හදන්නවත් වළක් කපන්න බැරි වෙයි. (ස)
හලෝ මාගරි ඔය හරියට ඉතිහාසය ගැන දන්නේ නැහැ වගේ මෙතන ප්‍රතිචාර දාන්නේ. මේක සිංහල ජාතියේ ලේ වලින් ආපු දෙයක්. (නදී)
ජීවිතයක හැටි ධර්මයට අනුව ජීවත්වනවා නම් මෙවැනි දේ සිදු නොවේ (අ)
අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ. ඔය දෙවිවරු 33 කෝටියක් ඉන්නවද? (නදී)
හැකි ඉක්මනින් එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න. තව ඔය වගේ දේවල් වැඩි වෙන්න කලින්. (ස)
ෂෙරිෆ් මහතාගේ කට්ට මී පැණි දන්නා ඕනේ.අර නන්ද මාලනිගේ සිංදුව කුත් තිඑන්නේ. (අ)
පැතුම්ගෙ වාසනා පැතුම් දැන් මතුවුණානෙ. දැන් ඉතින් හොඳට සතුටු වෙන්න පුළුවන්. (ස)
සවුදි අරාබි ගැන කතාකරන්න එපා (අ)
ශ්‍රී ලංකාව තුල සිදුවන හොර මෙරයන්ගේ සුළු වෙරදී වලට පවා බර පතල වේද සහිත දීර්ග කාලීන සිර දඬුවම් ලබා දිය යුතුයි එය එල්ලුම් ගහට වඩා සුදුසුයි (අ)
දේශපාලකයෝ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කැමති නැත්තේ ඒක කවදා හරි තමන්ටත් කැරකිලා එයි කියල බයටයි (නි)
ඔයා හරි මොහොමඩ්, තායිලන්තයේ තමයි නියම බුද්දාගම තියන්නේ. පහුගිය දවස්වල මොහොමඩ්ලට හොඳට සැලකුවා. (ස)
වසර තුන හමාරක් තිස්සේ රහස සුරැකී තියෙන කොට ගුණවර්ධනට හිතෙන්න ඇති පැතු අයුරු වාසනාව උදා උනා කියලා. (ස)
අනේ අර අහිංසක දරු දෙන්න මොන පවක් කරාටද මේ වගේ අවස්තාවක මුහුණ දුන්නේ.. තම මෑණියන්ගේ මිනිය නොව ඇට කටු ටික දකින්න තරම් ...? ඒ දරුවෝ අද මේ වනවිට මොන තත්ත්වයකද ඇත්තේ (මවගේ මිනි මරුවත් ඉදිරියේම තියා ගෙන (පවු අප්පා ) (නදී)
නිලූ ඇත්ත තමයි. දෙවිවරු 33 කෝටියක් ඉන්නවා නම් හැම මිනිහෙකුටම දෙවියෙක් ඉන්නවනේ. (ස)
ඉතාලි එන සමහර පුද්ගලයන්ට තමුන්ගේ පොඩි දරුවන්ගේ ඉගෙනීම, සෙනෙහස, අාත්ම ගෞරවය අමතක කරලා මේ වගේ අනුවණ තීරණ ගැනීම හේතුවෙන් මේ වගේ කරදර වලට ගොදුරුවන පවුල් ඕනෑතරම් දකින්න පුළුවන්. පළගැටියන් නොවී ජීවත්වීම අප සැමටත් ආදර්ශයක් (නි)
ෆසාල් අහමඩ්, සිංහල බෞද්ධයන්ගේ අන්තවාදයක් ඇත්තේ නැහැ.ඒක අපේ ආගමෙන්ම තමා පුරුදු කරලා තියෙන්නේ.මධ්‍යම ප්‍රතිපදාව කියලා.ඒ ප්‍රතිපත්තියේ ගිහිල්ල තමා සුද්දෝ මුස්ලිම්වරු හොය හොයා මරනකොට ඔය නින්දවූර් වගේ පළාත්වල රහසිගතව පදිංචි කලේ.මිනි මැරුම් වලින් 95% ක් සිංහල බෞද්ධයන් කරනවා කියල කියන්නේ ඔබ ඒ ගැන සමීක්ෂණයක් කලාද ?.අපිට නම් පත්තරක් බැලුවොත් පෙන්නේ හොර ජාවාරම්, කුඩු බිස්නස් වගේ දේවල් වලට ගොඩක් සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් කියලා.අනෙක් කරුණ සමහර මුස්ලිම් රටවල වගේ සමහර අපරාධ ආගමේ නාමයෙන් වසන් කරන්නේවත් ඒවා සාධාරණීකරණය කරන්නේවත් නැහැ ලංකාවේ. (ස)
පසු ගිය කාලේ මිනී මැරුම් වල වගේ කොහොමත් තව ටික දිනකින් මෙයාව නිදහස් කරාවි. (ස)
මේ ලොව මිනිසුනි කොයිබද යන්නේ ..!! (ස)
මේ ලොව මිනිසුන් අපායට යන්නේ(ස)
අම්මෝ, බයත් හිතුනා. පොටෝ එක දැකලා., ධම්ම කියන්න වගේ මේ මුරුගයා., හිතන්න නැතුව ඇති කවදාවත් මේක එළිවෙයි කියලා.., හැබැයි ., යාලුවනේ මට තව ප්‍රශ්නයක් මතු වුනා, මෙයාගේ දරු දෙන්න අවුරුදු තුන හමාරක්ම තමන්ගේ අම්ම ගැන හෙවුවේ නැද්ද...? මොකද මේ හිටි ගමන් අම්මා මතක් වුනේ...? මේ ප්‍රශ්න දෙක ගැන..., මගේ යාලුවන්ට මොකද හිතෙන්නේ.., කියන්න බලන්න...!! (ස)
චන්දි අක්කේ දරුවන් විතරක් නෙමේ සහෝදරයෝ දෙමාපියෝ සොයලා බැලුවේ නැද්ද වසර ගානක්.අනේ මන්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා වගේ.බලමු මොකද වෙන්නේ කියා දෙන තීන්දුවේදී.(ස)
ඇයගේ මරණය පිලිබදව සබැ තතූ හෙලිකරගැනීමට මෙමගින් ඇහැකි වෙතඊ අනුමානය කෙරෙ. ,මරණයේ අබි රහස රටට හෙළිවීම නිසැකවම සිදුවනු ඇත (ස)