
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගේය පද රචකයෙකු හා මාධ්‍යවේදියකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය.
එච් ආර් ජෝතිපාලයන් වෙනුවෙන් ජනප්‍රිය ගීත රැසක් ඔහු රචනා කර ඇත.
'මේ නොනිමෙන දිවි ගමනේ', 'පුංචි දෝණි තරහා වෙලා', 'පියාණෙනි මා ඔබේ පුතු වේ', 'දහදුක් වින්දේ', 'පතනා දේ සුන් වේ නම්', 'විනෝදයෙන් ඉන්නේ' යන ගීතයන්හි රචකයා ඔහු වන අතර, 2017 වසරේ තිරගත වූ "සෙල්ලම් නැත්නම් ලෙල්ලම්" චිත්‍රපටය ඔහුගේ අධ්‍යක්ෂණයක් වන අතර, එහි තිර රචකයා වූයේ ද ඔහුය. එමෙන්ම ඔහු ඒ සඳහා රංගනයෙන් ද දායක විය.
තිස්ස ඩයස් මහතාගේ දේහය අතුරුගිරිය, වල්ගම පිහිටි අංක 380/3 ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කරනු ඇති අතර, අවසන් කටයුතු පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී අනිද්දා (5) සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි..