බොඳ මීදුම් ටෙලි මාලාවේ සදාදරණීය පෙම්වතිය වූ ඇය, ඊළඟට සිහින පියාපත් නාට්‍යයේ අව්‍යාජ පෙම්වතියක වූවාය. ඒ රංගනය පේ‍්‍රක්ෂකයන්ට වඩාත් සමීප කරවීමට උදාරි වර්ණකුලසූරිය නමැති මේ සොඳුරු ශිල්පිනිය සමත් වූ බව නොරහසකි. ටෙලි තිරයේ පෙම්වතියගේ චරිතයට දුන් ජීවය නිසාම බොහෝ දෙනා අතර ආදරණීය චරිතයක් වූ ඒ උදාරි මේ දිනවල අපට හමුවන්නේ චන්ද්‍රරත්න මාපිටිගමගේ චිත‍්‍රපටය සමගිනි. ඒත් ඇය ලංකාවේ නැත. ඇය මේ දිනවල සිටින්නේ, සිංගප්පූරුවේය. ඇයගේ සැමියා ශල්‍ය වෛද්‍යවරයකු ලෙස එරටදී කටයුතු කරන අයෙකි. උදාරි එරටට ගොස් සිටින්නේ දරුවකු ප‍්‍රසූත කිරීමේ අපේක්ෂාවෙනි. උදාරි සිංගප්පූරුවේ ගතකරන ජීවිතය ගැන සඳැල්ලට කළ විශේෂ හෙළිදරව්වයි මේ. ආසියාවේ දොරටුව ලෙස හැඳින්වෙන සිංගප්පූරුවේ ඇති සුපිරි බව බොහෝ දෙනා දන්නා දෙයකි. ලෝකයේ විවිධ ජාතීන් නිරන්තරයෙන් දැක ගත හැකි සොඳුරු සංචාරක පාරාදීසයක් වූ එහි නේක විද සිරි නරඹමින් අපි වීදි පුරා සැරිසරමින් සිටියෙමු. ”ආ... කොහොමද? ඔයාලත් මෙහේද?” නැෂනල් යුනිවර්සිටි හොස්පිටල් හෙවත් (NUH) නමින් හැඳින්වෙන සුපිරි රෝහලට යන මාර්ගයේ දී හමු වූ උදාරි අපට ආමන්ත‍්‍රණය කළාය. කටහඬ නොවෙනස් වුවද ඇගේ සිරුර තරමක් මහත් වී තිබේ. මවක වීමට සූදානම් වන කාන්තාවකට එය ස්වභාවික දෙයකි. ඉතිං උදාරි කොහොමද? අපි ඇයගෙන් විමසීමු. ”අනේ.. ගොඩාක් හොඳයි අයියෙ... ජීවිතේ මල් යහනාවක් කියලයි මට හිතෙන්නෙ...” උදාරි කොඳුරන්නට වූවාය. හරියට ටෙලි නාට්‍යයක දෙබස් කණ්ඩයක් මෙන් ලයාන්විතව ඇය සියල්ල කොඳුරන්නට පටන් ගත්තාය. පුංචි තිරයේදී පෙම්වතිය ලෙස බොහෝ විට ඇයට නොයෙකුත් කරදරවලට මුහුණ පෑමට සිදුවුවද සැබෑ ජීවිතය ඇය ගෙවන්නේ කිරිල්ලියක මෙන් සැහැල්ලූවටය. සෙනෙහස සතුට පෙරදැරිවය. ඒ සියල්ල ඇයට සැදුවේ කවුද? ඒ වෙන කවරකුවත් නොව සැමියා සුජිත්ය. ඇත්තටම අයියෙ මට සුජිත් හමුවන්නට ඇත්තෙ පෙර පිනකට වෙන්න ඇති. පුදුම හොඳ සැමියෙක්. මම මෙහේට ආවේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා. ඒ කියන්නෙ අපේ රටට නිදහස ලැබුණ දවසෙයි. මම ආව එක ඔයාලට ගොඩක් නිදහස් ඇති නේද? උදාරිගේ විහිළුවලද අඩුවක් නැත. සැමියා ඇයට ගෙන දුන් සතුට සැබැවින්ම ඇය බුක්ති විඳින බව හැඟේ. ඉතින් ඉතින් කියන්නකො තවත් විස්තර අපි උදාරිට කීවෙමු. පෙබරවාරි මාසේ මෙහේ ආවට පස්සෙ මගේ උපන් දිනය වෙනුවෙන් සුජිත් මාව සති දෙකකට විතර යුරෝපයට එක්කගෙන ගියා. ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය වගේ රටවල අපි සැරිසැරුවා. එයා මාව පුදුම විදියට සතුටින් තියන්න උත්සාහ ගන්නා පුදුම සැමියෙක්. සැමියා ගැන ඇය කතා කරන්නේ පුදුම ආඩම්බරකමකිනි. සතුට වැඩි කමට නෙත් පුරා කඳුළු කැට පිරී තිබේ. වචන ගලපාගත නොහැකි තරමට මොහොතකට ඇය ගොළුවී සිටී. එතකොට පසුගිය කාලයේ ලංකාවට ආවෙම නැද්ද? අපි විමසීමු. ”පසුගිය අපේ‍්‍රල් මාසයේදී දවස් පහකට විතර ලංකාවට ආවා. ඇවිත් කෙලින්ම ගියේ හෝර්ටන් තැන්නට. ලංකාවේ මම ආසම කරන තැන එතැනයි. ඒ පළාතේ එක කඩයක් තියෙනවා. එතන හදන රොටී කන්න මම හරි ආසයි. එතකොට සිංගප්පූරුවෙ ඉඳලා එකපාරටම හෝර්ටන් තැන්නට ආවේ රොටි කාලා යන්නද? ඈ උදාරි? ”අයියෝ ඔයගොල්ලො විහිළු කරන්න එපා අනේ” සුපුරුදු සිනහව සමග ඇය එලෙස කීවාය. ඇයි සිංගප්පූරුවේ ඇවිද්දෙ නැද්ද? ගියා ගියා සැන්තෝෂ දුපතට, යුනිවර්සල් ස්ටුඩියෝ එකට, බර්ඞ් පාක් එකට, සූ එකට ඔය ඔක්කෝම වගේ තැන්වලට ගියා. හරි ෂෝක් අනේ... මොකක්ද? මෙහේ ගෙවන ජීවිතේ අයියො. පුදුම සැහැල්ලූවක් දැනෙන්නෙ. උදාරි ගෙවන ජීවිතයේ සැහැල්ලූව ඒ වචන වලින්ම ප‍්‍රකාශ වේ. සැහැල්ලූව ජීවිතයට දැනුන ද මව් බිමෙන් ඈත්ව ගෙවන ජීවිතය ඇයට විටෙක මහා පාළුවක් ගෙන දෙන බව කියන්නීය. ඇය එය වචනවලට ගොනු කළේ මෙලෙසිනි. ”සැමියා ළඟට වෙලා ඉන්න ලැබුණු එක ලොකුම ලොකු සතුටක් තමයි. ඒත් මව්බිමෙන් ඈත් වෙලා ඉන්න එක තරම් පාළුවක් ලෝකයේ තවත් නැතිව ඇති. මෙහේ ගෙවන්නෙ හරිම නිදහස් ජීවිතයක්. නිදහස උපරිමයෙන් දැනෙනවා. ඒත් මව්බිම මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා. අපේ‍්‍රල්වල ලංකාවට ආවේ දොස්තරලා එපා කියලා තිබියදියි. ගර්භනී මාතාවකට මාස හත වෙද්දි ගුවන් ගමන් සුදුසු නැහැ. ඒත් රට නොදැක ඉන්න බැරිකමට තමයි ආවේ. ගුවන්යානය ලංකා පොළව සිප ගනිද්දී ඇති වූ සතුට අප‍්‍රමාණයි. මගේ පරිසරයෙත්, මගේ යහළු යෙහෙළියන්ගෙන් ඈත්වෙලා ඉන්න වග දැනෙන කොට ඇඬෙන තරමට දුකක් වෙලාවකට ඇතිවෙන්නෙ. හෙට අනිද්දට