සම්මානයක් ලැබීම ජීවිතයටම ආඩම්බරයකි. යමෙකු සම්මානනීය වන්නේ ඔහු හෝ ඇය රටට ජාතියට සහ ලෝකයට අනභිභවනීය සේවයක් සැලසීම හේතුවෙනි. සංගීත ක්‍ෂේත‍්‍රයට අමරණීය මෙහෙවරක් කළ ආචාර්ය වික්ටර් රත්නායකයනට ඉකුත්දා බංග්ලාදේශයෙන් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් ලැබුණේ ඔහු සිංහල සංගීතයට කළ අනගි මෙහෙවර හේතුවෙනි.
ජීවිත කාලයටම එක්වරක් පමණක් පිදෙන මේ සම්මානය අපේ ගාන්ධර්වයානන්ට පුදන ලද්දේ රජයට අනුබද්ධිත රූපවාහිනි නාලිකාවක්වන සිටිසෙල් චැනල් 9 මගිනි. මේ සම්මානය සුළුකොට තැකිය යුත්තක් නොවන බැවින් ඒ ගැන කතා කරන්නට අපි වික්ටර් රත්නායකයන් සොයා ඔහුගේ සංගීත අසපුව සොයා ගියෙමු.
අතුරුගිරියේ කඩුවෙල පාර දිගේ ඔරුවලත් පසුකරගෙන ගිය විට නිස් කලංක බිම් කඩක පිහිටි ඔහුගේ සුන්දර නිවෙස හමුවිය. තුරු ලතා මඩුල්ලක පිහිටි ඒ සංගීත අසපුවේ බිත්ති පුරා තිබුණේ අප ගාන්ධර්වයා වයන ගයන ඡායාරූප පෙළකි. තැනෙක ‘ස’ ප‍්‍රසංගයේ විශාල කරන ලද ඡායාරූපයක්ද විය. බිත්ති කබඞ් ගණනාවකම වූයේ ඔහුට යම් යම් අවස්ථාවල ලැබුණු විවිධ සම්මානය. ඒ අතර බංග්ලාදේශයෙන් ලැබුණු සම්මානයද විය.
‘‘මේ සම්මානෙ දුන්නෙ පසුගිය පෙබරවාරි මාසෙදී. මේ සම්මානය දෙන්න මට බංග්ලාදේශයට යන්න ආරාධනයකුත් ලැබුණා. ඒත් එතකොට මම මගේ දරු මුනුබුරන් එක්ක ඉර හඳ තරු ප‍්‍රසංගයට සූදානම් වෙමින් සිටියේ. ඒ නිසා මට බංග්ලාදේශයට යන්න බැරි වුණා. මං වෙනුවෙන් මගේ සම්මානය ලබාගත්තේ
ඒ රටේ ශ්‍රී ලංකා තානාපති. ඔහුයි ලංකාවට ආ විටෙක එම සම්මානය අපේ සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක මහතාට භාර දීලා තියෙන්නෙ. ඉතිං ඇමතිතුමා මට පහුගිය දවසක මේ සම්මානය ලබා දුන්නා’’
වික්ටර් රත්නායකයන් එසේ කියා ඒ සම්මානය අපට පෙන්නුවේය.
‘‘බංග්ලාදේශය ආසියානු කලාපයේ තිබෙන අනෙක් රටවලටත් මෙහෙම සම්මාන පුද කිරීම ගැන මම සතුටු වෙනවා. නමුත් මේ සම්මානය පුද්ගලිකව මට ලැබුණු එකක් විදිහට මං සලකන්නේ නැහැ. මේක ලංකාවෙ හැම කලාකරුවෙකුටම ලැබුණු සම්මානයක් විදිහටයි මට දැනෙන්නෙ.’’
ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයක් වූ මෙම සම්මානයට පෙර, ජීවිතයටම එක් වරක් පමණක් ලැබෙන තවත් සම්මාන කිහිපයක්ම වික්ටර්ට හමුවී තිබේ. සුමති ටෙලි සම්මාන උළෙලේදී සර්වෝදය සම්මාන උළෙලකදීත් කතෝලික සිනමා පර්ෂදයේ සම්මාන උළෙලකදීත් වශයෙනි.
