ගයාන් වික්‍රමසිංහ චතුරිකා පීරිස් කියන්නෙ පසුගිය කාලෙ විවිධ කතා මවපු දෙන්නෙක්. දැන් මේ දෙන්නා ගැන ආයෙමත් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ “සහේලි” ටෙලි නාට්‍යයත් එක්ක. “සහේලි” අධ්‍යක්ෂණය කරන්නෙ ගයාන් එය නිෂ්පාදනය කරන්නෙ චතුරිකා දැන් මේ වෙද්දිම කියන්න පුළුවන් “සහේලි” ටෙලි නාට්‍යයෙන් නම් ගයානුයි චතුරිකායි දෙන්නම ගොඩ කියලා.
● චතුරිකා ඇයි ටෙලි නාට්‍ය නිෂ්පාදනයට අතගහන්න හිතුවෙ?
“මගෙ තාත්තා ටෙලි නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කරපු කෙනෙක්. තාත්තා නිෂ්පාදනය කරපු ඒ හැම ටෙලි නාට්‍යයකම නිෂ්පාදන අංශයට මමත් සම්බන්ධ වුණා. ඒ නිසා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කියන එක මට අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ගයානුත් එක්ක එකතුවෙලා හොඳ ටෙලි නාට්‍යයක් කරන්න ඕනෙ කියන අදහසින් තමයි මම “සහේලි” නිෂ්පාදනය කෙරුවෙ. තාත්තාගෙ නිෂ්පාදනවලදී මම තාත්තාට උදව් කෙරුවා වගේ.. “සහේලි” නිෂ්පාදනයෙදි තාත්තා මට උදව් කෙරුවා”
● ගයාන් වික්‍රමසිංහ කියන අධ්‍යක්ෂවරයාව වඩාත් හොඳින් මතුකරගන්න කියන උවමනාව නේද මේ “සහේලි” ටෙලි නාට්‍ය නිෂ්පාදනය පසු පස තියෙන්නෙ?
“ඔව්, ඒක ඇත්ත. හොඳ නිර්මාණයක් තුළින් ගයාන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මතුවෙනවා දකින්න මම කැමතියි. වෙනත් නිෂ්පාදකවරයෙක් ඒ සඳහා අවස්ථාව ලබාදෙනකම් බලාන ඉන්න මට උවමනාවක් තිබුණේ නෑ. ගයාන් අධ්‍යක්ෂක මම නිෂ්පාදිකාව කියලා වෙන වෙනම ලේබල් තිබුණට “සහේලි” කියන්නෙ අපි දෙන්නගෙම උත්සාහයෙ ප්‍රතිඵලයක්”
● ඔයා රඟපාන ‘සහේලි” චරිතය ගැන ඔයාට මොකද හිතෙන්නෙ. ඒ ඔයා රඟපාන්න ආසාවෙන් බලාගෙන හිටපු චරිතයක්ද?
“මම රඟපාන සහේලි කියන චරිතය තනිකරම සුදු චරිතයකුත් නෙමෙයි. කළු චරිතයකුත් නෙමෙයි. කළු සුදු දෙකම මිශ්‍රවෙලා තියෙන චරිතයක්. සහේලි අහිංසකයි. සාධාරණයි වගේම. සහේලි අසාධාරණයි, ආත්මාර්ථකාමීයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා. ඒ විදිහෙම චරිතයක් රඟපාන්න ඕනෙ කියලා මගේ ලොකු ආසාවක් තිබුණෙ නෑ. ඒත් විවිධ චරිත රඟපෑමේ ආසාව මට තියෙනවා. සහේලි මට ඒ විදිහෙ චරිතයක්. මේ මහපොලවෙ පයගහලා ඉන්න සැබෑ කෙල්ලෙකුගෙ සිතුම් පැතුම් තියෙන චරිතයක්.
● කාලෙකට පස්සෙ චතුරිකා පීරිස්ගෙ අහිංසකකම දඟකාරකම ලස්සන සහේලි චරිතයෙන් දැකගන්න පුළුවන්වෙලා තියෙනවා කියලා දැන් ප්‍රේක්ෂකයො කියනවලු නේද?
“ඒක එහෙමයි කියලා මම ම කියාගන්න එක හරි නෑනේද චරිතයට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඇත්තටම “සහේලි” පූර්ව ප්‍රචාරක කටයුතු සිද්ධවෙන කාලෙ ඉඳලම මට ප්‍රතිචාර ලැබෙන්න ගත්තා.”

● ඒ කියන්නෙ කවුරු මොනව කිව්වත් ඔයාගෙ ජනප්‍රියත්වය තාමත් එහෙම්ම තියෙනවා කියන එක නේද?
