අද උදේ 6.00 සිට සවස 4.00 දක්වා කොළඹ නගරයේ මාර්ග කිහිපයක හා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 725කට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
අද සිට ධාවන තීරුව අනුගමනය නොකරන රියදුරන්ට නඩු පවරන බව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මාර්ග තදබදය අඩු කිරිමට මේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ වැඩක්. විනයක් නැති රියදුරන්ට හොඳට දඩ ගහන්න ඕනා. විශේෂයෙන්ම මෝටර් සයිකල් රියදුරන්ට සහ ත්‍රි වීලර් රථ රියදුරන්ට. එහෙම නැතිව මේ අයව හදන්න බැහැ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන චන්ඩි රියදුරන්ට දෙගුණයක් දඩ ගහන්න ඕනා.(රේ)
බොහොම හොඳියි . සමහරු යන්නේ හරක් වගේ . හයිබ්‍රිඩ් පදින අයට අවම වේග සීමාවක් දුන්නනම් තවත් හොඳයි.(රේ)
ඉතා හොඳ වැඩ පිළිවෙලක්.මාර්ග නීති අනුගමනය නොකරන සියලුම රියදුරන්ට දඩ ගැසීම අනිවාර්ය කලයුතු වේ. (රේ)
මීට වැඩිය කළයුතු දේවල් අපමණයි. අනික මේකට අහුවෙන්නෙත් සාමාන්‍ය මිනිසුන්. මාර්ග නීති ප්‍රසිද්ධියේ කඩන ලොකු ලොකු අයට මේවා බලපාන්නේ නැහැ. (නි)
හරිම අගෙයි. මේක ඉක්මනින් මහනුවරටත් කරන්න ඕනෑ. චාරයක් නැති රියදුරන් දැන් නුවරත් වැහිවැහැලා. (නි)
මේක නම් හොඳ වැඩක් (නි)
හරිම අගෙයි කියන අයට තේරෙන්නේ නැහැ, මෙවැනි නීතියට හසුවෙන්නෙත් තමන් වගේ අසරණයන් කියලා. (නි)
හොඳ වැඩක්. රෑට වෙන වාහනයක් ඉස්සරහට එද්දී 'හෙඩ් ලයිට්' ඩිම් කරන්නේ නැතුව යන වාහන වලටත් දඩ ගහන්න ඕනෑ. (නි)
විනයක් නැති රියදුරන් මට්ටුකරන්න හොඳම වැඩක්. (නි)
හොඳ වැඩක්. (ර)
මුලික හේතුව විනයක් නැතිකම. දියුණු රටවල මිනිස්සු මාර්ග නීති පිළිපදින්නේ ගොඩක් දුරට විනය නිසා. එවැනි මිනිසුන් නැති රටවලට තද නීති අවශ්‍ය වේ. (නි)
ඔය ලොකු ලොකු අදහස් දාලා තියන කට්ටිය බස්,කෝච්චි වල යන අය වෙන්න ඇති. ලොකු ලොකු වාහන වල යන අය අඩුමගානේ තනි ඉර කැපුවත් දඩ නැහැ. පොලීසිය ඒ පැත්ත බලෙන්නෙත් නැහැ. පොඩි වාහන පදින අපිට තමා ඔය නීති ඔක්කොම. පොලීසිය ලොකු වාහන නැවැත්තුවහම වාහනේ ළඟට ඇවිල්ලා ලයිසන් බලනවා. ලොරි,බයිසිකල් , ත්‍රීරෝද නැවැත්තුවහම අපි බැහැලා පොලීසිය ළඟට ලයිසන් අරගෙන යනවා. නීතිය හොඳයි සැමටම එක නම්. (නි)
දැන්නම් හොඳටම සනීපයි. මේක කරගන්න නේද දැඟලුවේ. (ස)
ලකී, ඔබ කියන්නේ මාර්ග නීති ක්‍රියාත්මක නොකර ඉන්න කියලද? නීතියක් නැතුව ඉඳලා නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒකට හැඩගැහෙන්න අමාරුයි වගේ. මේක මෙච්චරකල් නොකළ එකයි වැරැද්ද. ඔයත් පාරේ යන එන කෙනෙක් නම් ඇස් ඇරලා බලන්න වාහන පාරේ යන විදිය. අනිවාර්යෙන් මොන ආණ්ඩුව තිබුණත් නීති ක්‍රියාත්මක කළයුතුමයි. (නි)
ලකී, ඇයි මේක නරක වැඩක්ද? මෙහෙමත් මෝඩ මිනිස්සු...! ඒකටත් දේශපාලනය ගාවාගන්නවා... (නි)
මුළු රටේම මෙය ක්‍රියාත්මක කරන්න (නි)