‘‘මේ වගෙ සම්මානයක් ලැබෙන්නේ ඩබ්ලිව්.පී.ජී.පී ලට තමා’’ වික්ටර් රත්නායකයන් එසේ කියා සිනාසුනේය දන්නව නේද අද කාලෙ කොල්ලො ඩබ්ලිව්.පී.ජී.පී කියන්නෙ වළපයයි ගොඩපයයි තියෙන එකටනෙ’’
ඔහු හඬ නගා සිනාසුනේය. ඒ අපේ පිළිසඳරේ විඩාව නිවාලන්නට ඔහු කළ විහිළුවක් පමණි. එසේ නැතුව ලද සම්මානයට අවමානයක් කිරීමක් නම් නොවේ. ඒ කෙසේ වෙතත් වික්ටර් රත්නායකයන් ලද සියළු සම්මාන අතරේ වඩාත්ම වටිනාකමක් ඇත්තේ රසික සම්මානවල යැයි මම සිතමි.
එදා මෙදා තුර තවමත් වික්ටර් රත්නායකයනගේ ගීතයකට ලැබෙන ප‍්‍රතිචාරය අති විශිෂ්ඨය. ඊට හොඳම නිදසුන ඔහුගේ ‘ස’ ප‍්‍රසංගයයි. 1973 ජුලි 20 වැනිදා ඇරඹුණු ‘ස’ ඒක පුද්ගල ගී ප‍්‍රසංගයට එක් රොක් වූ රසික පිරිස පාලනය කරගත නොහැකිව ගියේය.
|
|
‘‘එදා ජනෙල් දොරවල් පවා කඩාගෙන රසිකයො ශාලාව ඇතුළට ආවා. පස්සේ ඊට පහුවෙනිදත් තව ප‍්‍රසංගයක් පවත්වනවා කියලා පොරොන්දුවක් දීලයි ඒ රසිකයෝ ටික මං ආපහු යැව්වේ’’
මමත් එදා හොරෙන් ඒ හෝල් එකට රිංග ගත්තු කෙනෙක් තමා.
අපේ ඇබා ඒ මොහොතේ කතාවට එකතු වූයේ සිනාසෙමිනි.
මේ ‘ස’ ප‍්‍රසංගය ලංකාවේ කොතැනක කවදා තිබ්බත් ඒ හැමදාමත් හවුස් ෆුල් වූයේ වික්ටර් රත්නායකයනට රසිකයන් හිඟ නැති බව පෙන්වාදෙමිනි.
ඇත්තටම මෙය මහා හපන්කමකි. ඒ හපන්කම ඔහු කරන්නේ කෙසේදැයි යන්න මට නම් ප‍්‍රශ්නයකි.
‘‘ඒකෙ රහස මේකයි. ඒ කාලෙ ලංකාවෙ තිබුණෙ එකම එක ගුවන් විදුලියයි. මේකෙන් සිංදුවක් කියන්න නම් ඒ ගායකයා අනිවාර්යයෙන්ම සරල ගී පරීක්ෂණයෙන් සමත්වෙන්න ඕනෙ. එතකොට විශිෂ්ට ශ්‍රේණිය ඒ ශ්‍රේණිය බී ශ්‍රේණිය කියලා වර්ගීකරණයක් කළා. මං විශිෂ්ඨ ශ්‍රේණියට සමත්වුණා. එතකොට මාස තුනකට වතාවක් පැය භාගෙක සරල ගී වැඩ සටහනක් ලැබෙනවා. හැබැයි මේ සරල ගී වලට කියන ගීත වල පදමාලා සති දෙකකට කලින් ගුවන් විදුලියට දෙන්න ඕනෙ. එතකොට ගුවන් විදුලියෙ ඉන්න විද්වතුන්ගෙ නිරීක්ෂණයට ලක්වෙනවා.
දන්නවද ඒ කාලෙ මේ ගී පදමාලා තේරුවෙ කව්ද කියලා. මහගම සේකර, මඩවල එස්.රත්නායක, විමල් අහයසුන්දර, එච්.එම්.ගුණසේකර, ඩෝල්ටන් අල්විස්. දයානන්ද ගුණවර්ධන වගේ අය මේ අයගෙන් නරක පදමාලාවක් අනුමත වෙන්නෙ නෑ. මේ නිසා සරල ගී කියලා ගැයුණු හැම ගීතයක්ම අති විශිෂ්ට නිර්මාණ බවට පත්වුණා’’
ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීතාවලිය සිහිපත් කරන විට මගේ මතකය සරසන්නේ ඔබෙ දෙතොල් පෙතිලිහී, දෙව්රම් වෙහෙරේ,
තනිතරුවේ වැනි ගී නිර්මාණය මේ ගී රචනා සියල්ලේ හිමිකරුවා පේ‍්‍රමකීර්ති ද අල්විස්ය.
