IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


මං හොඳ රංගන ශිල්පිනියක් වුණු දවසට මම හැමෝටම උදවු කරනවා

2016-10-18-ent-110

රංගන ශිල්පිනියක සහ නිරූපණ ශිල්පිනියක වන මධුගේ සිහිනය වන්නේ ලංකාවේ රසිකයන්ගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් වීමයි. ඇයගේ ඉදිරි කලා කටයුතු සහ මේ ක්ෂේත්‍රය පිළිබඳව ඇය දරන්නේ මෙවැනි අදහසකි. ඒ පිළිබඳව කතාබහ කිරීමට මධූ කුලතුංග ‘සාරවිට’ සමග එකතු වූ මොහොතකි මේ.

 

ඔයාගේ නම කිව්වොත්?

2016-10-18-ent-109මගේ නම මධූ කුලතුංග. යාළුවෝ ඒන්ජල් කියලත් කතා කරනවා.

 

මොකද කරන්නේ රැකියාවක් කරනවාද?

ඔව්, මං රැකියාවක් විදිහට රමනි ප්‍රනාන්දු සැලොන් එකේ තමයි කටයුතු කළේ. ඒත් මොඩ්ලින් කරන්න පටන් ගත්තට පස්සේ ඒකෙන් අයින් වුණා. දැන් නිරූපණය සහ රංගනය කරගෙන ඉන්නවා. Part time job එකක් විදිහට apex aura එකේ කටයුතු කරනවා.

 

නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේද?

මං නිරූපණයට එකතු වුණේ 2015 මුල් කාලේ. දැනට අවුරුදු දෙකකට කිට්ටුයි.

 

දැනට දායක වෙලා තියෙන වැඩ කටයුතු ගැන කිව්වොත්?

රෑම්ප් ෂෝ වගේම ෆෝටෝ ෂූට්ස්, මියුසික් වීඩියෝ තුනක් විතර කරලා තියෙනවා. චිත්‍රපට සඳහා දායක වෙලා තියෙනවා. ඒ අතර ඩීවීඩී දෙකක් කරලා තියෙනවා. වේදිකා නාට්‍ය දෙකකට දායකවෙලා තියෙනවා. වීඩීවි ෆිල්ම් දෙකෙත්, වේදිකා නාට්‍ය දෙකේත් ප්‍රධාන චරිත තමයි මං පණ පෙව්වේ. ඊට අමතරව ඉස්සරහට තව වැඩ ටිකකට ආරාධනා ලැබිලා තියෙනවා.

 

දායක වූ චිත්‍රපට මොනවාද කිව්වොත්?

නලින් මාපිටිගමගේ අයියාගේ ෆිල්ම් එකකත්, සෝමදාස දිසානායක සර්ගේ ෆිල්ම් එකෙත්, සුරේෂ් කුමාරසිංහ අයියාගේ ඩීවීඩී ෆිල්ම් දෙකකට තමයි දැනට දායක වෙලා තියෙන්නේ.

 

ඒ කියන්නේ දැන් වෘත්තීමය වශයෙන් නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක්?

ඔව්, එහෙම කියන්න පුළුවන්.

 

ක්ෂේත්‍රය පිළිබඳව පැහැදීමක් තියෙනවාද?

හ්ම්ම්... ඒ ගැන නම් කියන්න කනගාටුයි. දක්ෂකම් හැකියාවන්වලට ඉඩ ලැබෙන තරම හරිම අඩුයි. මේ ක්ෂේත්‍රයේ මං මේ කරලා තියෙන වැඩවලට අමතරව මට තව ගොඩක් වැඩවලට ආරාධනාවල් ලැබිලා තිබුණා. කියන්න කනගාටුයි, ඒ ගොඩක් වැඩවලට මූලික දේ වුණේ ලිංගික අල්ලස්. ඒනිසා ගොඩක් වැඩ මං අතහැරලා දැම්මා. විශේෂයෙන් චිත්‍රපටවලට. මං ගොඩක් ආස සිනමා නිළියක් විදිහට රසිකයන්ගේ සිත් දිනාගැනීමටයි. ඒත් ඒ ගමන යන්න හරිම අමාරුයි. මේ තියෙන බාධක එක්ක මොඩ්ලින්වල නම් ඔය දේවල් අඩුයි. කලාව කියන්නෙ පිරිසුදු දෙයක්. ඒත් දැන් තියෙන කලාව ගොඩක් අපිරිසුදුයි. ඒත් කවදා හරි මං හොඳ රංගන ශිල්පිනියක් වුණු දවසට මම හැමෝටම උදවු කරනවා. පිරිසුදු කලාව ඇතුළත ඉදිරිය හරිම පැහැදිලියි.

