මේ වසරේ මුල් මාස 11 දී විදෙස් සංචාරකයින් පහලොස් ලක්ෂ අනූදහසකට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රීලංකා සංචාරක අධිකාරිය පවසයි.
පසුගිය වසර හා සැසඳීමේදී මෙය සියයට 18.1 ක වර්ධනයක් බව සංචාරක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ.
එම වාර්තාවට අනුව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය සහ ජර්මනියෙනි.
නොවැම්බර් මාසයේ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් හතර දහස් එකසිය හැත්තෑ හතර දෙනෙක් බවද එම වාර්තාවේ සඳහන්ය.ඔවුන්ගෙන් බහුතර ඉන්දියා ජාතිකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් රටවල්වල පුරවැසිභාව අරන් ඉන්න ලංකාවේ අය විදෙස් ගමන් බලපත් වලින් ලංකාවට ඇතුළුවෙනකොට ඒ අයත් විදේශිකයෝ විදිහට ගණන් ගන්න එකනේ වැඩේ. (කෞ)
මේ ළඟදි උදේ මම දැක්ක නැගෙනහිර යුරෝපීය සංචාරක යුවලක් බම්බලපිටියේ බේකරියකින් සීනි බනිස් උදේ ආහාරයට ගන්නවා. සංචාරක ඔලු ගෙඩි ගණන් කරලා විතරක් මදි. ඔවුන් ගෙනෙන මුදල පරීක්ෂා කරලා බැලිය යුතුයි (අ)
මමත් කරන්නේ සංචාරක ව්‍යාපාරය තමයි.නමුත් ගියවසරට සාපේක්ෂව මේ වසරේ සංචාරකයන් අඩුයි . හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා .මම හිතන්නේ ආණ්ඩුව රට ඉදල එන ශ්‍රී ලංකා අයත් සංචාරකයන් හැටියට ගණන් කරලා වගේ.නැතිනම් වැලේ වැල් නැති සංචාරකයන් ඇවිත් වෙන්නේ ඕනේ බස් එකෙන් ගිහිල්ල සයිවර් කඩෙන් කන අය? (අ)
ඉන්දියාවෙන් එන සමහර සංචාරකයින් කරන දේවලුත් අපි දන්නවනේ (නි)
නිවැරදි තක්සේරුවකට ඇවිල්ලා, 'මොන රටවල් වලට මොනවද ප්‍රචාරණය කරන්න ඕනෑ, වැදගත් වන්නේ මොන විදියේ සංචාරක සේවාද' කියලා හරියට සැළසුම් කරන්න (නි)