වෙළෙඳපොළින් ඉවත් කරගත යුතු කිරිපිටි වර්ග සහ ඒවායේ කාණ්ඩ අංක සෞඛ්‍ය අමාත්‍යංශය අද ප‍්‍රකාශයට පත් කළේය.
ඞී.සී.ඞී. නමැති විස රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී තිබෙන එම කිරිපිටි සහ ඒවායේ කාණ්ඩ අංක මෙසේය.
ෆොන්ටෙරා සමාගමට අයත් ඇන්කර් 1+ (කාණ්ඩ අංකය 107610163) සහ ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි (කාණ්ඩ අංකය 0605ක්088311 - 21)
මැලිබන් කිරි නිෂ්පාදන මැලිබන් යොදය රහිත කිරි (කාණ්ඩ අංකය 13074A1) සහ පී. එම්. මොහොමඞ් අලි සහ සමාගම ඩයමන්ඞ් කිරිපිටි කාණ්ඩ අංකය NWIFIPD - I
මෙම කාණ්ඩ අංකවලට අයත් කිරිපිටි තොග වහාම වෙළෙඳපළෙන් ඉවත් කරගන්නා ලෙස සමාගම්වලට දන්වා තිබෙන අතර ඒ පිළිබඳව සැළකිළිමත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට ඉස්සරත් විස සහිත කිරිපිටි අදුනා ගත්තා. එහෙත් ඒවා ප්‍රසිද්ධ කරන්න ඉස්සර බහු ජාතික සමාගම් ඒවා බේරගත්තා. ඒත් මේ නිලදාරීන් අහුවුණේ නැහැ (නි)
මේ කරපු දේ හොද වැඩක් නමුත් ලංකාවේ වෙළද සල්වලට යන්න කලින් මේවා වාරයේදීම පරික්ෂා කරලා එලියට දෙන ක්‍රම වේදයක් හදන්න ඕන සැම කෑමට ගන්න වර්ග (අ)
මුළු රටේම අනාගත පරම්පරාවට වඩා එක ප්‍රදේශයක ගැටළුවක් වැදගත් වෙන්නෙ කොහොමද? (නි)
ජනතාවට ඔය කියන්න කාණෟඩ අංක මතක තියාගන්න බැහැ. හොදම දේ තමයි,කඩවල් වෙළද නියෝජිතවරු මගින් පරීක්ෂා කරන එක (නි)
මහදැන මුත්තා කියන ඕනෑම දෙයක් එහෙයි කියා අනුමත කරන පිරිසක් මේ මගින් බලා ගන්න පුළුවන්. පාලකයන්ගේ වෑයම එවන් පිරිසක් බිහි කිරීමයි. නමුත් ඒවාට බිලි නොවන ජනතාවක් අප අතරේ සිටීම අගය කරමි.(නදී)
සමාගම් ටිකට දෙයියන්ගේම පිහිටයි ! (ස)
අලුත් වැඩක් කරයි වගේ මේ පාර නම් (නි)
ඕව ටික හොටෙල් වලට එයි. (ස)
ලංකා ඉතිහාසයේ මිනිස්සු ගැන හිතලා ගත්ත හොදම තීරණය. (ස)
එතකොට ගෙදර අලුතෙන් කාපු එකට වන්දි දෙයිද?.
