IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


මේ රැකියාව ස්ථිර එකක් නෙමෙයි

2016-10-19-ent-78

"සිරස" රූපවාහිනි නාළිකාව තුළ කලකට පෙර විකාශය වූ "සුජාතා" ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවූ ෂෙහානි කහඳවල සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙමු. මේ දිනවල අතිශය ජනප්‍රිය ගීත රූප රචනා කිහිපයකම දකින්නට ලැබෙන ෂෙහානි ඉදිරියේදී රූපවාහිනි රියලිටි තරගාවලියකටද එක්වීමට සූදානමින් සිටියි.

 

මේ දිනවල ඔබ රියලිටි තරගයකට සූදානම් වෙනවා කියලා ආරංචියි?

2016-10-19-ent-74ඔව්, දෙරණ රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන %ස්ටාර් සිටි^ දෙවැනි අදියරය සඳහා මම සූදානම් වෙනවා. මම තරග කරන්නේ ළහිරු පෙරේරාගේ නායකත්වයෙන් යුත් "ORIGINALS" කණ්ඩායමට. මාත් එක්ක ළහිරු අයියා, සනෝජා බිබිලේ අක්කා, කාවින්ද්‍යා අධිකාරි හා දසුන් නිශාන් කියන අය සහභාගි වෙනවා.

 

තරගාවලියේ ආරම්භය සිද්ධ වෙන්නේ?

ඔක්තෝබර් 29 වැනිදා. ඉතින් ඒ තරගාවලිය ඉලක්ක කරගෙන මේ දිනවල අපි පුහුණුවීම් කටයුතු කරනවා. මම සහභාගි වෙන පළමු රියලිටි තරගාවලිය නිසා මේක මට අලුත්ම අත්දැකීමක් වේවි කියලා මම හිතනවා. ඒ වගේම අපි සමග තරග කරන අනෙකුත් කණ්ඩායම්වලට හොඳ තරගයක් දෙන්නත් "ORIGINALS" කණ්ඩායමේ අපි බලාපොරොත්තු වෙනවා.

 

"සුජාතා" හා "ඇසිඩ්" ටෙලි නාට්‍යයවලින් පස්සේ අපි ෂෙහානිව දැක්කේ නැහැ?

මම කැමැතියි හොඳ නිර්මාණයක් හරහා මිනිස්සු අතරට යන්න. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබෙනතුරු බලාගෙන ඉන්නවා. "සුජාතා" හා "ඇසිඩ්" ටෙලි නාට්‍යයවල මා රඟපෑ චරිත ගැන අදටත් මිනිස්සු කතා කරනවා. මට අවශ්‍යය අන්න ඒ විදිහට මිනිස්සු මා ගැන කතා කරන චරිතයක රඟපාන්න. ඉතින් හොඳ නිර්මාණයක් හරහා ඉතා ඉක්මනින් මගේ රසික, රසිකාවියන් හමුවෙන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නවා.

 

ෂෙහානි ටෙලි නිර්මාණවලින් දැක්කේ නැතිවුණත්, ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් හරහා අපි නිතර දකිනවා?

ඔව්, හැබැයි ලොකුවටම ඒ පැත්තට මම දායකත්වය දෙන්නෙත් නැහැ. පසුගිය කාලේ පුංචි විවේකයක් ලැබුණා. ඒ හින්දා ඒ නිර්මාණවලට දායක වුණා. ඒවා තමයි මේ දිනවල විකාශය වෙන්නේ.

 

රංගනය කියන්නේ දැන් ඔබේ වෘත්තියද?

නැහැ. මේ රැකියාව ස්ථිර නැහැ කියලයි මට හිතෙන්නේ. අද මම මෙතැන ඉන්නවා. හෙට තව කෙනෙක් මගේ තැන ගනිවි. ඒ නිසා මේ රැකියාව ස්ථිර නැහැ.

 

ෂෙහානි ජනප්‍රියද?

මම ඒ ගැන නම් දන්නෙ නැහැ. මොකද, මම ජනප්‍රිය කියලා මට කියන්න බැහැනේ. ඒක තීරණය කරන්නේ මගේ රසික, රසිකාවියන්. බොහෝ දෙනෙක් මාව දැක්කොත් කතාබහ කරනවා. නමුත්, සමහර අවස්ථාවලදි මාව අඳුනගන්න අපහසු අයත් ඉන්නවා. ඉතින් ලැබෙන රසික ප්‍රතිචාර අනුව තමයි මම ජනප්‍රියද නැද්ද කියලා තීරණය වෙන්නේ.

 

කුඩා කාලෙ නම් ෂෙහානිගේ කැමැත්ත තිබුණේ වෙන දේකට?

ඔව්, මම කුඩා කාලේ ඉඳලා හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත්, ඒ හීනේ මට හැබෑකරගන්න බැරි වුණා. නමුත්, මම නිළියක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා වැඩ කරනවා. ඒ ගැන මම ගොඩක් තෘප්තිමත්. සමහර අවස්ථාවලදී මට හිතෙනවා ගුවන් සේවිකාවක් නොවී මේ වෘත්තියට යොමුවෙන්න ලැබීම වාසනාවක් කියලා.

 

ඔබ වගේම නවකයන් දිනෙන් දින මේ ක්ෂේත්‍රයට යොමුවෙනවා. එය ඔබට අභියෝගයක්ද?

ඔව්. මම කැමතියි අභියෝගවලට. ඒ නිසා අලුත් අයත් එක්ක මේ ක්ෂේත්‍රය තුළ තරගකරන්න මම කැමතියි. මම මුලින් සඳහන් කළා වගේ මේ රැකියාව ස්ථිර එකක් නෙවෙයි. හැමදාම අපිට රඟපාන්න බැහැ. කාලයක් තියෙනවා අපිට මේ ක්ෂේත්‍ර රැඳිලා ඉන්න.

 

2016-10-19-ent-77
2016-10-19-ent-76
2016-10-19-ent-75
2016-10-19-ent-73
2016-10-19-ent-72
2016-10-19-ent-71
2016-10-19-ent-70



අදහස් (0)

මේ රැකියාව ස්ථිර එකක් නෙමෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 312 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 661 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site