“ජනප්‍රියත්වය කියන දේ කාට කාටවත් ඕනෙ විදිහට හිමිකරගෙන තියාගන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක ප්‍රේක්ෂකයො විසින් කාලෙන් කාලෙට චරිතවලින් චරිතවලට තීරණය කරන දෙයක්නෙ.
● චතුරිකා පිළිගත්නෙ නැද්ද පහුගිය කාලෙ ඔයාගෙ ජනප්‍රියත්වය අඩුවුණා කියලා. ඉස්සර තරමට ඔයා ගැන කතාබහ වුණේ නෑ කියලා?
“ඔයා කියන විදිහට වැඩිපුර කතා බහවීම ජනප්‍රියත්වයනම්, මම රඟපාපු ටෙලිනාට්‍ය, චිත්‍රපට ඒ තරමට විකාශනය නොවුණත් පසුගිය කාලෙ මම ගැන ගොඩක් කතාවුණේ. මතක නැද්ද? (සිනා)
● චතුරිකා හිතනවද ඔයාගෙ ජනප්‍රියත්වයට, සාර්ථකත්වයට ඉරිසියාකරන විරුද්ධකම්කරන අය ඉන්නවා කියලා?
“හැමෝම නෙමෙයි. එහෙම අය ඉන්නවා. ඒත් මම ඒවා ගණන් ගන්නෙ නෑ. ඒ වුණාට මම එක දෙයක් කියන්න ඕනෙ කාගෙවත් ජනප්‍රියත්වය, කාගෙවත් වාසනාව කාගෙවත් උරුමය එක එක්කෙනාට ඕන විදිහට නතර කරන්න බෑ. ඒවා මතුවෙන වෙලාවට මතුවෙනවා”
● අධ්‍යක්ෂකවරයා විදිහට ගායානුත් ඔයා රඟපාන චරිතයට පුළුවන්තරම් ලකුණු වැටෙන විදිහටම මතුකරන්න උත්සාහ කරනව ඇති නේද?
අනේ ගයාන් මට කියලා එහෙම විශේෂයක් කරන්නෙ නෑ. එයා අතිරේක චරිත රඟපාන නළු නිළියන්ව පවා ඒ ඒ චරිත තුළින් මතුකර ගන්නයි හදන්නෙ හැමෝටම ලකුණු වැටුනොත්නෙ අවසාන ප්‍රතිඵලය සාර්ථක වෙන්නෙ.
● “හිරු තනිවෙලා”, “ආත්මා”, “සහේලි”, මේ හැම ටෙලි නාට්‍යයකම ගයාන් - චතුරිකා, මේ උත්සාහය පුංචි තිරයට ගයාන් චතුරිකා යුගයක් ඇති කරන්නද?
“ඒ විදිහෙ අදහසක් නම් නෑ. ඒත් අපි දෙන්නාම එකට රඟපාන එකේ අපි දෙන්නට පහසුවක් වගේම අපි දෙන්නා සම්බන්ධ කර ගන්න එකෙන් ඒ සම්බන්ධ කරගන්න අයටත් පහසුවක් වගේම වාසියකුත් තියෙනවා. ඒ මොකද රඟපාන දින ප්‍රශ්න එන්නෙ නෑ. ට්‍රාන්ස්පෝට්වලට යන වියදම් අඩුකරගන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවනෙ”
● ඉදිරියෙදී ඔයා රඟපාන්නෙ ගයාන් එක්ක විතරයි. ගයාන් රඟපාන්න ඕනෙ ඔයා එක්ක විතරයි කියලා තීරණයකද දැන් ඉන්නෙ?
නෑ. එහෙම තීරණයක් නෑ. ගයාන් “අජාසත්ත” චිත්‍රපටයෙ රඟපෑවේ මාත් එක්ක නොවෙයිනෙ පසුගිය දවස්වල මම ටිකිරි රත්නායකගෙ ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒ ගයාන් එක්ක නෙමෙයි”
● “සහේලි” ටෙලි නාට්‍යයෙ රූපගත කිරීම් සිද්ධවෙන්නෙ කොහෙද?
“කතරගම ප්‍රදේශයෙ”
● රූපගත කිරීම් කරද්දී සිද්ධවුණ අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?