ඇත්තෙන්ම වික්ටර් රත්නායක ගැයූ ගීත වැඩි හරියක පද රචකයා වූයේ ද ඔහුමය. එබැවින් වික්ටර්ගේ සාර්ථකත්වය පසුපස පේ‍්‍රමකීර්තිගේ සෙවනැල්ලද තිබේ.
‘‘කොහොමද වික්ටර් අයියාට පේ‍්‍රමකීර්ති මුණගැහුණේ?’’ අතීතය රසවත් වන බැවින් මම ඇසුවෙමි.
මම සිංදු කියන්න පටන්ගත්තේ 1964 අවුරුද්දේ ඒත් පේ‍්‍රමකීර්ති ගීත ලියන්න පටන්ගත්තෙ ඊට අවුරුදු හත අටකට විතර පස්සෙ. ඒ වෙනකොට කේ.ඞී.කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග වගේ අය මම ළඟින්ම ඇසුරු කළා. ඔය අතරේ පී.එල්.ඒ සෝමපාලත් හිටිය. මෙයා තමයි සන්ධ්‍යා සේවය බාරව සිටියේ.
‘‘වික්ටර් මට සන්ධ්‍යා සේවයට විතරක් පාවිච්චි කරන්න සිංදු හතරක් ඕනෙ’’ දවසක් දා සෝමපාල කිව්වා කාට කියලද මේ සිංදු ටික ලියාගන්නෙ කියලා. මං එතකොට ඇහුවා
‘‘අපි පොඩි මාස්ටර්ට කියමු’’ කියලා යෝජනා කළෙත් පී.එල්.ඒ.මයි. ඔන්න එතකොටම කොට කලිසමකුත් ඇඳගෙන තරුණයෙක් ඒ පැත්තට ආවා. ‘‘පොඩි මාස්ටර්’’ කියලා පී.එල්.ඒ. කතා කළාම පේ‍්‍රමකීර්ති එතෙන්ට ආවා.
‘‘අඳුනනවද මෙයාව’’ කියලා පී.එල්.ඒ. ඇහුවා.
‘‘මොකද නැතුව, පාලයියේ මේ අපේ වික්ටර් රත්නායකනේ’’
ඊට පස්සෙ පී.එල්.ඒ කාරණාව කිව්වම පේ‍්‍රමකීර්ති සිංදු ලියල දෙන්න කැමති වුණා. මගෙ සරල ගී වැඩ සටහනකුත් තියෙනවා. ඒකටත් බොදු ගීයක් ලියාගන්න ඕනෙ කියලා මට කිව්වා. දෙව්රම් වෙහෙරේ පේ‍්‍රම් ලියපු මගෙ පළමුවැනි ගීතය බවට පත්වුනේ ඒ විදිහටයි.
මුතු වරුසාවට තෙමිලා, හිරු පායන පාන්දරින් වැනි ගීත පසුව පේ‍්‍රමකීර්ති වික්ටර්ට ලියාදුන්නේය. ඒ සන්ධ්‍යා සේවය වෙනුවෙනි.
|
|
තනිතරුවේ ගීතය පේ‍්‍රමකීර්ති වික්ටර්ට ලියාදුන් තවත් අපූරු ගීතයකි. මේ ගීතය පේ‍්‍රමකීර්තිට ලියැවුණේ අහම්බෙන් බව මා කොහේදී හෝ අසා තිබිණි. ඒ ප‍්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට මේ කදිම මොහොත නොවේදැයි මට සිතිණි. මම මේ ප‍්‍රශ්නය වික්ටර් රත්නායකයන් හමුවේ තබමි.
‘‘මගේ ‘ස’ ප‍්‍රසංගයක් තිබුණා ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක. ප‍්‍රසංගය ඉවරවෙලා මදුවිතකින් එහෙම සන්තර්පනය වෙලා මමත් ජෙනරාල් සුනිල් තෙන්නකෝනුත් කතාබහ කර කරා හිටියා. ඔය වෙලාවෙ ඇහුණ කවුරු හරි මහ හයියෙන් තනි තරුවේ කියල කෑ ගහනවා. මං කිව්වා කව්රු හරි කෑගහනව කියලා.
මෙතන විජිත කියලා මගෙ මිතුරෙක් හිටියා. මම කිව්වා විජිතට ගිහින් බලන්න කියලා. බලන්න ගිය මිනිහා මෙන්න ගිය ගමන්ම ආපහු ආවා. පෑනකුයි කඩදාසියකුයි දෙන්න විජිත කිව්වේ කලබලෙන්. කව්ද කෑ ගහන්නෙ කියලා මං ඇහුවා.
