මං තීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ඇරඹූ 26 දා සිට මේ දක්වා පුද්ගලයන් 13095 දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය කියයි.
මං තීරු හරහා අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය, වාහන නැවැත්වීම තහනම් පුවරු සවිකර ඇති ස්ථානවල වාහන නතරකිරීම, වමෙන් වාහන නොපැදවීම යන කරුණු යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත.
අපරික්ෂාකාරී ලෙස මං තූරු හරහා රිය ධාවනය කළ පුද්ලයන් 7874 දෙනකුට, වාහන නැවැත්වීම තහනම් ස්ථානවල නවතා තැබූ පුද්ගලයන් 1936 දෙනකුට, වමෙන් ධාවනය නොකළ පුද්ගලයන් 3285 දෙනකුට මෙලෙස නඩු පවරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ජනතාවට දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (ස)
මම ලංකාවේ නිවාඩුවට යන මාසයේදී සැහෙන කල්පනාකාරිවයි කාර් එක එලවන්නේ. (ර)
දුම් සහතිකයට රුපියල් 5000, වාර්ෂික අදායම් බද්දට රුපියල් 5000, රක්ෂණයට රුපියල් 15000. දැන් ඉතින් වාහනය ගේ ඉස්සරහ ලස්සනට තියල පාරේ බස් එකේ කෝච්චියේ තමයි යන්න සිද්දවෙන්නේ. දැන්නම් යහපාලන අමාරුව හොදටම සනීපයි. (ස)
තිලක් ඩුබායි, බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න පුරුදු වෙන්න. (ර)
නීතියක් රීතියක් කියලා දෙයක් නැති රටේ, අසරණ මිනිසුන්ට බදු ගහනකොට, බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න පුරුදුවෙන්නලු? (නි)
බොහොම හොඳයි (නි)
දියුණු රටවල නම් ලිඛිත පරීක්ෂණයකින් පසුව තමයි රියදුරු බලපත්‍රය ලබා ගන්නට හැකිවෙන්නේ. මෙමඟින් සියලුම මාර්ග නීතිරීති ගැන රියදුරන්ට දැන ගැනීමට ලැබෙනවා. අපේ රටෙත් මෙවැනි දේ ක්‍රියාත්මක කළොත් ඉදිරි පරපුර හෝ මෙවැනි වැරදි කිරීමෙන් වැළකී සිටිවි නේද..? (නි)
මමත් රියදුරු බලපත්‍රය ලබාගන්නට පුහුණු ආයතනයකට ගියා. මාර්ගයේ නීතිරීති ගැන කිසිම දැනුමක් දුන්නේ නැහැ. හෙමින් හෙමින් එලවලා තාවකාලික බලපත ලබාගත්තා. සියලු පුහුණුවීම් කාලය පැය දෙකක් යන්න ඇති. ඉතින් මමත් රියදුරු මහත්මයෙක්. (නි)
කොහොමහරි රිය අනතුරු අවම කරමු. (ර)
ඇන්ටන්,මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ ලංකාවේ ලිඛිත පරීක්ෂණයකින් එකකින් පසුව රියදුරු බලපත නිකුත් කරන බවක්. දැනුවත් කිරීමට ස්තුති වන්ත වෙමි. (ස)
ඉනෝකා, ඔයා නොදන්නවා වුණාට ශ්‍රී ලංකාවෙත් රියදුරු බලපත්‍රය ලබා ගන්නට පෙර ලිඛිත පරීක්ෂණයක් තිබෙනවා. මෙතන වෙන්නේ රියදුරන් නීතිය නොසළකා හැරීමයි. (නි)
ඔය මංතීරු නීති, හෙල්මට් නීති නැගෙනහිර පළාතෙත් ක්‍රියාත්මකද? අපිට නම් ඒ බවක් පෙන්නේනේ නෑ... ඔක්කොම නීති රටේ පහළ කොටසට විතරක් බවයි අපිට පෙන්නේ..(ම)
මෙය මීට කලින් කළ යුතුව තිබුණ දෙයකි. (ම)
මේ ක්‍රමය හොදයි.(හේ)