
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මේ ආණ්ඩුව යන්නේත් ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආපු ගමන්ම මේ රජය ජන ජනවරම උල්ලංඝනය කර තිබූ විදියටම අයි.එම්.එෆ් ගිවිසුමට එකඟ වීම මෑත කාලයේ තිබූ ලොකුම පාවා දීම ලෙස හැඳින්විය හැකියි.පවතින අයි.එම්.එෆ් ජාත්‍යන්තර බැඳුම්කර එකඟතාව මත ඉදිරියට යනවා නම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගමන සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.
වසර හතරක් ඇතුළත ණය ගෙවීම් නැවත ඇරඹීමේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න හැකිවේ යැයි ඔබලා සිතනවාද?වසර නවයකින් ණය ගෙවීමේ කාර්යභාරය අරඹන්නට තිබූ මොහොතක එය වසර හතරකින් අරඹන්නට පසුගිය රජය එකඟ වී තිබෙනවා.ඒ අඩි පාරේම ඔබතුමන්ලත් යනවා යැයි විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නිසාද ඔයා සිරිකොත පැත්තට ඉව අල්ලන්නේ?
මෙහෙමත් කුහක මොළේ අමාරුකාරයෙක් දැකල තියෙනවද? තවමත් හිතන්නෙ මට පමණයි, මගේ අයට පමණයි මේක කරන්න පුලුවන් කියල. මෙයාගෙ ටීම් එක තමයි ස්වරී බැඳුම්කර වැඩි ප්‍රමාණයක් අරගෙන 2015-20 කාලයෙ රටට මේ තත්වය උදකෙලේ , බැංකුවංචාව කලේ නැහැ කියල පොතක් ලිව්ව කෙනා මෙයාගෙ ප්‍රධාන කතිකය උනේ. මෙයාගෙ ගුරා රනිල් අටවපු ගහපු ගිවිසුම්වලට එකඟව යනව මිස ඒවට අභියෝග කරල රට වට්ටල ඔයාලට බලය ගන්න හිතනවද ?විකාර නොදෙඩො අර පත්කරගන්න බැරි මන්ත්‍රී ධූර හතර පුරවන්න.
මේ විහිළුකාරයා ලොකු හිසරදයක් වුණා... හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔහු හොඳම කෙනා බවත් ඔහු සියල්ල දන්නා බවත් පෙන්වීමටයි. යථාර්ථය නම්, ඔහු අතිශයින් පටු අදහස් ඇති සහ බල තණ්හාවෙන් අන්ධ වූ නොමේරූ පුද්ගලයෙකි....
පොහොට්ටුවේ අඩි පාරද? මහින්ද මහත්තයාගේ අඩිපාරේ ගිහින් ඔබතුමාගේ පවුලේ උදවිය බේරුණේ නැතිනම් හිරේවිලංගුවේ වැටෙනවා. හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද? IMF නොතිබෙන්න ලංකාවේ මිනිසුන් අනාථයින් ලෙස ඉන්දියවෙට පැන යනවා.
ඔහේ දන්න ආර්ථික විද්‍යාව, දැන් පාලනයේ ඉන්නේ උගතුන්, ඕවා හොයලා බලලා පුළුවන් දෙයක් කරාවි... හත්වලාමේ ඔහේ උපදෙස් ගත්තේ මහින්ද මහත්තයාගෙන් නේද?
නොදකින්...!
ඒකට කමක් නැහැ .උඹ කට වහගනින්
සජිත් ජොලි කොල්ලෝ , AKD ජනාධිපති අනුර ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මුදල් අමාත්‍යාංශයට පා ගමනින් යන විටද විවේචනය කරන අතර අයවැයට මුදල් වෙන්කරන විට එයටද බනිති. SJB දේශපාලනය කොතරම් බන්කොලොත්ද කියලා මේ විවේචන කරන එකෙන් අපිට පෙනේ. ලැජ්ජා නැත්ද මේ විපක්ෂ නායකට. මේවා මහ බාල වැඩ...
මේ සජිත් මංමුලා සහගතයි නේද? බය වෙන්න එපා. මේ ආණ්ඩුව තමන්ට සැප සම්පත් අරගෙන සල්ලි වියදම් කරන්න යන්නේ නෑ. ඔයාලාගේ නායකයෝ සහ හිටපු නායකයෝ වගේ නෙවෙයි. ඒක තමයි ප්‍රධාන වෙනස. ඒත් ඔයාලා වගේ කපටි දේශපාලකයින්ට වෙනසක් තේරෙන්නේ නැහැ... එහෙම කළත් පෙන්නන්නේ නැහැ. එය... මේක තමයි සිස්ටම් ඡේන්ජ් කියන්නේ. ඛලන්න..අවුරුදු 5 යනකොට වෙනස තේරෙයි.
දැන් බඩු බෙදන්නේ නැතෙයි...!
තමුන්ටවත් හරි පාරේ යන්ඩ බැරුව, පක්ෂයවත් හරියට පාලනය කරගන්ඩ බැරුව දුකට කියන කතා?
මේ මනුස්සයා ඇත්තටම අබාධිතයි. මේ පාර පාර්ලිමේන්තුවේ ඉන්න සුගත් අයියා අන්ධ වුණාට උගත්, බුද්ධිමත් වගේම හොඳට මතකය තියෙනවා. සජියාට ඊයේ කියපු එක අද මතක නෑ. මේ වගේ අයට ප්‍රතිකාර කරලා හොඳ කරන්න බෑ.
අප්පිරියයි...!
ඕවා කිය කිය විපක්ෂ නායක පුටුවට වෙලා ඉන්න ඔයා...
බැංකු කඩන, විදේශ ණය වංචා කර විදේශවලම ආයෝජනය කිරීම, ශ්‍රී ලංකන් විකුණගෙන කෑම, කොමිස් ගැසීම, හොරාකෑම, වංචාව යන පාරෙද ඔබ කියන්නේ...!