පේ‍්‍රමකීර්ති. එයා ගල් තලාවක නිදාගෙන අහස බලාගෙන කෑ ගහනවා. මට කොලේකුයි පෑනකුයි අරගෙන එන්නලූ.
ජෙනරාල්ගෙ අතින් කඩදාසියකුයි පෑනකුයි අරගෙන ගිය විජිතට, පේ‍්‍රම් කියලා තනි තරුවේ ඔබත් ඔතන ඔහොම ඉන්න. මමත් මෙහෙම මෙතන ඉන්නවා කියලා. එච්චරයි. සිංදුවෙ ඉතිරි ටික ලියවුනේ කොළඹ ආවට පස්සෙ මම මේ සිංදුව පටන්ගත්තෙත් තනිතරුවේ කියලා කෑගහලා. මං ඒ ටික ගත්තෙ එදා පේ‍්‍රමකීර්ති කෑ ගහපු තාලෙටමයි.’’
අතීතය මොනතරම් රසවත්ද? වික්ටර් රත්නායකගේ හැම ගීතයකටම එබඳු රස කතාවක්ද ශේෂවී තිබෙන්නට පුළුවන. එහෙත් ගීතයෙන් ගීතයට එබඳු රස මතකයන් සොයා යන්නට මේ කාලය නොවේ.
ඒ සඳහා හොඳම කාලය උදා වනු ඇත්තේ සැන්දෑවටය. නැත්නම් රාත‍්‍රියටය. මේ සැදෑවක අප ගාන්ධර්වයා නිදහස් සුවය විඳින්නේ ගේ අද්දර වත්ත කෙළවර වූ කල්පනා කුටිය තුළ විය යුතුය. පොල් අතු සෙවිලි කළ ඒ කල්පනා කුටිය තුළදී අතීත මතක රස පිරී බිඳෙන් බිඳ සිහිපත් වෙනවා ඇත.
ඇත්තෙන්ම අපට ඇත්තේ අතීතයක් පමණි. සිංහල ගීතයට අනාගතයක් නැත. ‘‘අද හොඳ සිංදුවක් කළොත් ඒක කිසිම එෆ්.එම්. නාලිකාවකින් ප‍්‍රචාරය වෙන්නෙ නෑ. පන්ච් එකක් නෑ කියනවා. අද නාලිකා හොයන්නෙ කොත්තු රොටී සංගීතය. නිතර දෙවේලේ දුන්නේ රසයක් නැති අර්ථයක් නැති සිංදු. ඒත් කිසිම කෙනෙක් සුපිරි තරු තරඟවලට ගිහින් ඔය පන්ච් එක තියෙන සිංදු කියනවද නෑ.... ටි‍්‍රප් එකක් ගිහින් ඔය සිංදු කියනවාද ඒත් නෑ... මේ ඔක්කොම නාලිකා වලින් හදාගත්තු බොරු. ඒ වික්ටර්ය.
කතාකරනවා නම් කතා කරන්නට තවත් බොහෝ දේ තිබේ. එහෙත් මේ සත්‍යයට කන් දෙන්නේ කව්ද? බීරි අලින්ට වීණා වයා ඇති ඵලය කුමක්ද? අපේ ගාන්ධර්වයා දශක හතරකට පෙර ගැයූ අරිසෙන් අහුබුදු ලියූ ගී පද පෙළක් අපට සිහිපත් කර දුන්නේ කනගාටුවෙනි.