“දවස ගානෙ වගේ ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මේ ළඟදී මමයි ගයානුයි තව අතිරේක චරිත රඟපාන නළු නිළියො කීප දෙනෙකුයි ලොකේෂන් වගයක් බලන්න ළඳු කැලෑවක් පැත්තට ගියා. ඒ පැත්තෙ ගමේ අය අපිට කියලා තිබුණා හැම තැනම කුළු හරක් ඉන්නවා ඒ නිසා රතුපාට ඇඳුම් ඇඳගෙන ඉන්න එපා. කුළු හරක් කුලප්පු වෙනවා කියලා. අපිට ඒක ඒ තරම් ගාණක් වුණේ නෑ. අපි ගිය කට්ටියෙ එක්කෙනෙක් රතු ටීෂර්ට් එකක් ඇඳගෙන හිටියා. ගමේ අය කිව්වා වගේම නිදැල්ලෙ හිටපු කුළු හරක් රංචුවක් අපි පස්සෙන් එලවගෙන එන්න පටන් ගත්තා. අපි හැමෝම දිව්වා. ඒත් එක කුළු හරකෙක් අතිරේක චරිතයක් රඟපාන නළුවෙක් පස්සෙන් එලවගෙන ඇවිත් ගහකට හේත්තු කරගන අනින්න පටන් ගත්තා. හොඳ වෙලාවට ඒ නළුවා ටිකක් කෙට්ටු නිසා හරකාගෙ අං දෙක පළල නිසා අං දෙක ඇනිලා තියෙන්නෙ ගහේ කඳටයි. පස්සෙ කුළු හරක ඒ නළුවව ඔළුවෙන් උස්සලා පැත්තකට විසිකෙරුවා. ඒ පාර උඩින් විසිවුණ නළුවා වැටිලා තිබුණෙ මැරිලා කුණුවෙලා හිටපු කිඹුලෙකුගෙ ඇඟ උඩට. දැන් නම් කවුරුත්ම ඒ පැත්තට යද්දී රතුපාට ඇඳුම් අඳින්නේ නෑ.”
● මොනවද මේ දවස්වල ඔයාගෙ පුද්ගලික ජීවිතේ අලුත් තොරතුරු?
“මගෙ අම්මා කාලෙක පටන් රූපලාවන්‍ය කටයුතු කරන කෙනෙක්නෙ. ඒ නිසා මම අම්මත් එක්ක එකතුවෙලා තලවතුගොඩ “බොබී බ්‍රයිඞ්ස්” කියලා රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළා. මම තමයි එතන මැනේජ්මන්ට් කටයුතු කරන්නෙ ඒ නිසා රූපගත කිරීම්වලින් පස්සෙ මම නිතරම ඉන්නෙ එතනයි.
● චතුරිකා. මේ දවස්වල ඔයා එක්ක කතා කෙරුවත් ගයාන් එක්ක කතා කෙරුවත් ඔයාල දෙන්නගෙන්ම හැමෝම දැනගන්න උනන්දුවෙන කාරණයක් තියෙනවා ඒ තමයි ඔයාල දෙන්නගෙ විවාහය ගැන?
“ඔව් ඒක ඇත්ත, දැන් අපේ ගෙවල්වලිනුත් අපිට බේරිල්ලක් නෑ. මේ 2016 අවුරුද්දෙ අපේ විවාහය සිද්ධවෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහ වෙන්න එපා ඔබේ බාල සහෝදරියගෙන් වත් , කාන්තාවකගේ ජිවන පැවැත්ම ගැන උපදෙසක් ගන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි. රුපය තරුණකමට වැඩිය වැදගත් වෙන්නේ එයයි. (කෞ)
මේක තමයි ලංකාවේ ආදර්ශමත්ම විවාහය ! තමන්ගේ දරු මුනුපුරන්ටත් කවදා හරි විශාල ආඩම්බරයක් වේවි.(කෞ)
හරියටම කිව්වේ නැති වුනාට කුළු මීමා කුලප්පු වුනේ කාව දැකලාද කියලා මුළු ලංකාවටම හිතා ගන්න පුළුවන්. (කෞ)
තමන් වගේ උදවිය ගැන රටේ වැදගත් මිනුස්සු හිතන විදිය සොයලා බැලුවොත් " ජන අප්‍රියම " කවුද කියලා වැටහේවි. (කෞ)
සමහරු නිසා කසාද බැඳපු කෙනාගේ සිට කුළු හරකා දක්වාම කුලප්පු වුන හැටි පසුගිය කාලයේ හැමෝම දැක්කා. (කෞ)
හිතාගෙන ඇති හරි ජනප්‍රියයි කියලා. (නි)
අපේ රටේ කසාද කඩලා දමන නොපනත් රැල්ල ඇතිවුණේ කලා ලෝකයෙන් කියලා කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. (නි)
මෑත කලයේ දැකපු මහා ලජ්ජා නැති ජෝඩුවක්. දෙමව්පියන්ට ලජ්ජා කරනවා.
