පසුගිය රජය සමයේ වරැදි කළ පිරිස් තවමත් නිදැල්ලේ සිටින බව කියා රජයට චෝදනා එල්ල කළත් පොලිසියේ හා අධිකරණයේ ස්වාධිනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර නීතියට අනුකුලව වත්මන් රජය කටයුතු කරන බවත් පෙර රජය මෙන් නිතියට පිටින් දඬුවම් නොකරන බවත් එය රජයේ දුර්වලකමක් නොවන බවත් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මහනුවරදි පැවැසිය.
‘සුදු වෑන් වලින් උස්සාගෙන ගොස් පසුව ආයුධ පෙන්වන්නට යන අවස්ථාවේදී එම ආයුධයෙන් පෙරලා වෙඩි තැබිමට යාමේදි වෙඩි කා පුද්ගලයින් මියයැමේ සිදුවිම් දැන් වාර්තා නොවන බවත් එවැනි දේ වත්මන් රජයෙන් කිසිවිටකත් බලාපොරොත්තු නොවිය යුතු බවත් අමාත්‍ය වරයා එහිදි පැවැසිය.
හිටපු ජනාධිපති මහින්ද රාඡපක්ෂ මහතාට ලබා දි ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව සඳහා විධිමත් පුහුණුවක් ලැබු විශේෂ කාර්ය බළකා නිලධරයන් බවත් යුද හමුදා නිලධාරින්ට එවැනි පුහුණුවක් ලබා දි නොමැති බවත් ඇමැති කීවේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘මේ රජය නීතියට පිටින් දඬුවම් කරන්නේ නෑ‘
ලයනල් Wednesday, 11 May 2016 07:29 AM
ශ්‍රී ලංකාවේ අාමි එක කියන්නේ හොද පුහුණුවක් ලද පිරිසක් කියල මෙච්චර ඉක්මනට අමතක කරනවා නම් ඊළග පාර ඡන්දෙන් කොහොමත් පරිදින එක විශ්වාසයි ජාතික ලැයිස්තුවෙන් වත් එන්න නම් මෝඩකම ප්‍රදර්ශනය නොකිරීමට වග බලා ගන්න හොදයි.......(බ)
සේන Tuesday, 10 May 2016 11:11 AM
අපි කියන්නේ මේවා කල් ඇදෙනවා වැඩිය - පමාවෙලා යුක්තිය ඉස්ටවිම යුක්තිය ඉස්ට නොවීමට සමානයි. (ර)
අජිත් Tuesday, 10 May 2016 11:31 AM
එකම නාට්ටිය තමයි හැමදාම. නළුවෝ සැරින් සැරේ වෙනස් වෙනවා. (ර)
චන්දන Wednesday, 11 May 2016 02:37 AM
අනේ ඇමතිතුමා මොනවාද මේ කියන්නේ? ලංකාවේ දැන් නීතියත් නැහැ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ. අපි එය හොඳට දන්නවා. (නි)
සුමිත්‍රා බස්නායක Tuesday, 10 May 2016 12:07 PM
මම නම් හිතන්නේ එස්.බි. ඇමතිතුමා කතා නොකර ඉන්න තරමට හොදයි.(හේ)
විජේසුන්දර Wednesday, 11 May 2016 03:07 AM
අනේ මොකටද අපි මේවට උත්තර දීලා (නි)
ප්‍රනාන්දු Tuesday, 10 May 2016 12:45 PM
ප්‍රංශ අවසාන විප්ලවය හා සමාන විප්ලවයක් නුදුරේදී ශ්‍රී ලංකාවේ ඇති වුවොහොත් එය රටේ පැවැත්මට සුබ වනවා ඇත (හේ).
ගමගේ Wednesday, 11 May 2016 03:56 AM
අශ්වයා උගන්ඩාවට පැනගිය පසු ඉස්තාලය වහන්න හොදේ. (ම)
ඇසළ Tuesday, 10 May 2016 01:11 PM
ජනතාව ප්‍රතික්ෂේප කලාට පිනට ලැබුන මන්ත්‍රී කමයි ඇමති කමයි වහ ගන්න මොනවා හරි ඉන්න ටික දවසට කියන්න. නමුත් කිසිම හරයක් නැති බව තමයි අපිට පෙන්නේ. (හේ)
අනුර Tuesday, 10 May 2016 01:37 PM
එතකොට ඔබ තුමා එම කැබිනට් එකේ හිටියේ නැහැ කැසිනෝ නරක නැහැ නොවැ (බ)
නන්දන Tuesday, 10 May 2016 01:41 PM
සුදු වෑන් රජයේත් ඇමති පරාදවෙලා මේ රජයේත් ඇමති එදා එහෙම කරනකොට ඇයි කට වහගෙන හිටියේ (බ)
අසංග Tuesday, 10 May 2016 01:52 PM
බලමුකෝ එහෙම කරාවිද කියලා.(හේ)
සමන් Tuesday, 10 May 2016 02:52 PM
එතකොට ජන මතයට පිටින් පාර්ලිමේන්තු යන එක ගැන මොකද කියන්නේ (බ)
බන්දුල Wednesday, 11 May 2016 06:00 AM
එහෙට පනිනවා මොවුන්ට බනිනවා, මෙහෙට පනිනවා අනෙක් අයට බනිනවා. මේකනේ සම්ප්‍රදාය. (නි)
බමුණු ආරච්චි Tuesday, 10 May 2016 04:24 PM
මොනවා වුණත් අන්තිමේදී එයාලා බේරිලා (නි)
රොකී Wednesday, 11 May 2016 06:47 AM
නීතියට අනුකුලව වත් සමහරුන්ට දඬුවම් කරන බවක් පෙනෙන්නේ නැහැ! (බ)
සිරි Tuesday, 10 May 2016 08:18 PM
අනේ ඇත්තටම මේ වගේ කටක්? (නි)