දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු මකුණූ උවදුරින් දැඩි ලෙස පීඩා විදිති. දිවා රාත්‍රී නිදි වර්ජිතව සිටින අතර ඇවිද ගැනීමට නොහැකි මෙන්ම අත්පා වලට ප්ලාස්ටර් දමා ඇති රෝගිහු ද මේ උවදුර නිසා විශාල වශයෙන් පිඩාවට ලක්වී සිටිති.
මෙට්ට සහ ලෑලි අතර මකුණන් දැක ගත හැකිය. ඇතැම් රෝගීහු ද කොරිඩෝවේ හා බැමි මත නිදති.
දඹුල්ල රෝහලේ වෛද්‍ය ගාමිණී සේනානායක මහතා පැවසුවේ අවස්ථා කීපයක් ද මකුණු මර්දනයට පියවර ගත් බවයි. රෝහල වසා දමා මේ කටයුත්ත කළ යුතුව ඇතත් දඹුල්ල වැනි රෝහලක් පැයක් හෝ වසා තැබීමට නොහැකි බව ඔහු කියයි.
![makuno_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_011.jpg)
![makuno_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_021.jpg)
![makuno_03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_031.jpg)
![makuno_05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_051.jpg)
![makuno_06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_061.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රෝහලක මෙට්ටයක් ඇතුල මෙහෙම නම් අනිත් හරිය කතාකරල වැඩක් නැහැ ඉදිරි මාස දෙක. වෙසක් ,පොසොන් දන්සල් දෙන්නේ නැතිව මෙට්ට අරන් දෙන්න. රෝගියා නිදාගන්න නෙමේ රෝහලට එන්නේ ඒ නිසා. කුෂන් වගේ නමුත් එයට මකුනන්ට යන්න බැහැ ඕන වෙලාවක සෝදන්න පුළුවන්. (ර)
ධම්මිකා නිරෝෂනි ,,මමත් ඔබගේ අදහසට එකයි , ගෙදර මකුණෝ බෝවුනොත් රජය මෙදිහත් වෙනකල් අපි ඉන්නවද ? අපේ රටේ නොමිලේ දෙන රෝහල් පහසුකමට අපිත් යමක් කල යුතයි , පාසල් මට්ටමෙන් හෝ ශ්‍රමදාන මගින් හෝ විසදිය හැකි පොඩි ගැටළුවක් මේක. (ර)
පවු අසරණ ලෙඩ්ඩු කබලෙන් ළිපට වැටිලා වගෙයි (නි)
අලි, ගවයෝ ඝාතනය ගැන කතාකරන කට්ටිය මොකද මකුණෝ වෙනුවෙන් පෙනීසිටින්නේ නැත්තේ? (නි)
රෝගීන් ට අවශ්‍ය දේ කරදෙන එක පළාතේ මිනිස්සුන්ගේ වගකීම නෙවෙයි , ඒක සෞක්‍ය සේවයේ වගකීම. රජයේ වගකීම. ඇමැතින් ට ලෙඩ වුනාම සිංගප්පූරුවට... රටේ මිනිස්සු අපාදුක් විඳිනවා. මිනිස්සු බදු ගෙවන්නේ මොකටද කියලා පොඩ්ඩක් හිතන්න. (ර)
අපිවත් සිංගප්පුරු යවාවි බෙහෙත් ගන්න බොරුවට කනගාටුවෙන්න එපා. (ර)
මොකක්ද මේකට දෙන විසඳුම? (නි)