පව් කළ දැයක ඉපදීමයි පවලොකුම
හෙළ දැය වුවමනා නෑ හෙලයාහටම
පරයන් රජකරනු දැක දැක හිසමතම
ඇහැ කන වහන් ඉඳුමයි අද හෙළ ලෝදහම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරිහාමි, හරිම දුක හිතෙනවා මෙහෙම අදහස් දැක්කහම. පෞද්ගලික ජීවිතයට නෙවෙයි, ඔහුගේ ගීත අගය කරන්න අකමැති නම් කැමති ගීතයක් අහන්න ඔයාට අවස්ථාව තියෙනවා. ආචාර්ය වික්ටර් රත්නායකයාණන්ට මාගේ ප්‍රණාමය...!!! (නි)
ඔබ තුමා පළමු ගීය කියන විට මා ඉපදී හෝ නැත. ඔබේ ස ප්‍රසංගය නැරබීමට මගේ හිරිමල් තරුණ වියෙදී (80 දසකයේ ) හැකියාවක් තිබුනේද නැත. එහෙත් ඔබේ ගීත මගේ ඉතාමත් ප්‍රියතම ගී වේ. කලා කරුවෙකු හෝ කළා කරුවක් හෝ නොවන ඔබා දිගා සිරි.(නදී)
මොහු ජාතියේ පිනට පහළවෙන දුර්ලභ ගනයේ කලාකරුවෙකි. ඔහුගේ මධුර හඬ දෙසවන් පිනවයි. ඔහුගේ ගායනා හා ගී තනු නිර්මාණ සිංහල සංගීතයට හා චිත්‍රපටයට කර ඇති මෙහෙය ඉතා ඉහලින් අගය කල යුතුවේ. පුද්ගලයෙකු ලෙසත් ඔහු තුල ඇති ඉහල ගුණාංග අගය කල යුතුවේ. මගේ ප්‍රණාමය! (ත)
"ශෝක සැනසුම් වේදනාවන්" (නි)
ඝෝෂාකාරී, අරුත්සුන් ගීත එෆ් එම් නාලිකා වලින් නිතර ඇසෙද්දී, ඔබේ එක ගීතයක් ඇති දවසම රස විඳින්න. ඒ තරම්ම ඔබගේ ගීත මිහිරියි...විඳින්න පුළුවන්. ඔබගේ තනු නිර්මාණ සහ සංගීතයද සංගීත ලෝකයට ලැබුණු මහඟු දායාදයක්. ඔබේ "ආදරයේ උල්පත වූ අම්මා" ගීතයට අකමැති කෙනෙක් ඇත්ද, ඔහු හෝ ඇය මවු කුසින් මෙලොවට බිහිඋනු කෙනෙක් නොවේ. ආචාර්ය වික්ටර් රත්නායකයාණෙනි, ඔබගේ මධුර හඬින්, මියුරු සංගීතයෙන් තව පරම්පරාවක් පෝෂණය කරන්නට හැකිවේවා...!!!! ඔබට දීර්ඝායු ලැබේවා....!!!!!! (අ)
කුමාරිහාමි රසය කියන දේ හඳුනන්නේ නැත්නම් කට වහගෙන හිටියොත් නරකද? ගාන්ධර්වයාණන්ට අපගේ ප්‍රණාමය..ඔබට දීර්ඝා යුෂ ..... (ස)
ඉතා හොදයි (නි)
දීප්ති, ඔබට දීප්තිමත් අනාගතයක්! (නි)
කිසිම තැනක මෙහෙණි කෙනෙක් මහන කෙනෙක්ගේ සම තත්වයේ හිටියාද? අදටත් මෙහෙණි සසුන මහන සසුනින් ගවු ගානක් දුර නේද? එහෙමනම් මෙතුමාට අපට වඩා දුර පේන බව නේද මෙයින් කියවෙන්නේ? ඉගනගන්න කෙනෙකුට නම් මෙතුමාගෙන් ඉගනගත හැකි බොහෝදේ තිබෙන බව පමණක් අවසන් වශයෙන් කියමි. සිප්පි කටු ඇහිඳීම පසෙක ලා මුතු මැණික් පමණක් එකතු කරගන්න. (නි)
වික්ටර් මාස්ටර්ගේ පින්තූර සේරම අඞනවා වගේ ඉන්නෙ නේද? ලස්සන එකක් දාන්නකො..... (ස)
දේශපාලනය පස්සේ නොයන ගරු කල යුතු හොද ගායන ශිල්පියෙක් ! (දී)
වික්ටර් රත්නායක නම් විශිෂ්ට සංගීතවේදියාණෙනි, ඔබට දිගාසිරි පතමු. ඔබේ වටිනාකම වඩාත් දැනෙන යුගයක් මේක. කුමාරිහාමි පුලුවන්නම් වික්ටර් මහත්මයාගේ පොඩි කුමරිහාමියේ ගීතය අහල බලන්න ඔය කුහක අදහස් අයින් කරලා. (ස)
වික්ටර් රත්නායක කියන්නේ ලංකාවට පහළ වුණ විශිෂ්ට සංගීතඥයෙක්. මෙතුමා සංගීතවත් කළ ගී අමරදේවගේ සිට ප්‍රෙඩී සිල්වා දක්වාම සැම ගායකයෙකුම පාහේ ගයා ඇත. චිරං ජයතු!! (නි)