ජයසිරි මංගලම්! (නි)
උඩින් ඔපේ, යටින් හපේ... (නි)
ඔන්න ඔහේ ඉතුරු ටික කාලෙත් දැන් හිටිය වගේම හිටියනම් ඉවරයිනේ. එපා වුනහම ටක් ගාල නීති ප්‍රසන නැතුව මාරු වෙන්නත් පුළුවන් කලින් වගේ. (කෞ)
ඔයා ලස්සනයි තරුණකමයි නිසා මාන්නයෙන් ජිවිතේ වටිනාකම් නොතැකු චරිත වල අවසානය අපිට හිතා ගන්න පුළුවන්. (බ)
ඇත්තටම හිතා ගෙන ඉන්නේ ඔයගොල්ලන් ජනප්‍රියයි කියලාද ? අපිට දෙපැත්තෙන් හිනා යනවා. (බ)
කලාකාරයෝ ලජ්ජා නැති ජාතියක් කියන්නේ මේකට තමා!(කෞ)
ඉතින් බැඳගන්නකෝ. හැමදාම බඳිනවා කිය කියා ඉන්නේ. හිතාගෙන ඇති අපි මඟුල් ගෙදර එයි කියලා. අනේ අපිට ඕවට වෙලාවක් නැහැ (නි)
අපිට ඉස්සරහටවත් පුන්‍යා හීන්දෙනිය , අනුලා කරුණාතිලක , ජිවරානි කුරුකුලසූරිය , වැනි විවාහය තමන්ට ලැබෙන කුසලතා සම්මානයටත් වැඩිය උඩින් තැබූ නිලියන් වාසනාවන්. ශ්‍රියානි අමරසේන වැනි, විවාහවීමෙන් පසුව තමන්ට සිනමාවට එන්න ඉඩ දුන් සැමියාගේ විශ්වාසය රැකි නිලියන්ම අපිට දකින්න ලැබේවා. රෝය් ද සිල්වා වැනි තිස්ස විජේසුරේන්ද්‍ර වැනි විවාහයට බිරිඳට ගරු නම්බු දුන් සැමියන්ම නළු කම් අතට ගනිත්වා. අනේ ඔයගොල්ලන් ගැන නම් අහන්නවත් අපිට ඕන නැහැ . (කෞ)
18 අය වගේ... (ර)
ඔබට මාගේ සුබපැතුම්.! (ර)
ඔබ දෙපළට සුබ අනාගතයක්! (නි)
මේ වගේ උන්ට සුබ පතන අර හරකට තරම්වත් මොලයක් නැති අය (බ)
නියමයිනේ! (නි)
සතුටින් යුග ජීවිතය ගෙවන්න ලැබේවා! (නි)
අපි හිතුවේ බදින්න ඇති කියලා.(හේ)
මම නම් දකින්නවත් කැමති නැහැ (නි)
අනේ අපි නම් මේ දේවල් ගැන වැඩිය හිතන්න යන්නෙ නැහැ (නි)
සුබ පැතුම්! (නි)
එහෙනම් ඒකත් ජයසිරි මංගලස් කිවුවලු (නි)
ගැළපෙන ජෝඩුවක් (නි)
මම අහල නෑ හරක් බදිනවා කියල (බ)
පවුල් කඩලා පවුල් හදලා වැඩක් නැහැ (නි)
සමහර ප්‍රසිද්ධ චරිත හැදෙන ගැහැණු ළමයින්ට පෙන්නන්නවත් සුදුසු නැහැ (නි)
ආ එහෙමද? (නි)
අනුලා කරුණාතිලක වගේ නිළියන්ගේ පුද්ගලික ජීවිතය අදටත් ගරු කටයුතුයි. ශ්‍රියානි අමරසේන විවාහක කතක් ලෙස රඟපාන්න විත් කොච්චර වැදගත් පවුල් ජීවිතයක් ගෙවනවද? අපොයි ඒකට අද කාලයේ කට්ටිය? (නි)
සහේලි මම කැමතිම ටෙලි නාට්‍යයක් (නි)
බුද්ධාගම ගැන දන්නේ නැද්ද? නැත්නම් ලැජ්ජාවක් නැද්ද? (නි)
ඔබ දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් (හේ)
සුබ මංගලම්! (නි)
"මේ අවුරුද්දෙ අපි බඳිනවා" වගේම "බැඳගත්ත බෙරේ ගහන්න වෙනවා" කියලත් කියමනක් තියනවනේ. වෙන කියන්න දෙයක් නැහැ අපිට (නි)
ඉතින් අපිට මොකෝ. (ර)
සුබ පැතුම්.! (ර)
අනේ හොදින් ඉන්න (කෞ)
ඔබලාට සුබපැතුම්.! (ර)
මෙයාගේ කතාව අහලා අහිංසක දරු දෙදෙනායි අම්මායි කොහොම ඉවසයිද? (නි)
ජයවේවා! (නි)
අනේ හොඳයි (නි)
දේවී කොපි කරලා .(අ)
අනේ ...හැබෑටම මෙහෙමත් නාටක ......(ම)
හොදයි බඳින එක... (ර)
අපෝ! බඳිනවා නම් දැන්ම බඳින්න. මෙයාලා හිතා ඉන්නේ තාම 25 යි කියලා. පව් අනේ! (නි)