IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මා තනිවම සකස් කළ බව කියන වාර්තාවෙන් සෙස්සන් අපහසුතාවයට පත්වන්නේ කෙසේද ?

ශ්‍රී ලංකාවට ප‍්‍රදානය කෙරුනු සුනාමි පාපන්දු අරමුදල් වැය කිරීමේදී අක‍්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් එය සොයාබලා වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව විසින් මාගේ සභාපතිත්වයෙන් යුත් පස් සාමාජික විමර්ශන කමිටුවක් පත් කරන ලදී.

මෙසේ පත්කළ විමර්ශන කමිටුව දින කිහිපයක් රැුස්වී අදාළ චෝදනා ඉදිරිපත් කළ පාපන්දු සම්මේලනයේ වර්තමාන සභාපතිතුමා, මනිලාල් ප‍්‍රනාන්දු මහතා සහ ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා කැඳවා කරුණු විමසූ අතර අදාළ ගිවිසුම්, රෙගුලාසි, වාර්තා සියල්ල පරීක්ෂා කරන ලදී. ඉන්පසු මෙම විමර්ශන කටයුතු නතර කරන මෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමා ලිපියක් මගින් කමිටුවට දන්වන ලදී.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කටයුතු තුන්වන පාර්ශ්වයක බලපෑමකට යටත් නොවී ස්වාධීනව කළ යුතුවන අතර එසේ යටත් වුවහොත් සම්මේලනය තහනමකට පවා ලක්විය හැක. තත්ත්වය එසේ බැවින් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ලිඛිත උපදෙස් මා කාරුණිකව ප‍්‍රතික්ෂේප කොට සම්මේලනයේ විධායක සභාවේ තීරණයට අනුව දිගටම කටයුතු කිරීමට තීරණය කළෙමි.

එය එසේ වුවද අනෙකුත් කමිටු සාමාජිකයින් අතර රජයේ නිලධාරීන් වූ බැවින් මා එම කමිටුව කැඳවා මෙහි අවසාන වාර්තාව මා තනිවම සකස් කර ඉදිරිපත් කරන බවද, ඒ සඳහා ඔවුන්ගේ අත්සන් මා නොඉල්ලන බවද ප‍්‍රකාශ කරමින් මගේ තනි අත්සනින් යුත් වාර්තාව සාකච්ඡුාවට භාජනය කොට සත්‍යය කුමක්දැයි තීරණය කිරීමට එය විධායක සභාවට ඉදිරිපත් කළෙමි.

කරුණු එසේ බැවින් විමර්ශන කමිටුවේ සාමාජිකයින්හට එම වාර්තාව පිළිගැනීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට හෝ කිසිසේත්ම අවශ්‍ය නොවේ. එසේම ක‍්‍රීඩා අමාත්‍යවරයා ඔවුනට එම වාර්තාවට අත්සන් නොකළ යුතු යැයි කිසිම බලපෑමක් නොකළ බව මා ද ස්ථිර කරන අතර එම වාර්තාවට අත්සන් කරන ලෙස මා ද ඔවුනට කිසිම බලපෑමක් නොකළ බව ද සත්‍යයක් බැව් කමිටු සාමාජිකයින් සනාථ කරනු නිසැකය. එසේම මා වාර්තාව ඉදිරිපත් කළ පසු ක‍්‍රීඩා අමාත්‍යවරයා කමිටු සාමාජිකයින් කැඳවූ අවස්ථාවේ මා හට ආරාධනා නොකළ බවද එහිදී එතුමා විසින් ඔවුන්ට බලපෑමක් කළාද නොකළාද යන වග මා නොදන්නා බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
කරුණු එසේ බැවින් මා තනිවම සැකසූ බව ප‍්‍රකාශ කරමින් විධායක කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් සෙසු කමිටු සාමාජිකයින් අපහසුතාවයට පත්වන්නේ සහ ඔවුන්ගේ කීර්ති නාමයට හානි සිදුවන්නේ කෙසේද යන්න ඇත්තෙන්ම ප‍්‍රහේලිකාවකි.

මාගේ වාර්තාව ඉදිරියේ පැවැත්වන විධායක කමිටු රැුස්වීමේදී ගැඹුරින් සාකච්ඡුාවට භාජනය කරන අතර එම රැුස්වීමට එම කමිටු සාමාජිකයින් සිව්දෙනා අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව මාගේ අදහසයි. එවිට මාගේ වාර්තාවේ නිගමනයන්ට කොතෙක් දුරට ඔවුන් එකඟ වන්නේදැයි තීරණය කිරීමටද හැකිය.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් පී. වීරසේකර
සභාපති, විමර්ශන කමිටුව.



අදහස් (0)

මා තනිවම සකස් කළ බව කියන වාර්තාවෙන් සෙස්සන් අපහසුතාවයට පත්වන්නේ කෙසේද ?

සඳුනි Thursday, 11 July 2013 03:01 PM

මට පෙන්නේ ගොඩක් දෙනෙකුට ඕනවෙලා තියෙන්නේ දුෂිතයන්ව බේරාගෙන ප්‍රශ්නය යට ගහන්න.සරත් වීරසේකර මහත්තයට තියෙන කොදුඇට පේලිය වගේ කොන්දක් අනිත් අයට නැතුව ඇති.මටනම් හිතෙන්නේ ක්‍රීඩා ඇමති තුමාත් "හොරු සමග හෙළුවෙන්...." (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site