මේවා රජය අපහසුතාවට පත් කරන්න කියන බොරු කතා,ඔය කියන තරම් මකුණෝ නැහැ ,වර්තමාන ඇමතිතුමා ඉතා කැපවීමෙන් වැඩ කරනවා. (ර)
ඇයි මේ අසරණ මිනිසුන්ගේ ප්‍රශ්න ඇමතිවරුන්ට නොපෙනෙන්නේ? (නි)
ධම්මිකා නිරෝෂිනී කියා තියන ක්‍රමය හොඳයි. වෙනසකට තියෙන්නේ අහිංසක දුප්පත් මිනිහා කන බත් ඇටේට ඉඳලා බදු ගෙවා කතිරේ ගහලා ඇමති රස්සාවකුත් අරන් දීලා ඒ බදු මුදලින් පිටරට රෝහල් වල ප්‍රතිකාර ලබන පින්වත්තු හිටියට, මේ රෝහල් වලට යන්නේ එදා වේලවත් හොයාගන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. ඔය කියන වැඩ ටික කරන්න ගියොත් ඒ මිනිසුන්ට මාස ගානක් නොකා නොබී ඉන්න වෙන්නේ. (නි)
පොඩි අසනිපෙටත් රටේ ජනතාවගේ වියදමින් සිංගප්පුරුවේ දුවන ඇමතිලා ඉන්න රටක මේ පොඩි මිනිසුන්ගේ දුකට කගේ පිහිටක්ද? (ම)
මේවගේ පින්තුර පලනොකර, හම්බන්තොට වාරයේත් , ගුවන් තොටුපොලෙත් පින්තුර පල කරන්න (අ)
භූමිතෙල් ස්ප්‍රේ බෝතලයකට දාලා හොඳට ස්ප්‍රේ කරලා දැම්මහම බිත්තරත් සමඟම විනාශවී යනවා. (නි)
මකුණෝ අයින් කරන එකත් රජයට අයිති වැඩක්ද? මේක රෝහලේ පරිපාලනයට කරන්න පුළුවන්. හැබැයි ,මුළු රෝහල මුල ඉඳලා අගට සුද්ද කරන්න වෙනවා. එ්ක කරන්න රෝහල දවස් දෙක තුනක් වහලා තියන්න වෙනවා (නි)
ලංකාවේ රජයෙන් හා පුද්ගලික ආයතන වලින් පාලනය වන බොහෝ වැඩිහිටි නිවාසවල තත්ත්වයත් මේ වගේමයි, අසරණ වැඩිහිටියෝ නිදාගන්නේ ඇඳ මකුණු ගොඩවල්වල. (ර)
රෝහල වස දැමීම අවශ්‍ය නැත. පළමුව, මෙට්ට්ට හා කොට්ට ඇතුළු ද්‍රව්‍ය ඉවතට දමන්න (අ)
කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අපි වචනයෙන් හරි පිහිට වෙමු. අපි හැමදාම කළේ අනුන්ට දොස් කියමින් ඉන්න එක.මොන ආණ්ඩුව අාවත් ඔය ටික වෙන්නේ. (නි)
කම්මැලිකම අත්හැරලා, අනිත් අයත් රට ගැන ලොකුවට හිතලා, රෝහල් වගකීම රජයෙන් මුදවාලා, අපි රැකගනිමු ලෙඩවුණ අය නලවාලා... එකමුතු කවුද මේ දේ කරන රටට? එන්නේ කවුද ලෙඩුනට බෙහෙතක් දෙන්න? ඇමතිල යවමු අපි සිංගප්පුරුවට... පිරිසිදු කරමු රජයේ රෝහල් එකට! (නි)
අනේ ඉතිං මේවගේ දේකටවත් බලධාරීන් යොමු නොවන්නෙ මකුණන් කන්නෙ රෝගීන් නිසා බවයි මට හිතෙන්නෙ. (අ)
පව් අසරණ මිනිස්සු, මේවා දැක්කම හිතට හරිම දුකක් , මේ අහිංසක මිනිස්සුන්ගේ ඡන්දෙන් කවුන්සලේට ගිහිපු අය මොන තරම් සැප විදිනවද , (අ)