කොකාට වාරයක් නම් තිත්තයාට 7 වාරයයි කියන්නේ කට කසනවට නොවෙයි.ඔය ධනවත් රටවලට හොඳ පිළිතුරක්.අපේ සිවිල් සමාජයට ස්තුති කරන්න ඕනෑ (නි)
රජය මේ ගැන විශේෂ අවධානයක් දක්වනවා වගෙයි. මේක තමයි සිදුවිය යුත්තේ. (නි)
අනිවාර්‍යයෙන්ම ටික දවසකින් උණුසුම බැහැලා ගිහාම ආපහු සුපර් මාකට් වලින් අපේ ගොන් පැටව් ගෙදර ගෙනැල්ලා බොයි. (නි)
පිටි විතරක් බොන අයට හොද වැඩේ.(නදී)
එතකොට ඇන්කර් එකේ උත්තර දෙන්න බලාගෙන හිටිය කට්ටියට මොකද වෙන්නේ? (නි)
සමාගම පාඩුව පියවා ගන්න, ඔය කිරිපිටි එකම ඇසුරුම වෙනස් කරලා වෙළද පොලට එවාවිද දන්නෙ නැහැ. මිනිසුනේ විමසිල්ලෙන්? අනික ලංකාවේ කිරිගොවියෝ විකුණා ගන්න බැරුව මහපාරේ හලන අපේ ගොවියාගේ කිරි ටික, රටේ පරිහරණයට ගන්න බැරිද? කර්මාන්ත ශාලාවක් ඉදිකලොත්, එදිනෙදා පාවිච්චියට එළකිරි පැකට්ටුවල බහාලන අපේම දෙයක් ,දේශීය නිෂ්පාදනයට තැනක් සේම,අපේ රටේ නිපදවෙන ලාබදායක මෙන් පිරිසිදු එළ කිරි ටිකක් අපේ දරුවන්ට බොන්න දෙන්න පුළුවන්. අපේ රටේ සල්ලි දීලා ඇයි දෙවියනේ වසංගත රටේ මිනිසුන්ට බෝ කරන්නේ? පිටරට සමාගම්, මිනිසුන් ලෙඩ කරලා, රෝගී පුද්ගලයෝ බිහිකළා කියලා අපේ මිනිසුන්ගේ පවුල් වලට වන්දි ගෙවනවා කියලද? කවදාවත් නැහැ (නි)
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයටත් තුති. (නි)
මේවා ප්‍රසිද්ද වෙන කලින් ඒ සමාගම් කළේ පත්තර වල දැන්වීම් දාලා කිරිපිටි වල ගුණාත්මක බව ගැන ප්‍රසිද්ද කළා. එතනත් ජනතාව ගොනාට අන්දවන්නයි බැලුවේ.(නදී)
දැන් ඉතින් අපේ මිනිස්සුන්ට වැලිවේරියේ සිද්ධිය අමතක වෙනවා මේ කිරි පිටි කතාව හින්දා. මම කියන්නේ නැහැ මේ කිරි පිටි තහනම් කරපු එක වැරදියි කියලා. (නි)
දැන් ඔය කිරි පිටි ටික වෙනත් නමකින් වෙළද පලට ඒවි... (නි)
විස රහිත කිරි පිටි වල නම් ටිකත් ප්‍රසිද්ද කරන්නකෝ. (අ)
ඡන්දෙත් ළඟයි අනේ මන්ද මල්වෙඩි ද කියල (අ)
කට්ටියටම වැඩේ වැරදුනා නේද? (නි)
රටක් වුණහම බහුතර ආනයනික නිෂ්පාදන මත යැපෙනකොට මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවා. මේවා හිතුනු ගමන් පරීක්ෂා කරනකොට අහුවෙන්නේ, වගකිව යුතු නිලධාරින් මසකට වතාවක් හරි සාම්පල පරීක්ෂා කරන්නේ නැති නිසා නේද?එක ගමක වතුර වල විස. ඒ විස ඒවා මිනිස්සු අනාවරණය කළත් නැහැ විසදුම්... (නි)
එතකොට අයිස්ක්‍රීම් ඒවා හදන්නේ පිටිකිරි දාලනේද (අ)
එතකොට මෙච්චරකල් බීපුව. (අ)
අපේ රටේ හැටි මේක තමයි. හැම දේම ප්‍රමාද වෙලා මෙච්චර කාලයක් බලන් හිටපු එකනේ වැඩේ.(නදී)
