පැවරුණ රාජකාරිය අපක්ෂපාතීව, කිසිවෙකුට ගැති නොවී, නිර්භීතව, ඉතා වගකීමෙන් ඉටු කිරීම යන කරුණු පදනම්කොට ගනිමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සර්වෝදය ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය.
සර්වෝදය සභාපති හා එහි නිර්මාතෘ ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සර්වෝද භාර අරමුදල මගින් දහඅටවන වරටත් සංවිධානය කර තිබු මෙම සම්මාන ප්‍රදානෝත්සවය කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව සර්වෝදය මුලස්ථානය වන විශ්ව සමාධි ශාලාවේදී අද (31) පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර ඹස්සේ රටට කල මෙහෙවර අගයමින් දේවනායගම් ඊශ්වරන්,මහාචාර්‍ය චන්ද්‍රා ගුණවර්ධන,තුසිත මලලසේකර,මැණිකේ සුමනසේකර, යන මහත්ම මහත්මින්ද මෙහිදී සම්මානයට පාත්‍ර වුහ
කතානායක කරූ ජයසුරිය මහතා ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාට සමරු තිළිණයක්ද පිළිගැන්වීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්! (නි)
ඔබට දීර්ඝායු ලැබේවා ....(රේ)
ඔබට ජය ශ්‍රී! (නි)
වගකීමෙන්ම ඉටු කරලා තියනවා කියලා පේනවා මේ කැඳ හැලිය මාස2ක් යන්න ඉස්සර කොරල තියන හරිය දැක්කාම. කෝ අර මහින්දගේ හමුදා කුමන්ත්‍රනේට බැහැ කියපු ත්‍රිවිධ හමුදාපති වරු එහෙම විශ්‍රාම වයසටත් කලියෙන්ම ගෙදර යැව්වේ මොකද කියලා මට දන්න කෙනෙක් කියනවාද? උසස් වීමක් දීලා වීර පදක්කමක් දෙන්නේ නැතුව.....(රේ)
පිදියයුත්තන් පිදීම බොහොම උතුම් (නි)
ඔබතුමාට ඉදිරියට යාමට තවත් ශක්තිය ලැබේවා!(නි)
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිවරයකු වන මෙතුමා සරලය. චාම්ය. යටත් නිලධාරීන් සමඟ ඉතාමත් කුළුපගය. තීන්දු තීරණ ගැනීමේදී දක්වන විචක්ෂණභාවය ඉහළින්ම කැපීපෙනෙයි. රජයේ සේවයේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙතුමාගෙන් දත යුතු කරුණු කාරණා බොහොමයක් ඇත. චිරං ජයතු! (නි)
ඔබට හදපිරි සුබපැතුම්! (නි)
මාගේ සුබපැතුම්.! (ර)
මැකෝ රටට අභිමානයක් (නි)
ඔන්න නියම "කොන්ද පණ ඇති" ලාංකිකයෙක්...ඔයා අපේ රටට හොඳ අභිමානයක් (බ)
පරපුරේ අභිමානයයි (බ)
මෙන්න රාජ්‍ය නිලධාරින්.තම රාජකාරිය නියමාකාරව සිදු කළා.(හේ)
ඔබතුමාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
ජය වේවා.(හේ)