මේ ආණ්ඩුව මකුණන් මර්දනය කරන්න දන්නේ නැතිවුණාට වෙනත් දේවල් නම් මර්දනය කරන්න හොඳට දන්නවා (නි)
නඩත්තු වල හොඳකම තමයි මේ. (අ)
වෙනත් රටවල් නම් මෙලහට නඩු දාලා මේ කුණුගොඩ දැක්කනම්. මොන අගහිඟකම් තිබ්බත් කොහොමද මිනිස්සු මේවාවල නිදාගන්නේ. එක්කෝ කොට්ට මෙට්ට මාරු කරන්න ඕනේ. නැත්තම් ඕව නිසිලෙස පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් සකස්කරන්න ඕනේ. අරකටයි මේකටයි කියා කියා වර්ජන කරන්න පුළුවන්. තමන් සේවය කරන ස්ථානය පිරිසිදුව තියාගන්න කිසිම උවමනාවක් නැහැ ලොකු තැනෙ ඉදලා පොඩි තැනට වෙනකම්. අන්තිමට මේ හැමෝම ඕවා බර කරන්නේ පවතින රජයටයි. ඕකයි තිත්ත ඇත්ත. (ර)
මකුණන් විනාශකරන හොඳම බෙහෙත පොල්තෙල්ය. මකුණා සහ බිත්තර පවා ඉතාම ඉක්මනින් විනාශවෙනවා (නි)
මේ මකුණෝ යහපාලනය කාලේ බිත්තර පුපුරලා එළියට ආ මකුණොද? නැතිනම් රජ පාලනය කාලේ ඉඳන්ම පැවතගෙන එන මකුණොද? ඒ අනුව තමයි බනින ආණ්ඩුවකට හරි සෞඛ්‍ය ඇමතිවරයෙකුට හරි බනින්න වෙන්නේ (නි)
හැම රෝහලකම මේ වගේ කමයි.දවසක් ඉදලා බලන්න ඕනේ.(හේ)
ඒකනේ අපේ ලොක්කා සිංගප්පූර් යන්නේ.(හේ)
ලංකාවේ ජනතාව රජය විසින් සැම දෙයක්ම කර දෙන තුරු බලා සිටියි. රෝහල යනු එම ප්‍රදේශයේ ජනතාවගේ සම්පතක් වේ . දබුල්ල ප්‍රදේශයේ ජනතාව එකතු වුවා නම් මෙම ගැටලුව සාර්ථකව විසදිය හැකිය . පළමුව ගෝනි සහ කොහුබත් අඩංගු මෙට්ටම සහ දිර්ග කාලයක් පාවිච්චිකර කොට්ට ගිනිතබා විනාශ කරන්න . සියලුම ඇදන් හොදින් ක්ලෝරින් මිශ්‍ර සබන් වතුරෙන් හොදින් අතුල්ලා සෝදා අව්වේ තබා වේලා කෘමි නාශක දියරයක් ඉස නැවත අව්වේ දමා වේලා ගන්න. රබර් මිශ්‍ර මෙට්ට සහ පිරිසිදු රබර් මිශ්‍ර කොට්ට පාවිච්චි කරන්න. සියලුම රෝහල් වාට්ටු කොලොරින් මිශ් වතුරෙන් හොදින් දිනපතා 2වරක් සෝදන්න . හොදින් හිරු එළිය ලැබෙන ලෙස වාට්ටුවල ජනෙල් ඇර තබන්න. කොහු සහ අපිරිසුදුකම මකුණන් බෝ වීමට හේතුවයි. (හේ)
"සියලු සත්වයෝ නිරෝගී වෙත්වා.! සුවපත් වෙත්වා!" කියලා ඔබ අහලම නැද්ද? මකුණත්, අපි වගේම අනුන් මත ජීවත්වෙන්න වෙන්න වෙරදරන අහිංසක සත්ව කොටසක්. (නි)
බලන්න හිටපු රෝහල් ඇමතිලා අද කොතැනද ඉන්නේ කියලා. කොයි තරම් මුදල් අය වැය වලින් වෙන් කරලා ඇද්ද .තව කොයි තරම් මේවගේ රෝහල් රටේ ඇද්ද ? පාලකයන් වැඩි වෙලා ඇත පාලනය එකතැන පල් වී ඇත .(හේ)
චතුරි ගොඩක් දේවල් ගැන දන්නවා වගේ (නි)
