ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිටිය දී දෙපා පණ නැති වු තුල්හිත් කිෂාන් දරුවා(13) අද ඔත්පලව ඇඳක් මතට වී සිටියි. එසේ වුව ද ඔහු තම ඉගෙනීමේ ආශාව අතහැර නැත. සිය එකම සොයුරිය වූ අක්කාගෙන් පාඩම් වැඩ අසා ගන්නා තුල්හිත් අක්කාගෙන් ජපන් බස ද ඉගෙන ගත්තේය. දැන් අක්කාට ජපන් බස ගැන යම් යම් දේ කියා දීමට තරම් දක්ෂයෙකි. තුල්හිත් අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබිය යුතු වුව ද ඔහුට පාසල් යාමට හැකියාවක් නැත.
තුල්හිත්ගේ මව ශිරෝමි විජේරත්න මහත්මිය (43) හා පියා එච්.කේ.ප්‍රියන්ත ජයදේව (47) දෙදෙනාට ද ස්ථිර රැකියාවක් නැත. වරායේ සේවකයකු වු ජයදේව මහතා තුල්හිත්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නිවාඩු ගැනීමට සිදුවීම නිසා රැකියාව අහිමි වී ඇත.
ඉන්නට හරිහැටි නිවසක් හෝ නොමැති මේ යුවල තම දරුවන් දෙදෙනා සමග දිවිගෙවන්නේ ගාල්ලේ කලේගානේ කුලියට ගත් නිවෙසකය. කලේගානේ පාරම්පරික ලී කැටයම් පවුලකින් පැවත එන ජයදේව දැන් තමන්ට හැකි පමණින් ලී කැටයම් නිෂ්පාදනයේ යෙදී සිටිය ද ඉන් ලැබෙන ආදායම ඔවුන්ට ජීවත් වීමට හෝ ප‍්‍රමාණවත් නැත.
මවගේ ගිනුම් අංකය - ජී.එච්.ශිරෝමා එල්කාන්ති විජේරත්න 06133450864-101 සෙලාන් බැංකුව - ගාල්ල ශාඛාව








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සියලු දෙනාම හැකි අයුරින් උපකාර කරමු (නි)
දුරකතන අංකයක් දෙන්න බැරිද? (නි)
පව් ලස්සන ළමයෙක්. අපි පුළුවන් පුළුවන් විදියට උදව් කරමු (නදී)
ගිණුමේ නම කාරුණිකව දන්වන්න. (නි)
සුව කළ හැකිද? ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? (නි)
මේ දරුවාට තුණුරුවන්ගේම පිහිට ලැබේවා! (නි)
මේ ලිපිය බලන වෛද්‍ය වරයෙක් ඉන්නවනම් පුළුවන් උදව්වක් කරන්න මේ දරුවට මොකක්ද වෙලා තියෙන්නේ බලල! (දී)
උදව් කල හැක. සම්බන්ද කරදෙන්න (නදී)
මෙය කියවන කෙනා අඩුම ගානේ රුපියල් 100 ගානේවත් උදව් කරන්න (නදී)
අපි හැමෝම උදව් කර ඒ දරුවාගේ දෙමාපියන්ව දැනුවත් කරමු වෛද්‍යවරයෙක් වෙත දරුවාව රැගෙන යන්න. අනේ දෙවියනේ මේ ගහක් ගලක් මෙන් සිටි දරු පටියට මොකද උනේ. මෙහෙම උනේ ඇයි කියලා වෛද්‍යවරු කීවේ නැතිද .? අපිට හැකි අයුරින් උදව් කරමු. මගේ මුළු ගතම වෙව්ලාගෙන ගියා ඒ දරුපැටියගේ හැටි දැක්කාම. අපේ දරුවන්ට නිරෝගී සුවය සදා කල්හිම ලැබෙනවා අපි මේ දරුවාට උදව් කරන පිනෙන්. හිතවත් සොයුර සොයුරියනේ ඔබ හැමෝම යම් කිසි ආදරයක් කරන්න මාද මුදලක් ඔවුන් වෙත යවමි (නදී)
ලංකාදීපයට ගොඩාක් පින්. මට ඔවුන්ගේ දුරකථන අංකයක් ලබාදෙන්න කරුණා කරලා. (නදී)
ඔබලාට පුළුවන් හැටියට උදව් කරන්ඩ ඔබලා සියලු දෙනාටම දෙවි පිහිටයි (දී)
හැමෝම උදව් කරන්න මේ දරුවට (නදී)
පුලුවන් තරම් අපි උදවු කරමු (නි)
අපි උදවු කළ යුතුමයි (නි)
මේ දරුවන්ට උදව් කරන්න මිතුරනි (නදී)
මේ වාගේ ළමයින්ට අපි උදව් කළ යුතුයි (නදී)
හැමදෙනාම එක්වී උදවු කරමු (නි)