පසුගිය රජය සමයේ වරැදි කළ පිරිස් තවමත් නිදැල්ලේ සිටින බව කියා රජයට චෝදනා එල්ල කළත් පොලිසියේ හා අධිකරණයේ ස්වාධිනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර නීතියට අනුකුලව වත්මන් රජය කටයුතු කරන බවත් පෙර රජය මෙන් නිතියට පිටින් දඬුවම් නොකරන බවත් එය රජයේ දුර්වලකමක් නොවන බවත් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මහනුවරදි පැවැසිය.
‘සුදු වෑන් වලින් උස්සාගෙන ගොස් පසුව ආයුධ පෙන්වන්නට යන අවස්ථාවේදී එම ආයුධයෙන් පෙරලා වෙඩි තැබිමට යාමේදි වෙඩි කා පුද්ගලයින් මියයැමේ සිදුවිම් දැන් වාර්තා නොවන බවත් එවැනි දේ වත්මන් රජයෙන් කිසිවිටකත් බලාපොරොත්තු නොවිය යුතු බවත් අමාත්‍ය වරයා එහිදි පැවැසිය.
හිටපු ජනාධිපති මහින්ද රාඡපක්ෂ මහතාට ලබා දි ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව සඳහා විධිමත් පුහුණුවක් ලැබු විශේෂ කාර්ය බළකා නිලධරයන් බවත් යුද හමුදා නිලධාරින්ට එවැනි පුහුණුවක් ලබා දි නොමැති බවත් ඇමැති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ අාමි එක කියන්නේ හොද පුහුණුවක් ලද පිරිසක් කියල මෙච්චර ඉක්මනට අමතක කරනවා නම් ඊළග පාර ඡන්දෙන් කොහොමත් පරිදින එක විශ්වාසයි ජාතික ලැයිස්තුවෙන් වත් එන්න නම් මෝඩකම ප්‍රදර්ශනය නොකිරීමට වග බලා ගන්න හොදයි.......(බ)
අපි කියන්නේ මේවා කල් ඇදෙනවා වැඩිය - පමාවෙලා යුක්තිය ඉස්ටවිම යුක්තිය ඉස්ට නොවීමට සමානයි. (ර)
එකම නාට්ටිය තමයි හැමදාම. නළුවෝ සැරින් සැරේ වෙනස් වෙනවා. (ර)
අනේ ඇමතිතුමා මොනවාද මේ කියන්නේ? ලංකාවේ දැන් නීතියත් නැහැ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ. අපි එය හොඳට දන්නවා. (නි)
මම නම් හිතන්නේ එස්.බි. ඇමතිතුමා කතා නොකර ඉන්න තරමට හොදයි.(හේ)
අනේ මොකටද අපි මේවට උත්තර දීලා (නි)
ප්‍රංශ අවසාන විප්ලවය හා සමාන විප්ලවයක් නුදුරේදී ශ්‍රී ලංකාවේ ඇති වුවොහොත් එය රටේ පැවැත්මට සුබ වනවා ඇත (හේ).
අශ්වයා උගන්ඩාවට පැනගිය පසු ඉස්තාලය වහන්න හොදේ. (ම)
ජනතාව ප්‍රතික්ෂේප කලාට පිනට ලැබුන මන්ත්‍රී කමයි ඇමති කමයි වහ ගන්න මොනවා හරි ඉන්න ටික දවසට කියන්න. නමුත් කිසිම හරයක් නැති බව තමයි අපිට පෙන්නේ. (හේ)
එතකොට ඔබ තුමා එම කැබිනට් එකේ හිටියේ නැහැ කැසිනෝ නරක නැහැ නොවැ (බ)
සුදු වෑන් රජයේත් ඇමති පරාදවෙලා මේ රජයේත් ඇමති එදා එහෙම කරනකොට ඇයි කට වහගෙන හිටියේ (බ)
බලමුකෝ එහෙම කරාවිද කියලා.(හේ)
එතකොට ජන මතයට පිටින් පාර්ලිමේන්තු යන එක ගැන මොකද කියන්නේ (බ)
එහෙට පනිනවා මොවුන්ට බනිනවා, මෙහෙට පනිනවා අනෙක් අයට බනිනවා. මේකනේ සම්ප්‍රදාය. (නි)
මොනවා වුණත් අන්තිමේදී එයාලා බේරිලා (නි)
නීතියට අනුකුලව වත් සමහරුන්ට දඬුවම් කරන බවක් පෙනෙන්නේ නැහැ! (බ)
අනේ ඇත්තටම මේ වගේ කටක්? (නි)