මෙය හිඟන්නාට පවුඩර් දැම්මා වැනි අයවැයක් බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අයවැය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසූ ඒ මහතා මේ අයවැය තනිකරම පුස් බංකොළොත් අයවැයක් බවත් මේ අයවැයෙන් ජනතාවට ලැබුණු සහනයක් නැති බවත් කීය.වී, රබර්, තේ ගොවියාට දෙන බව කිවූ සහන කිසිවක් අයවැය ලේඛනයට ඇතුළත් කර නැතැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි, ඔයාගේ කතාවට මම එකඟයි. (නි)
බන්දුල මහත්මයාණෙනි, අපි දශක 4 කට පමණ පෙර ආර්ථික විද්‍යාව ඉගෙනගත්තේ අවිස්සාවේල්ල පැත්තේ පන්තියකින්. එහිදී අපි ඉගෙනගත්තේ අපනයනය වැඩිවෙනකොට රුපියලේ අගය අඩුවීම පාඩුවක් නොවන බවයි (නි)
බලාගෙන යනකොට ආර්ථික විද්‍යාව ගැන අපිට පුදුමත් හිතෙනවා (නි)
ඒ කියන්නේ පසුගිය ආණ්ඩු කාලේ නිර්මාණය වුනු හිඟන්නො ගැන වෙන්න ඇති. (ස)
මේ මනුස්සයනම් කිසිම විලිසන්ගයක් නැති කෙනෙක්. තව කතා කරන්නවත් ලැජ්ජාවක් නැද්ද මන්ද. (ස)
අද කාලේ හිඟන්නෝ දවසට දහපහළොස් දාහස් හම්බකරනවා (නි)
ඒක ඇත්ත රුපියල් දෙදහස් පන්සීයකින් දරුවන්ටත් උගන්නගෙන කාලා ඇඳල ඉන්න පුළුවන් එකේ මොනවට බජට්ටු තියාගෙන කරදර වෙනවද මන්දා. (බ)
ඔව් ඔව් පව්ඩර් නෙමේ සෙන්ට් දානවා. එයාලගේ කාලේ 2500න් කෑව අපට හොදට මතකයි (බ)
තවත් කතා කියනවනේ ලැජ්ජා නැතුව (නි)
රුපියල් 2500 කින් පවුලකට ජිවත් වෙන්න පුළුවන් කිව්ව මේවගේ අයට ජන්දේ දෙන්න තාමත් අපේ රටේ මෝඩයන් ඉන්නවා, ඉතින් මොනවා කරන්නද ? (ම)
අමතක කරන්න එපා. තුන්වේල කාලා රුපියල් 2500 න් මාසයක් ජීවත්වුණ ඇමතිලා සිටි රටක් මේක. (නි)
ඒකනේ. මේක වැඩකට නැති අයවැයක්. බන්දුල මහත්තයෝ, අපිට රු2500 ජීවත්වෙන්න පුලුවන් නොවැ. (නි)
ඔබතුමා අධ්‍යාපන ඇමති කාලයේ පාසල් බබාලාට ආදරයෙන් පවුඩර් දාලා ප්‍රශ්න පත්‍රත් අවුල්වුණ හැටි මතකයි. (නි)
සමස්ත අය - වැය වාර්තාව සම්බන්ධයෙන් මධ්‍යස්ත , ප්‍රවීණ, ආර්ථික විශාරදයින් කියන්නේ මොනවද කියල ජනතාව සොයා බලා දැනුවත් විය යුතුයි .දේශපාලකයන්ගේ කතා හරියන්නේ නැහැ .(ම)
අනේ දැන්වත් කට වහගන්න මහත්තයෝ (නි)
2500න් කන්න ගිහින් හත්පොළේ ගාගත්තා වගේ... (නි)
එයාලා කළේ එක පවුලක් වටා ධනස්කන්දය ඒකරාශි කිරීමක්. ඒත් මේ අයවැයෙන් රටේ කන බොන අත්‍යවශ්‍ය මිල ගණන් අඩුකරලා තිබෙනවා. ඒ අතින් දුප්පත් මිනිසුන්ගේ පැත්තෙන් හොද අයවැයක්. (නි)
අනේ තවත් කතා මොකටද මහත්තයෝ? (නි)
හිඟන්නාට පවුඩර් දැමීමේ බන්දුල ගුණවර්ධන මහතාගේ අදහස නම් බොහොම හොඳයි. (නි)
අපිට නම් කියනවා රුපියල් 2500 කින් හොඳට කන්න බොන්න පුළුවන් කියලා. අනේ මගේ කට! (නි)