 

කලාව තුළ හැකියාවට වඩා ලිංගික අල්ලස් කියන දේ තුළ විශාල නිර්මාණ සඳහා දායක වෙන්න පුළුවන්කමක් තියෙනවාද?

වෙන්න පුළුවන්, මොකද ඒ නිර්මාණයට දායක වෙන කෙනත්,  ඒකට ආරාධනා කරන කෙනත් මත ඒක තීරණය වෙන්නේ.

 

රංගනයෙන් සම්මානයක් කරා යන්න හීනයක් නැද්ද?

අනිවාර්යයෙන්ම තියෙනවා. මං ගොඩක්ම කැමති සම්මානය තමයි රසිකයන්ගේ ආදරය. රසිකයන්ගේ ආදරය දිනාගන්න පුළුවන් කියන්නෙ මං සම්මානයක් කරා ළඟා වෙන්න සුදුසුයි කියන එක තමයි. ජීවිතේ ලොකුම හීනය හොඳ රංගන ශිල්පිනියක් වගේම හොඳ දක්ෂ නිරූපිකාවක් වෙන්නයි.

 

ඉදිරි බලපොරොත්තු මොනවාද කිව්වොත්?

ආරාධනා ලැබිලා තියෙන වැඩ වගයක් තියෙනවා. ඊට අමතරව ෆොටෝ ෂූට් ටිකක් තියෙනවා. හොඳ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරගෙන ඉන්න තමයි බලාපොරොත්තුව.

 

කවුරුහරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද ඔයාගේ ගමනට අතහිත දුන්න අයව?

අනිවාර්යයෙන්ම ඉන්නවා. පළමුවෙන් මම අදහන දෙවියන්, දෙවනුව මගේ ළඟින් ඉඳන් ගොඩක් වැඩවලට උදවු කරන තරිඳු ජයලත් මගේ හොඳම යාළුවා. ඩිලෝන් ජොන්සුන් සහ මගේ පළමු කලා නිර්මාණයට අත දුන් කපිල මැද්දේගොඩ අයියා. මගේ දෙවැනි සිනමා ගමනට අතදුන් දර්ශන රුවන් දිසානායක අයියා, ‘හීනයක ප්‍රේමයක්’ ගීතයේ රංගනයෙන් දායකවීමට ආරාධනා කළ රහල් අල්විස් අයියටද, ඩීවීඩී ෆිල්ම් එකට මාව සම්බන්ධ කරලා දුන්නු සහෙන් අයියා සහ එහි නිෂ්පාදක සුරේෂ් කුමාරසිංහ අයියද, Sri Lanka National Costume Designer වෙන අමිල උදය පෙරේරා අයියත්, හිරන්ත අයියත්, මොඩ්ලින්වලින් මුලුකුරු කියාදුන් රොසෑන් ඩයස් ලියනගේ මිස්, වේදිකා නාට්‍යවලින් මුලකුරු කියාදුන් පද්මසිරි සර්ත් මං ආදරයෙන් මතක් කරනවා. ස්තූති කරනවා එයාලා නිසා තමයි අද මම මෙතැන ඉන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-10-18-ent-117

2016-10-18-ent-116
2016-10-18-ent-115
2016-10-18-ent-114
2016-10-18-ent-113
2016-10-18-ent-112
2016-10-18-ent-111
2016-10-18-ent-108
2016-10-18-ent-107
 



අදහස් (0)

මං හොඳ රංගන ශිල්පිනියක් වුණු දවසට මම හැමෝටම උදවු කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site