දියරකිරි බොන්න නම් අපිත් ආසයි . ඒත් දැන් ලංකාවේ එළකිරි සුඛෝපභෝගී ආහාරයක් වෙලා . එක කිරි ලීටරයක් ගන්න යන මුදලින් සතියක් විතර කිරිපිටි බොන්න පුළුවන් . ඇයි ලංකාවේ මෙහෙම වෙන්නේ ?. ලෝකයේ දියුණු යයි සම්මත රටවවලත් බොන්නේ දියරකිරිලු . අපේ අසල්වැසි ඉන්දියාවේත් කිරිපිටි හොයාගන්න නැහැ , ශීත කල දියරකිරි පැකට් හැම කඩයකම වගේ විකුනන්න තියනවා ලීටරයක් ඉන්දියන් රුපියල් 12 කට විතර . හැබැයි ලංකාවේ තියන මිල අධික පැකට් නොවෙයි බොහොම ලාබ පොලිතින් පැකට් . ලංකාවෙත් එහෙම ක්‍රමයක් හැදුවොත් දුප්පත් අපිටත් නැවුම් එළකිරි බොන්න බැරිවෙන එකක් නැහැ . ඒත් ඉතින් ලංකාවේ ඔය වැඩේ කවුරු හරි පටන් ගත්තොත් අපේ රටේ තියන පණ්ඩිතයෝ , දහසක් ප්‍රශ්න ඇතිකරලා ඒ වැඩේ කඩාකප්පල් කරලදමයි . (ත)
ඒවායේ කාණ්ඩ අංක මතක කබා ගත යුතු නැත.ඇන්කර්,මැලිබන් හා ඩයමන්ඩ් කිරිපිටි මිලදී නොගන්න. (නි)
අපේ අයට කවදත් ලොකු වුණේ පිටරට දෙවල්මනේ. සිරිමාවෝ ආණ්ඩුව තිබුනානම් අපි ගොඩ (අ)
අපේ රට හරි අමුතුයි. ජනතාව කියනවා වතුර බොන්න බෑ ඇසිඩ් කියලා. කොම්පැනියේ නිලදාරීන් කියනවා කිසි ප්‍රශ්නයක් නෑ කියලා. නවසීලන්ත රජය කියනවා නවසීලන්ත කිරිපිටිවල විෂ රසායන තියනවා කියලා. ඒවා ගෙන්වන ලංකාවේ කොම්පැනිය කියනවා කිසි ප්‍රශ්නයක් නෑ කියලා. (අ)
දැන් කෝ අර නිලිය? මවු කිරි වලටත් වඩා ඇන්කර් පෝෂණයෙන් අනූනයි කියලනේ කිවේ. (අ)
අනිවාර්‍යයෙන්ම ටික දවසකින් වැලිවේරියේ සිද්ධිය උණුසුම බැහැලා ගිහාම ආපහු සුපර් මාකට් වලින් අපේ මෝඩ පැටවුන්ට ලබා ගත හැකි වේවි (නි)
ඉතාම හොඳයි මේ ගත්ත තීරණයට, බොහොම සන්තෝෂ විය යුතුයි අපි ජාතියක් වශයෙන්. බහු ජාතික සමාගම්, උන්ට ලාංකිකයෝ හිටියත් මලත් කමක් නෑ උන්ගේ බිස්නස් තමා බලන්නේ හෙල්ත් අධ්‍යක්ෂකතුමාටත් විද්දියාත්මක පර්යේශන ආයතනයටත් අවංකවම ඉස්තුතී.අපේ මෝඩයෝ බලන්නේසමාගම් දිහා විතරයි මිනිස්සුඉන්ට හෙනගැහුවත් කමක් නැහැ. (අ)
එතකොට චීස් කන්නත් හොද නෑනේ නේද? ඇන්කර් චීස් ඇයි ඒවත් ඒ හරකුන්ගෙන්ම නේද? (අ)
දිනුෂ වගේ අය තවමත් හදන්නේ වැලිවේරියේ සිද්දිය හිගන්නාගේ තුවාලේ වගේ තියාගන්න වගේ , අන්කෙර් ගැන එයාට මෙච්චර කැක්කුමක් තියෙන්නේ එයා හැදිලා තියෙන්නේ නවසීලන්තයේ වස්සියෙකුගේ කිරි බිලද ? (අ)
වෙළෙඳපොළින් ඉවත් කරගත යුතු කිරිපිටි වර්ග සහ ඒවායේ කාණ්ඩ අංක ප‍්‍රකාශයට කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඔබතූමාට ස්තූතියි.(දී)
කිරිපිටි වල විස වගේ නෙමෙයි රතුපස්වල වතුර වල තියෙන විස මාරාන්තිකයි. හැමෝම බොනවනේ වතුර, කිරිපිටි නම් අපි අමතක කරලා තියෙන්නේ. බොන්න කෝ සල්ලි (නි)
වැලිවේරියේ ළිං වල පී .එච් අගය අඩුවීම සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නයක්.එතකොට මේ වගකිවයුත්තන් එම සිද්ධිය විමර්ශනය නොකළේ මන්ද? (නි)