සුජිත්ගෙ අම්මලාත් මෙහෙ ඒවි. අපේ අයත් ඒවි. මම වගේම මගේ සුජිත් වගේම පවුල්වල ඔක්කෝම බලා ඉන්නෙ දරුවා ලැබෙනකල්. ඒ සුන්දර සිහිනය තව ටික දිනකින් අපට ලැබේවි. සිංගප්පූරුවෙ සිට වඩාත් සුවපහසු ජීවිතයක් ගත කළත් විටෙක දැනෙන පාළුව උදාරි වචන වලට පෙරලූවේ එලෙසිනි. ඇය ඒ පාළුව බොහෝ විට තුනී කරගන්නෙ මෙහි සිටින යහළු යෙහෙළියන්ට ෆේස්බුක් අඩවිය හරහා අදහස් හුවමාරු කර ගනිමින් බවද ඇය සඳහන් කරයි. ”ශලනි තාරකා එක්ක නිතරම වගේ කතා කරනවා. සාරංගත් කතාකරනවා. අපේ රිපීටර්, (සිහින පියාපත්) අකිලත් කතා කරනවා. ඒ වගේම ලලිත් අයියා ඇතුළු හැමෝම නිතරම වගේ මගේ දුක සැප විමසනවා. ඇත්තටම අපි වැඩ කළේ සහෝදරයන් වගේ. ඒ බැඳීම අපි හැමෝටම තියෙන දෙයක්. ඒ අතරේ තවත් දෙයක් කියන්නම ඕනෙ. ඒ මොකක්ද උදාරි? මේ දිනවල තිරගත වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ අලූත්ම චිත‍්‍රපටය වන ”සිහිනය දිගේ එන්න” ප‍්‍රධාන චරිතයට තෝරා ගැනීම ගැන මගෙ හිතේ තියෙන්නෙ සතුටක්. ඒ චිත‍්‍රපටය හරිම වෙනස්. පවුලේ කවුරුත් නැරඹිය යුතුම චිත‍්‍රපටයක්. ලස්සන සහ ආදර්ශවත් කතාවක්. ඉතින් මම ලංකාවේ නැති එකේ ඔක්කෝම ගිහින් මං වෙනුවෙන් ඒ චිත‍්‍රපටය නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලට මාව සජීවීව දැනේවි. උදාරිගේ ඒ ආරාධනය ඔබට කියන්නට පොරොන්දු වෙමින් අපි ඇය සහ සැමියා සුජිත්ගෙන් සමුගන්නට සැරසෙන මොහොතේ ඇය කඳුළු පිරි දෙනෙතින් බලා සිටියාය. ඇයි මේ උදාරි? අපි විමසීමු. මේ රට කොච්චර නිදහස් වුණත් මගේ රටේ මිනිස්සු තරම් ලෙංගතු නැහැ. අපේ රටේ මිනිස්සු හිනාවෙන්නෙ ලෝබ නැතිවයි. මම මගේ රටේ මිනිස්සුන්ට හරිම ආදරෙයි අයියේ... මුදු වදනින් ඇය තෙපළන අතරේ අපි ඇයට සුබ පැතුවෙමු. ”අයියලාට සුබ ගමන් අපේ අයට කියන්න මම ඉක්මනට ලංකාවට එනවා කියලා. හැබැයි තනියම නෙවෙයි. මගේ ආදරණීය සුජිත් සහ පුංචි දු කුමාරිය එක්කයි. ඔව් උදාරි ඒ සියලූ ප‍්‍රාර්ථනා ඉටුවේවා... ඒ ප‍්‍රාර්ථනය සමග අපි ඇයගෙන් සමුගෙන නික්ම ගියෙමු.
සටහන/ඡායාරූප - සඳුන් ගමගෙ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කින් බානට් ... ඔයාගේ කතාව හරි
මම ඔයාට සුභ පතනවා... ඉක්මනට එන්න අලුත් අනාගතයක් එක්ක..