මේ වගේ සුළු ගැටළුවකටත් විසඳුම් නැතිකොට අනෙක් දේවල් ගැන මොන කතාද? (නි)
වර්තමාන ඇමතිතුමා ඉතා කැපවීමෙන් වැඩ කරනවා කියලයි අපිට පෙනෙන්නේ. (නි)
මේ රෝහලේ වගකිවයුතු නිලධාරීන් මොකද කරන්නේ? (නි)
සිංහලයා කියන්නේ කම්මැලිම ජාතියක් වෙලා. මේවා අව්වට දාන්න කෙනෙක් නැද්ද? ඔය වැඩෙත් පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා පීත්ත පටියක් කපලා ඇමති කෙනෙක් අතින් වෙන්නද ඕනෑ? අපිරිසිදුවට ඉන්න හින්දනේ ඔය සත්තු බෝවෙන්නේ (නි)
මේ වගේ ප්‍රශ්න තිබෙන නිසා වෙන්න ඇති අපේ සෞඛ්‍ය ඇමතිතුමා සිංගප්පූරු රෝහලකට ගියේ (නි)
බලධාරින්ට මේවා පෙනෙන්නේ නැද්ද?(හේ)
සිංගප්පුරුවේ වගේ රෝහල් හදන්න කලින් මේ රෝහලකට එකට ඇවිත් යන්න. (හේ)
මකුණන් ඇතිවන්නේ අපිරිසිදුකම නිසා බව දන්නේ නැද්ද? (නි)
දේශපාලුවෝ හිතනවා ඇති "ඇයි මේ මිනිස්සු ආණ්ඩුවේ ඉස්පිරිතාල වල දහදුක් විඳින්නේ, මුන්ට පිස්සුද? ඇයි රජයේ වියදමෙන් සිංගප්පුරුවට හරි ඇමෙරිකාවට හරි යන්න බැරි" කියලා. (නි)
හා හා මේ සතුන්ව මරන්න එපා. ප්‍රවේශමෙන් ඒ සතුන් වෙනත් තැනකට ගෙනගොස් දමන්න. අමතක කරන්න එපා. ඒ සත්තුත් ජීවත්විය යුතුයි කියලා. (නි)
මකුණෙක් සිංගප්පුරුවේ ඉස්පිරිතාලයට ගියොත්? මගෙ අම්මෝ..! මොනවා වෙයිද? (නි)
දැන් වත් වැඩක් කරලා පෙන්නන්න මහින්දට බැන බැන ඉන්නේ නැතුව. (ර)
මකුණන්ට නිපදවූ බෙහෙතක් පාවිච්චි කළොත් නේද හොඳ? (නි)
තව තව වැඩකට නැති ඇමතිලා පත්කරගන්න. රටේ ප්‍රශ්න ඡන්දේ දෙන ජනතාවට තියන්න සදහටම. (ර)
මකුණු මර්ධනය කරන තෙක් සියලුම රෝගීන් සිංගප්පුරුවේ එළිසෙබෙත් රෝහලට යොමුකරන්න. (ර)
රජය බරපතල මුල්‍ය අර්බුදයක සිටින බැවින් බොහෝ ප්‍රතිපාදන කපා හැර ඇත. මේ නිසා බොහෝ ආයතන නඩත්තුව නතරවී ඇත. මේවායේ ප්‍රතිපලය රට සෙමින් සෙමින් කාබාසිනියා වෙමින් කසිකබල් වෙමින් අගාදයට යාමයි. මෙය දැනෙන්නට බොහෝ කල් ගතවෙනු ඇති. එයට හේතුව කාබාසිනියා වීම එක මොහොතින් වෙන දෙයක් නොව සෙමින් සිදුවෙන බැවින් සහ මිනිසුන්ටත් ප්‍රශ්න වැඩි වනවිට මේවා දෙස බලනවාට වඩා බඩ වියත රැකගන්නට අරගල කරන්නට සිදුවීමයි. වේගයෙන් දියුණුවට යමින් සිටි අප රට ප්‍රපාතයට යනු දකින්නට සිදුවීම මහත් වේදනාවකි. (බ)
මේකට බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ......