මේ වසරේ කිසිම මැතිවරණයක් නොපැවෙත්වන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
සීමා නිර්ණය කොමිසමේ වැඩ අවසන් නොවීම නිසා පළාත් පාලන ඡන්දයද ඒ අනුව නොපැවැත්වේ.
පළාත් පාලන ආයතන රැසක ආයු කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.
පළාත් පාලන ඡන්දය වහා පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය රජයට බල කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තය හීනෙන් බයවෙලා වගේ මට පෙනෙන්නේ.(කෞ)
ඔයාලා ආශාවෙන්ද ඉන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න සිමාව හදාගන්න කම්. (ර)
චන්ද වලට බය නිසා නොවේ හොදේ (ම)
දින 100 පොරොන්දු දැන් අමතකවෙලා වගේ (බ)
ඡන්ද සිතියම අකුලාගෙන වගේ... හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි මහින්ද භීතිකාව. (ර)
ඔය තියෙන ඡන්ද ඔක්කොම එකතු කරලා එකම දවසක තිබ්බනම් එක වියදමයි, රටේ මොනතරම් මුදල කන්දරාවක් ඉතුරු කරගන්න තිබුනද ? (ර)
ඡන්ද ඕනි නැහැ ඔහොම යන්. අපි බලාගන්නම් ඡන්දෙ තියපු දවසට. (ර)
ඡන්දය තිබුණොත් ආණ්ඩුව අන්ත පරාජයක් ලබනවා සිකුරුයි (නි)
මෙන්න යහපාලන සුපිරි ප්‍රජතන්ත්‍රවාදය. කුමක් හෝ බොරුවක් ඇදබා ඡන්ද කල් දමා මිනිසුන්ගේ ඡන්ද අයිතීන් පවා කොල්ලකෑම. දවස් 100න් තියනවා කී ඡන්දෙට අවුරුද්දක් ගතවෙලා. ඉදිරි කල්ක්‍රියාව ගැන කවර කතාද? වෙනසක් ඉල්ලු අලුත් ෆේස්බුක් පරම්පරාවට යහපාලන සැබෑ කල්ක්‍රියාව ඉදිරියට පෙනේවි. (නි)
අපි දන්නවා ඡන්ද තිබ්බොතින් වෙන දේ. (ර)
සම්පත් ඔයා කිවා වගේ ඒක තමා ඇත්ත. (ර)
ඡන්දෙ තියන්න තිබුන දවසේ නොතියා කල් දාන්න දාන්න ලැබෙන ඡන්ද ටික වේගයෙන් අඩු වෙනවා. හේතුව කිසිම ආර්ථික වැඩපිළිවෙලක් නොමැතිකම නිසා රට පල්ලම් බහිනවා. මෙහෙම යනකොට තව අභ්‍යන්තර ගැටුම් වැඩිවෙනවා. අන්තිමට නහයෙන් උඩටම ගිලිලා බව දැනෙනකොට බලය රැකගන්නට තර්ජන මර්ධන තෝරාගෙන පරාජිතව ගෙදර යනවා. මේ තමයි ලංකාවේ දේශපාලන ස්වභාවය. බලයේ සිටිනවිට නහයෙන් උඩට ගිලෙනතුරු මෙය පෙනෙන්නේම නැත. ඒ බලයෙන් මත්වීම නිසා. (ර)