උදාරි ඔය ගොඩක් වාසනාවන්තයි හොද සැමියෙක් ලැබිල ඉන්න නිසා ,
ඉතිං ඔහෙටම වෙලා ඉන්නකෝ , ලමයවත් හොඳට හදාගෙන..
මේ රටේ මෙච්චර නිදන් හොරැ කෟතුක හොර ඉද්දි මේ වගේ දේවල් කීම වැරදී.. උදාරි මම ඔබට සුභ පතමි..!!
කළුපාට ගව්මට ඔයා ලස්සනයි...
මගේ සුභ පැතුම්..!!
ප්‍රදීප් ඔයා හරි.. කොහොමත් උදාරි කා එක්කත් කතා කරල ඉන්න රංගන ශිල්පිනියක්...
ඇය අතින් වැරදක් සිදුවුණා එය නැවත නැවත මතක් කරන්න ඕන නැහැ.... දැන් ඇය අම්ම කෙකනක් වෙන්න යන්නෙ...ඇය අසරණ දක්ෂ නිළියක්.. ඔබට දෙවි පිහිටයි...
ඇදුම් එහෙම තෝරද්දි පරිස්සමින්, හොදද නංගී
සිංගප්පූරු සාප්පු සවාරි යන්නේ බලාගෙන හොදේ
සුභ පැතුම් අක්කී..
ජීවිතෙ මෙතෙක් සිසිම වරදක් නොකල කෙනෙක් උදාරිට පළමු ගල විසිකරනවානම් හොදයි..
වරදක් උනා කියල ඒ ගැන කතා කරන අය ලංකාවෙ වැඩි.. ඒ වගේම හිතන්න අපේ ජීවිතේ වටිනාම සමපතක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙලාවෙ සතුටින් ඉන්න මගෙ සුභ පැතුම්..!!
වරදක් උනාම ඒ ගැන ඕනවට වඩා කතාකරන අය ලංකාවෙ වැඩි ඒ ගැන නොවෙයි ජීවිතයටත් ලැබෙන වටිනාම වස්තුව දරැ සම්පතයි. ඔයා දැන් ඒගැන සිතල සතුටින් ඉන්න...මග් උණුසුම් සුභපැතුම්...!!
සිංගප්පුරුවේ පරිසම්මෙන් සාප්පු සවාරියේ යන්න හොඳේ !
ඔයාට සුභ පතනවා...
ඔයාට වාසනාවන්ත දරු උපතක්...
ඔබට සුබ අනාගතයක් .සුබ පැතුම්
උදාරිට මගේ සුභ පැතුම්.. ලස්සන දුවෙක් ගෙනවට.. සුභ අනාගතයක්.. දෙවි පිහිටයි....
අනුන්ට හොරුයි කියන මිනිස්සුම තමයි පල් හොරු
උදාරි පුළුවන් නම් සල්ලි ටිකක් වියදම් කරලා අසරණ කෙනෙකුට හරි අනාථ නිවාසයකට හරි දැනෙන්න යමක් කළොත් සිංගප්පුරැව තියා මුහුද වත් දැකල නැති අපේ රටේ පොඩි ළමයි ගොඩක් ඉන්නාව.. පුළුවං නම් ඒ අය ටිකක් එකතුකරගෙන මුහුද පෙන්නන්න එක්ක යන්න.. ඔයාට ගොඩක් පිං සිද්ධවෙයි..
දැන් ඔයා වගේම අපිත් බලා ඉන්නේ චූටි බබා එනකල්.සුභ පැතුම්!
ආදරණීය ලංකාදීප, මෙයාල කව්ද කියල රටම දන්නවා..තව කලෙක මේ අය ආදර්ශයට ගන්නේ අපේ රටේ ඊලග පරම්පරාව..
