මෙරට අධිකරණයකදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නන්දිට එරෙහි නඩුකරයක් පවත්වාගෙන යා හැකි දැයි පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත්කිරීම ලබන 11 වැනිදාට කල් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (08) තින්දු කළේය.
දොස්තර ගුණදාස අමරසේකර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබිනේ නන්දි මහතාට එරෙහිව ගොනු කළ පැමිණිල්ල කොළඹ දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා හමුවේ කැඳවිණි.
මීට පෙර කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ගුණදාස අමරසේකර මහතා වෙනුවෙනු පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයාට අධිකරණයට නොපැමිණීමේ රාජ්‍යතාන්ත‍්‍රික මුක්තියක් නොමැති බවයි.
විදේශ අමාත්‍යාංශය ද දිසා අධිකරණයට ලිපියක් එවමින් දන්වා ඇත්තේ ඔහුට රාජ්‍යතාන්ත‍්‍රික මුක්තියක් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)