වික්ටර් රත්නායකයන්ගේ මේ වදන් ගැන හිත යොමු කරන්න "නිතර දෙවේලේ දුන්නේ රසයක් නැති අර්ථයක් නැති සිංදු. ඒත් කිසිම කෙනෙක් සුපිරි තරු තරඟවලට ගිහින් ඔය පන්ච් එක තියෙන සිංදු කියනවද නෑ. ටි‍්‍රප් එකක් ගිහින් ඔය සිංදු කියනවාද ඒත් නෑ. මේ ඔක්කොම නාලිකා වලින් හදාගත්තු බොරු." කොතරම් ඇත්තද? (නදී)
මොහු ජාතියේ පිනට පහළවෙන දුර්ලභ ගනයේ කලාකරුවෙකි. ඔහුගේ මධුර හඬ දෙසවන් පිනවයි. ඔහුගේ ගායනා හා ගී තනු නිර්මාණ සිංහල සංගීතයට හා චිත්‍රපටයට කර ඇති මෙහෙය ඉතා ඉහලින් අගය කල යුතුවේ. පුද්ගලයෙකු ලෙසත් ඔහු තුල ඇති ඉහල ගුණාංග අගය කල යුතුවේ. මගේ ප්‍රණාමය! (ස)
ඔබ රටට ජාතියට අභිමානයකි. දීර්ගායු වේවා! (නදී)
මහා ගන්ධර්වයාණනි, ඔබ චිරාත් කාලයක් වැජඹේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා !! (ස)
සින්දුනම් රසවත් තමයි (අ)
තනි තරුවේ .....(ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා .(අ)
මම 'ස' ප්‍රසංගය දස වතාවක් නරඹා ඇති අතර එය තුල සදාකාලිකවම ජීවත් වෙමි.මක් නිසාද යත්,එක එතරම්ම මිහිරි සන්ද්‍යාවක් බැවිනි. ත්‍රිකුණාමලයේ මගේ පාසැල වූ ශාන්ත ජෝෂොප් විද්‍යාලයීය ශාලාවේ කොලු ගැටයකු වූ මා හට අදටත් ඔහුගේ ස්තෝත්‍ර යේ මුල් වදන් දෝංකාර දෙයි. 'සම්බුද්ධ සද්ධර්ම අනුහසින් ...' (දී)
"හදෙ සුසුමක් පතිත වීමෙන් බකිනි මල්පෙති පරනොවේවා" (ස)
වික්ටර් රත්නායකයන්ට මගේ ප්‍රණාමය. මෙතුමා අතින් නව ගීත ළඟදීම බිහිවේවායි ප්‍රර්ථනා කරනවා. (දී)
මම ගොඩක් කැමති ගායකයෙක් වික්ටර් රත්නායක මහතා. ඔහුගේ ගීතයට ඉතාමත් සාධාරණයක් ඉෂ්ට කරන කෙනෙක්.මගේ සුභ පැතුම්.තව තවත් සම්මාන දිනාගන්න. ඔහුගේ පෞද්ගලික ජීවිතය මට වැඩක් නැත. (නි)
ඔබතුමා ඔබෙගේ ගීත වගේම හැමදාමත් තරුණයි . එවගේම ප්‍රතාපවත්.ඔබට නිදුක් නිරෝගී සුවය සදාකල් ලැබේවා .අපි ඔබගේ ගීතවලින් මුළු ජීවිතයම රස විදිනවා.ඔබ හැම වැඩසටහනකදීම ඔබගේ කලන මිතුරන් සිහිකරනවා.එක උතුම් ගුණයක්.(දී)
වික්ටර් රත්නායකයාණෙනි, ඔබ වැනි විරල වියතුන් අප අතර ඇත්තේ අතලොස්සකි. ඔබට ආයු බොහෝ වේවා. තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන නොයන්න ඕබේ ගීත අප හදවත් තුලින්.... (නි)
මෙතුමා මම ඉතාම ළඟින් ඇසුරු කරන නිසා මම දන්නවා එතුමාගේත් අපි කාගේත් වගේ මනුස්සයන් වශයෙන් තිබෙන අඩුපාඩුකම් තිබෙන වග. මොකද අපි කවුරුවත් තවම රහත් ඵල ලබලා නැහැනේ. ඒ වුනාට මෙතුමාගේ සංගීත දැනුමට අහලකටවත් එන්න පුළුවන් කෙනෙක් තවම ලංකාවේ බිහිවෙලා නැහැ. ඒ වගේම ඒ වගේ ගායනය කරන්න පුළුවන් කිසිම කෙනක් ලංකාවේ තවම බිහිවෙලා නැහැ. ඔහුගේ ගායනය සහ සංගීතය සමකළ හැකි නම් ඒ ගුත්තිල පඬිවරයා පමණක් විය හැක.නමුත් එතුමා මේ සම්මානය මගේ දස්කමක් පමණක් නොවේ කීම තුලින්ම ඔහු කවුද කියා ලොවටම කියා ඇත. ඔබ කළ මෙහෙය අගයන මම ඔහුට සියක් ආයු පතමි! (නි)
කුමාරිහාමිගේ කතාව හරි. හුගක් මිනිසුන් ගත කරන්නේ දෙබිඩි ජිවිත .තමන්ගේ බිරියට වුණත් සමාජේ තමන්ට වඩා සැලකිල්ලක් පිළිගැනීමක් ලැබෙනවාට හුගක් මිනිසුන් ඊර්ෂ්‍යා කරනවා. නමුත් ලෝකෙට පෙන්වන්නේ වෙනත් මුහුණක්. ගායකයෙක් වශයෙන් අපි ඔහු අගය කල යුතුයි.
