IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මං කාටවත් ගැහුවේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා කාටවත් පහර දුන්නේ නැතැයි  කෑගල්ල  දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සංජය පෙරේරා මහතා මේ බව පැවසූයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

සුජිත් සංජය පෙරේරා:-

මම එතුමාට පහර දුන්නැයි මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා.එහෙම කිසි දෙයක් සිදුවෙලා නෑ.මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.එතුමා මට තර්ජනය කළා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-

යාපනයේ ස්වාධීන  මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයට ඇවිත් බොහොම අශෝභන ලෙස හැසිරුණා.ඔහු නොගැළපෙන වචන, කුණුහරුප කිව්වා.ඒ ගැන අපි කතානායකතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා.සමහරු උගත් උනාට බුද්ධිමත් නෑ.මේ ගැලපෙන්නෙ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි කරන්න එපා.වෙන තැනක වාඩි කරවන්න.



අදහස් (9)

මං කාටවත් ගැහුවේ නෑ

ravin Tuesday, 03 December 2024 05:33 PM

කතානායක තුමනි, වහාම මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් කරලා වරදිකාරයාට උපරිම දඬුවමක් දෙන්න. සිංහලද දෙමළද අපිට වැඩක් නැහැ. මේ සියලුදෙනාම මේ රටේ මිනිස්සු. සියල්ලන්ටම තියෙන්නේ එකම අයිතිවාසිකම්.

:       0       2

kasun Tuesday, 03 December 2024 05:52 PM

ඔය මන්ත්‍රීව දොස්තර කෙනෙක් ළඟට එක්ක ගියොත් මොකද‍

:       0       1

අම්බොඩ Tuesday, 03 December 2024 06:33 PM

කනට එකක් ගැහුවාට කමක් නෑ. කියන්න ඕන නෑ ඒ යකා ටයි නැට්ටකුත් එල්ලගෙන හැසිරෙන්නේ වන සතෙක් වගේනෙ.

:       0       1

Chanadima Tuesday, 03 December 2024 07:08 PM

අන්න හරි මහත්තයා ගහනවා නම් කාටවත් නොපෙනෙන්න ඇරලා දාන්න.

:       0       2

Perera Tuesday, 03 December 2024 10:03 PM

විශ්වාසබංගයක් ගෙනල්ලා ඔය පිස්සාව දැන්ම එළියට දැම්මේ නැත්නම් ඉදිරියේ දී ලොකු ප්‍රශ්නයක් වෙනවා

:       0       2

දීපාල් Wednesday, 04 December 2024 03:35 AM

ඔය තැන ඇතිනෙ CCTV කැමරා එහෙම නේද...?

:       0       2

මුදිත් Wednesday, 04 December 2024 01:55 PM

එයාලට මොකුත් කරන්න එපා ! විශේෂයෙන් අර්චුනා මන්ත්‍රීතුමාව අපිට දැන් පාර්ලිමේන්තුව විනෝද සමය වගේ! මාරයි ඈ !

:       0       2

de silva Wednesday, 04 December 2024 08:17 PM

ඉස්සර පාර්ලිමේන්තුවේ තිබුනේ මිරිස් කුඩු කාරයින්ගේ , කප්පම් කාරයින්ගේ, තිස්ස කුට්ටිගේ කුණුහරුප සංදර්ශන උන්ටික එළවලා දැම්මා. දැන් තිබෙන්නේ පිස්සු දොස්තරගේ විනෝද සමය... අපේ ධනය නාස්ති කරමින් පිස්සු නටනවා. මොවුන්ට කරන්න වෙන වැඩක් නැද්ද?

:       0       0

sanath Wednesday, 04 December 2024 08:18 PM

චෙරියෝ ඩොක්ටර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site