ප්‍රදීප්ගෙ කතාවට මාත් එකගයි. අනිත් එක ඔය කියන කඩේ අයත් නිවැරදි කියල කියන්න පුළුවං කාටද? මොනවා උනත් ඇය මිත්‍රශීලී රංගනවේදිනියක් බව පේනවා..මමත් ඇගේ රංගනය අගය කරනවා.. එයට තෙරැවන් සරණයි. නිරෝගී දරැ උපතක්.. සහ සුභ අනාගතයකට ආසිරි
මහත්තයට ඔලුව තිබුන නිසා පවුල බේරුනා...
ඔයාට සුභ අනාගතයක්
මුකුත් ගල් කරන්න නම් එපා හොඳේ ?
ඔබගේ සියලු පැතුම් සඵල වේවා!
කින් බෙනට් කියන දේ හරි.
"සිහිනය දිගේ එන්න " 3D ෆිල්ම් එකක් ද ?
සමාව දෙන්න කියන හෙමෝම සමාව දෙන හැටි බලා ගන්න තිබ්බ එයාලගේ කඩේකින් ,ගදරින් ,රෙදි වේලකින් හරි මෙය රෙදි හොරකම් කලානම් . අනික සමාව දෙන්න මෙයා බබෙක්ද . පොඩි ලමෙයෙක් සෙල්ලම් බඩුවක් හොරකම් කරනම් ඔන්න අපහස නොකර ඉන්න තිබුන ...
සුභ පැතුම් දෙන්නටම.
මේවෙග් ඒවට උත්තර දෙන අපට ගහන්න ඕන...
ඔබට සුභම සුභ අනාගතයක් වේවා! සුභ පැතුම්!
මේ වගේ ඒවාට උත්තර දෙන අපිට ගහන්න ඕනේ
චන්න මල්ලිගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්!
ඔයාගේ කතාවට මම නම් එකග නෑ. ලංකාවේ තරම් ලෙංගතුව අපරාධ, වංචා සිදු කරන තවත් රටක් නම් මම දැකලා නෑ
ෂොපින් යන්නේ බලාගෙන හොදේ..
අපේ රටේ නම රැකගෙන පරිස්සමින් ඔය රටේ ඉන්න..
අපේ රටට දෙවියන්ගේම පිහිටයි
එහෙත් ෂොපින් කරනවද?
පරණ දේවල් අමතක කරන්න .බබත් එකක් සතුටෙන් ඉන්න දෙමු . අයින් කරලා දාන්න කැමතිනම් ඔයාලගේ ගල් , මුල් අදහස් ටික .
නගා,මම මිලාන් වල අයියා කෙනෙක්.මතකද දන්නේ නෑ.
සමාව දෙන්න කියන අය සමාව දෙන හැටි බලන්න තිබුණ එයාලගෙ ගෙදරින් මොනවා හරි අඩු උනානම්..
මමත් කියන්නේ ඒක තමයි...මෙහේ වගේ එහේ බෑ....
ඔයා ලස්සන, දක්ෂ රංගන ශිල්පිනියක්. ඔයා වගේම ලස්සන දූ පැටියෙකුත් අරන් ආයිත් ලංකාවට එන්න.අපි ආසයි නැවතත් ඔයාගේ රංගනයන් බලන්න
යුරෝපා ගිහින් ලංකාවේ නම්බුව ආරක්ෂා කරගෙන ඉන්න
එක ඇගිල්ලක් අනුන්ට දිගු කරන විට අනික් ඇගිලි තියෙන්නේ කොහාටද කියලා ඔය අදහස් දක්වලා තියෙන අය පොඩ්ඩක් බලන්න...
ඇගිල්ලක් ඉස්සරහට දික් කරද්ද තමන්ගේ පැත්තට ඇඟිලි කීයක් දික්වෙනවද කියලා හිතන්න....ඔබට ජය.... (අ)
සල්ලි නොතිබුනානම් බලන්න තිබුන සැමියාට ආදරේ කරන විදිහ
100% ඔබ සමගයි සහෝදරයා..
සිංගප්පූරු සාප්පුවල ලස්සන ගවුම් සල්ලි දිල ගන්න හොදේ .