කුමරිහාමි ගැන දුකයි. පවුල් ප්‍රශ්න අපිට වැඩක් නැහැ. (නි)
සඟවාගනු මැන ඔබේ රුව සොඳුරියේ ගීතය වික්ටර්ගේ ආත්මීය ගීතය ලෙසයි මා දකින්නේ. එය ඔහුගේ සැබෑ ජීවිතයටත් ඉතා හොඳින් ගැලපේ. ඔහු පුරුෂාධිපත්‍ය හිස්මුදුනින් පිලිගත්තෙකි. ඔහු ඈ සඟරාවට වසර දහයකට පමණ පෙර කියා තිබු ප්‍රකාශයක් මට මතකයි. "විවාහය තුල කාන්තාව තමාගේ අයිතිවාසිකම් ගැන නොසිතා පවුල වෙනුවෙන් කැප විය යුතුයි. මගේ බිරිඳ ගෘහණියක් පමණයි." ඔහුගේ බිරිඳ වරක් ටැබ්ලොයිඩ් අතිරේකයකට කියාතිබුනේ "මම ගුවන්විදුලියේ බී ශේණියේ ගායිකාවක් ලෙස සමත් වුණා. එයා යන්න එපා කීවා. එයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා." බිරිඳගේ හා දියණියන්ගේ කලා හැකියාවන් බලෙන් යටපත් කළා මේ මිනිසා මොන සම්මාන ගත්තත් කාන්තාවක් ලෙස මට යහපත් මිනිසෙකු විදියට පිළිගත නොහැකියි. එසේම ඔහු ජෝතිපාලගේ සිට භාතිය සන්තුෂ් දක්වා ජනප්‍රිය සරල ගී ගායකයන්ට ප්‍රසිද්ධියේ නින්දා කරන අයුරුද මුළු රටම දැක ඇත. (ස)
තනි තරුවේ................ ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා. (ස)
1970 ගණන්වල කොළඹ නව රඟහලේ සහ ඕස්ට්‍රේලියාවේ අග නුවර 'ස' ප්‍රසංග දෙකක් සංවිධානය කළ අයෙක් වශයෙනුත් ඔබේ නොවෙනස් සංකල්පය ජාති ආලය වෙනුවෙන් ගෙනයන සටනට මගේ ආශීර්වාදය සමග සුභ පැතුම්! අපේ සිංහල සංස්කෘතිය පරදෙස්හි සංගීතයෙන් ආරක්ෂා කර ගැනීමට සටන් කරන වීරයාට ජාතියේම උපහාරය ලැබේවා! (නි)
මොහු තුල ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් නම් හුදු මුදලට හෝ තවත් ප්‍රතිලාභයකට තම නිර්මාණ පාවා නොදීමය. බොහෝ ජනප්‍රිය හා ප්‍රබුද්ධ ගායකයින් තම උසස් නිර්මාණ ඔවුන් විසින්ම විනාශ කරගනිද්දී, මොහු තම නිර්මාණ මුදලට හෝ තවත් ලාභයක් උදෙසා පාවා නොදුන්නේය. මොහු හැම විටම ප්‍රතිපත්ති ගරුක වීමද ඉහලින් අගය කල යුතුය. (නදී)
කුමාරිහාමිගේ ඇස් ඇරිලා........ (ස)
ඇලෙක්සැන්ඩර් බලසුරියට තිබුන වික්ටර්ගේ ප්‍රතාපවත් බව වැඩිවෙන විදියේ ෆොටෝ ටිකක් පල කරන්න. කොහොමත් අපි වික්ටර් ගැන අවුරුදු ගානක් මවාගෙන තියෙන ප්‍රතිරූපයවත් ගෞරවයවත් මේ ෆොටෝ නිසාවත් සමහර අයගේ අසාදාරන අදහස් නිසාවත් නැතිවෙන්නේ නැ.(නදී) වික්ටර්ගේ ගීත අහනවිට සියලුම බාහිර දේවල් අමතක කරන්න පුළුවන්. ඒ වගේම වික්ටර් සංගීතය සපයපු අනෙත් අයගේ ගීතත් හරිම රසවත්. මේ ලඟදි වික්ටර් 'සඳකඩ පහනක' ගීතයේ කොටසක් ගයන කල අපි දැක්ක. සුනිල් ට කරන අගව්රවයක් නෙමේ,.... වික්ටර්ට ඒ සින්දුව සුනිල් ටත් වැඩ හොඳින් ගයන කරන්න පුළුවන්. ඒ වගේම අමරදේව ගේ 'සසර වසන තුරු' ගීතය මුමුණපු හැටි ගැන 'සංහිද' වැඩසටහනේ කතා කලා, හරිම අස හිතෙනවා තව තව වික්ටර්ගේ කතාත් නිර්මාණත් රස විදින්න. වික්ටර් නිසා අපේ සිංහල සංගීත ශේස්ත්රයට සිදුවීඅති සේවය අපමණි. තවත් දශකයක් අපව පිනවන්න හා නිදුක් නිරෝගී බවට අපෙන් සුබ පැතුම්.