ලකී, නීතිය ක්‍රියාත්මකවෙන එකද ගැටලුව? (නි)
පළමු දවසේ නිසා අවවාද කරලා යවන්න තිබුනනේ (නි)
ඔය නීතිය වලංගුත් සිවිල් ජනතාවට විතරයි නේද? ඕකත් අනිත් ඒවා වගේම මැති ඇමතිවරුන්ට වලංගු නැහැ නේද? මේ අසිරිමත් ලංකාවේ අපේ නීතිගරුක පොලිසිය මාර්ගනීතී කඩකළා කියලා ගිලන් රථයකට දඩ ගැහුවත් ඇමති වාහනයකට නම් නඩු දාන්නෙම නැතිවෙයි (නි)
ලකී ඇයි මේකෙ මොනවාහරි වැරැද්දක් තිබෙනවද? මංතීරුවක් අනුගමනය කරන්නේ නැතුව රිය පදවන එක නිසා අනික් අයගෙත් කොච්චර වෙලාව නාස්ති වෙනවද? මේක නම් හොඳම දෙයක් (නි)
ඇති යාන්තම්! ප්‍රමාදවෙලා හරි මේ වැඩේ ක්‍රියාත්මක වුණා. (නි)
ඔහොම යමු. (නි)
බොහොම හොඳයි (නි)
මේක තරාතිරම නොබලා කරන්න ඕනෑ දෙයක් (නි)
දඩ ගහලා හරි, නඩු දාලා හරි ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය හදන්න ඕනෑ. සමහරු වාහනය අතට ගත්තහම සත්තු වගේ පාරේ යන්නේ. (නි)
අපිට දැන් වෙලා තියෙන්නේ රුපියල් 5000 ක් දුම් පරීක්ෂණයට වෙන්කරලා, ආදායම් බලපත්‍රයට තවත් රුපියල් 5000 ක් වියදම් කරලා, තවත් රුපියල් 15000 ක් විතර රක්ෂණයටත් වියදම් කරලා ලස්සනට ගේ ඉස්සරහා කාර් එක නවත්වලා තියන්න. කොහොමද යහපාලනයෙන් අපිට දැනෙන සනීපය? (නි)
මේක හොඳ තීරණයක්.(හේ)
මේකනම් හොදම තීරණයක් මොකද කලබල කාරයන්ට මේ දේ නිසා පහරක් වැදෙනවා.(හේ)
දැන් කොහොමද?.තව ටික දවසකින් පොඩි පාරකවත් යන්න වෙන්නේ නෑ.(හේ)
හරියට බලලා දඩ ගහන්න.(හේ)
හොඳ වැඩක්.(හේ)
හොද වැඩක්.ඒත් හරියට තරාතිරම නොබලා කාටත් එක සේ නීතිය ක්‍රියාත්මක කරන්න.(හේ)
මෙහෙම හරියට දඩ ගැහුවනම් අවුරුද්දට එක වාහනයකින් රු.5000ට වඩා බොහොම ලේසියෙන් හොයන්න පුලුවන්.(හේ)
ඉතා හොඳ දෙයක්. මාර්ගවල වාහන තදබදය වගේම විශාල වශයෙන් මාර්ගවල සිදුවන අනතුරු වලටත් මේක හේතුවක්. එකක් පිටුපස එකක් ලෙස වාහන මංතීරු අනුගමනය කරමින් ගමන් කරනවිට සිදුවන අනතුරු සහ ප්‍රමාදයක් අඩු කරගන්න පුළුවන්. මාර්ග සලකුණු, මංතීරු, පදික වේදිකා නිසිලෙස සකස්කර, පාරවල් වල තිබෙන මරඋගුල් වැනි වළවල් ඉවත් කිරීමටත් පියවරක් ගන්නවා නම් වැඩිය හොඳයි. (නි)
ලකී, මේක නම් ඇත්තටම හොඳ දෙයක්. මොකද, පාරේ ඇතිවන බොහොමයක් අනතුරු වලට සහ තදබදයට ත්‍රීරෝද සහ යතුරුපැදි අස්සෙන් රිංගායාම ලොකු පිටුවහලක් වෙලා තියෙන්නේ. (නි)
ඇත්තෙන්ම අගය කළයුතු වැඩක් (නි)
තව තව පොලිසි අරින්න ඕන එතකොට ආදායම සරුයි (අ)
තව තව පොලිසි අරින්න ඕන එතකොට ආදායම සරුයි (අ)
මෙය රටපුරාම ක්‍රියාත්මක කරන්න (නි)
මංතීරු නෙමෙයි මාර්ග නීති හැම එකක්ම කඩකරන හැමෝටම දැඩි දඩ ගසනවා නම් මාර්ග අනතුරු විශාල ප්‍රතිශතයකින් අඩුකර ගැනීමට හැකි වෙනවා පමණක් නොව රජයට අමතර අදායමක්ද ලැබේවි මාර්ගයන් නඩත්තුව සඳහා ප්‍රයෝජන ගැනීමට. ජර්මනිය වගේ රටවල්නම් මේ නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. (අ)