සිංගප්පූරුවේ ඔඩෙල් එකටත් ගියාද ?????
මීට වඩා වැඩකට ඇති දෙයක් දැම්මනම් ඉවරයි
මෙයා පොඩි බබේක්නම් ඒ වැරදි කළේ සමව දෙන්න තිබුණා...
මෙයා හිතුවද දන්නේ නෑ සිංගප්පුරු ගියහමත් ලංකාවේ වගේ කට්ටිය පෝලිමේ ඇවිත් සැලුට් කරයි කියල .... ඒකනේ මේ ලෙන්ගතු නෑ කියන්නේ .......... ලෝකේ කොහෙවත් අඳුනන්නේ නැති කෙනෙක්ට තව කෙනෙක් පාරේදී හම්බුනා කියල ලෙන්ගතුවෙන්නේ නෑ ... අනික තමයි ලංකාවේ වගේ නෙමෙයි එහෙ මිනිස්සු හරි කාර්ය බහුලයි ...... ඒක හින්ද පිට රටකින් ආපු කෙනෙක් දිහා බලල හිනාවෙන්න තරම් අවශ්‍යතාවයක් එහෙ අයට නෑ ....අනික එහෙ මිනිස්සු ඔය ලංකාවේ මිනිස්සු වගේ දේශපාලකයෝ , නළු නිලියෝ ඔලුව උඩ තියාගෙන ඉන්නේ නෑ .ලෝකේ තියෙන ඔක්කොම රටවලින් ඔය රටට සංචාරකයෝ එන හැටියට ඒ හැම කෙනාටම ලෙන්ගතු වෙන්න ගියොත් සිංගප්පුරුවේ මිනිස්සුන්ට රස්සාවක් කරන්න වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ ....ඒකයි හේතුව ...... අනික තමයි ඔයාව අපිට සජීවීව දැනෙන්න හින්ද අපේ පවුලම හෙටම ගිහින් ඔයාගේ ඔය ච්ත්‍රපටිය බලන්නම් හොඳේ ... එහෙම බැලුවොත් ඔයාටත් අපිව සජීවීව දැනෙයිද?
නංගි ඔයා හොද කෙනෙක්.. ඔය ඔලුව අවුල්කරන්න එන අයගෙන් බේරෙන්න...
එහෙනම් ඉස්සර කිව් කතා බොරු නේ.........
ලංකාවේ වගේ කරන්න ගියොත් එහෙදි නම් කස පාර තමයි ඉතිං
ලංකාවෙ වගේ ඔහෙ රෙදි හොරකම් කරන්න එපා.. එහෙම උනොත් කස පාර තමයි කන්න වෙන්නෙ...
කළ වැරදි නිවරදිකරගන හොද මවක් වන්න .
මනුස්සෙයක් ඒක වරදක් කලාට හැමදාම අපහාස කරන්න නරකයි.හැමකෙනාම අතින් වැරදි වෙනවා... මිනිස්සු හැමදාම කතා කරන්න කැමති නරක ගැනමයි. ඒ වරද හදාගෙන නිවැරදි වෙන්න දෙක එකයි. මනුස්සකම.
අපේ රටේ මිනිස්සු ලෙන්ගතු උනාට අනුන්ගෙ රෙදි හොදන එක තමා නරක..
ඔයාට සුභ පැතුම් අක්කේ! අපේ රටේ ඉන්න ගොඩක් කට්ටිය ඔයාට වැරදි කියන්නේ හරියට එයාලා කිසි වැරැද්දක් නොකරන අය වගේ
ප්‍රදීප්ගෙ කතාවට මාත් එකගයි. අනිත් එක ඔය කියන කඩේ අයත් නිවැරදි කියල කියන්න පුළුවං කාටද? මොනවා උනත් ඇය මිත්‍රශීලී රංගනවේදිනියක් බව පේනවා..මමත් ඇගේ රංගනය අගය කරනවා.. එයට තෙරැවන් සරණයි. නිරෝගී දරැ උපතක්.. සහ සුභ අනාගතයකට ආසිරි..!!