කුමාරිහාමිගේ මන්ද මානසික ප්‍රතිචාරය දැක්කම දුක හිතෙනවා, මම තරුණ කාලේ මෙතුමාගේ සින්දු වලට එතරම් කැමති නෑ නමුත් බුද්ධිය මොරද්දී තේරුම් ගියා ඒවා මොනතරම් රසවත්ද කියල
මිහිරි හඬක් සහ ගොරහැඩි කටක්! කුමාරිහාමිගේ අවසාන වැකිය හරියටම හරි. (ස)
"චිරං ජයතු" වෙන අයට සම්මාන ලැබුනම කියන්නේ නම් තමාගේ දක්ෂකමට කියලා. මෙතුමා ඒ අතින් මොන වචනද? (ස)
වාදන හඬින් පසුබිම තාලෙට නැඟුම.. හෙල සංගීත රසවත් කරමින් ගැයුම.. ඔබගේ ගීත දෙසවන රැව් දේ තවම.. වැඡඹේ මගේ ගායක තුමා සැමදාම.(නදී)
ගයන ගීත සියල්ලක්ම අර්ථ රසයෙන් සමන්විතයි (නි)
මෙතුමා කියන කතාව ඇත්තටම හරි. අදකාලේ එෆ් එම් නාලිකා වල යන සින්දු බල්ලෙකුටවත් අහන්න පුළුවන් ඒවාද? ඒ නාලිකා ඔක්කොම වගේ බොරු විකාර වලින් පිරිලා තියෙන්නේ. නිවේදිකාව / නිවේදකයා පිස්සුවෙන් වගේ කියවනවා. සත පහක වත් වටිනාකමක් නැති ටකරන් සංගීතය තමයි වාදනය කරන්නේ. අපේ ප්‍රවීන ගායන ශිල්පීන්ගේ වගේම නව පරපුරේ ගායකයන්ගේ වත් හොඳ සින්දුවක් අහන්න ලැබෙන්නේ නැහැ අද ගුවන් විදුලියෙන්. ඔය පන්ච් එක තියෙන එක සින්දුවක් වත් අපේ මිනිසුන්ගේ හදවතේ රැඳිලා තියෙනවද? මතක තියෙන ඔක්කොම පරණ ඇත්තටම අර්ථයක් තියෙන සින්දු. පන්ච් එක තියෙන සින්දු ඔක්කොම ප්‍රයිවෙට් බස් වලට විතරයි! (නි)
අති ශ්‍රේෂ්ට කලාකරුවෙක්. අපගේ නිහතමානී ප්‍රණාමය ඔබට. (නි)
කුමාරිහාමි, රැකියාවකට යවන එක, නැති එක ඒ දෙන්නගේ පවුල් සංස්ථාවේ ප්‍රශ්නයක්. මමත් කර කර හිටපු රැකියාවෙන් අයින් උනේ සැමියාගේ අකමැත්ත නිසා. නමුත් වසර ගානක් ගිහින් අපි අදත් හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. (අ)
වික්ටර් රත්නයකයාණෙනි, හද පිරිමදින ඔබගේ මියුරු හඬින් අප දෙසවන් සනසාලන්නට ආයු බොහෝ වේවා!! ආයු බොහෝ වේවා.!! ආයු බොහෝ වේවා!! (නි)
නිරහංකාර ගාන්දර්වයාට මගේ ප්‍රණාමය.(නදී)