මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන ”කිව්වද නහී නොකිව්ද නහී”චත‍්‍රපටයේත් පුංචි තිරයේ විකාශය වෙන ”මං ආසයි පියාඹන්න” ටෙලි නාට්‍යයේත් ප‍්‍රධාන චරිතය නිරූපණය කරන ඇය, රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම නිවේදිකාවක් ලෙසින්ද කාගේත් අවධානයට ලක්වූ රුවැත්තියකි. ස්වර්ණවාහිනී රූපවාහිනිය ඉදිරිපත් කළ ”ඩාන්ස් ස්ටාර් ඩාන්ස්” තරගයේ අනු ශූරතාව හිමිකරගත් ඇය, මැක්ස් රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කලා දිවියට අවතීර්ණ වූවාය. ”සයිලෝනා” ටෙලි නාට්‍යයේ මිනෝලාගේ චරිතයෙන් රංගනයට පිවිස ඇය, ”අපි අපි වගේ, කප් සුවහස් කල්, මොණරතැන්න” වැනි ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය. රංගනයට අමතරව මේ දිනවල ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් ද ඇය කටයුතු කරන්නීය. තවමත් 21 වැනි වියේ පසුවන මේ රුවැත්තියගේ බලාපොරොත්තුව හොඳ, දක්‍ෂ රංගන ශිල්පිනියක වීමය. ඇය නමින් මේනකා පීරිස්ය. මේ දිනවල දකින රුවැත්තිය ඇයයි.
යහම්පත් ඡායාරූප - සජීව ලක්ෂාන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන පින්තූර.....දැක්කම ඇඩෙනවා හලෝ.....
ඉගිල්ලෙන්නේ පරිස්සමින් ..........(ස)
මේ මල් සුන්දර උනාට පැණි උරන්නේ .........