අමුතුම කතාවක් මේක. හිනා යන්නත් එනවා. ඒත් යන්නේ නැහැ. ඔයාලා ඔක්කොම ජනතාවට විහිළු සපයන්න පටන් අරගෙන දැන්. පොඩි මිනිස්සු ගැන හිතලා ඉදිරිපත්කළ අයවැය ගැන හොඳක් කියන්න දිව නැමෙන්නේ නැහැ නේද? (නි)
අපිට රුපියල් දෙදහස් පන්සීයකින් දරුවන්ටත් උගන්වාගෙන කාලා ඇඳලා ඉන්න පුළුවන් කියලා මෙයාලා කළේ මොකක්ද? (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
මොකද දන්නේ නැහැ මහින්ද අදහස් දක්වා නැත්තේ? (නි)
ඔව් ඉතින් එයාලට මොනවා කියන්න බැරිද? (නි)
මේ මිනිග හැමදම මොකක් හරි ගොන් කතාවක් කියල නාගන්නවා. (ස)
ඇයි මහත්තයෝ ඔහෙලා හිඟන්නන්ට බෙන්ස් දුන්නද ? (ස)
එයා හිතන් ඇති ලංකාවේ සේරමලා රාජ කුමර කුමරියෝ කියල. මේගොල්ලෝ ටික දෙනා හැර සමස්ථ ලංකාවම හිගන්නෝ තමයි. ඉතින් පව්ඩර් දැම්මම මොකෝ. (ස)
සුනාමි වෙලාවේ මිනිස්සු පණ අදිද්දී දුල දෙන්න හෙලිකොප්ටරෙන් කොළඹ එව්ව මිනිහ නේද මේ? (ස)
ඒක තමයි මහත්තයෝ. මීටවඩා 2500න් ජීවත්වුණ කාලේ කොච්චර හොඳද? (නි)
ඒකියන්නේ මේගොල්ලෝ හිඟන්නන්ට පවුඩර් දානවට කැමති නැහැ කියන එක නේද? ඒකනේ ඔයාලව ඡන්දෙන් යැවුවේ (නි)
මේ වගේ අය ගැන මහජනතාව වශයෙන් අපි තීරණයක් ගන්න ඕනෑ (නි)
අහෝ බන්දුල මහතාණෙනි! (නි)
තේ ගොවියාට හොඳටම වැරදි ඇතිබව නම් සැබෑය (නි)
වැරදිලාවත් ඕක ඔබතුමාගේ ගෙදර නම් කියන්න එපා. (නි)
ඕක ඉතින් විරුද්ධ පක්ෂය සුපුරුදු ලෙස කියන කතාවක්නේ (නි)
උසස් පෙළට ආර්ථික විද්‍යාව උගන්වපු බුද්ධිමත් මැතිතුමා මොනවද මේ කියවන්නේ? (නි)
මෙයාලට හැමදේම හොඳ නැහැ. (නි)
ඔයාලා තමයි හිඟන්නාව බිහිකළේ. පවුඩර් දැම්මහමවත් මිනිස්සු හිඟන්නා දෙස බලයිනේ. (නි)
එදා වේල හොයාගෙන කන දුප්පතාට මේ අයවැය සහනයක්. ඔබගේ පාලන කාලයේ වැඩියෙන් වෙන් කළේ ඔබතුමාලගේ සැපටනේ. දුප්පතා කාලා ඉන්නවට ඔබතුමා අකමැතිද? (නි)
අපෝ ඔව්! ඔයාලා හරි වැඩකාරයොනේ! (නි)
පසුගිය කාලයේ මේගොල්ලොත් ඔහොම කිවුවා. මාරුවෙන් මාරුවට පවුඩර් ලබන අපි සැමදා ජනතා හිඟන්නෝ වෙමු. සැප සම්පත් ලබන දේශපාලකයන්ගේ පැත්ත අන්ධ වී සිටින හිඟන්නන්ටද පෙනෙන්නේ නැත. (නි)
හිඟන්නෝ ඇතිකළේ අපිද? (නි)
අනේ මෙතුමාගේ කතා! (නි)
ඔව්. හිඟන්නාට පවුඩර් දැම්මා විතරක් නෙමෙයි, ගිය ආණ්ඩුව කාලේ හිඟන්නාගේ තුවාලයත් විකුණාගෙන කෑවා (නි)
මාසයක් රුපියල් 2500න් කාපු හිඟන්නෝ බඩුමිල අඩුවුණාම පවුඩර් සෙන්ට් දානකොට අපිට දුක නැද්ද? (නි)
මෙයා කිව්වේ සක්කරයාගේ පුතා වෛමාටවත් බඩුමිල අඩුකරන්න බැහැ කියල. බලාගෙන ගියහම වත්මන් මුදල් ඇමතිවරයා සක්කරයාගේ පුතාට වඩා දක්ෂයි(රේ).
මෙයාගෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තු ළමයින්ට දෙයියන්ගේම පිහිටයි.අනේ මන්ද මෙයා වැරදියට මයි කතා කරන්නේ.හිටපු මුදල් ඇමති(බයියා)කියල තිබුන එයාට තේරෙන්නේ නැහැ කියල.(රේ)
එයාලා කිසිම දෙයක හොඳක් දකින්නෙම නැහැ (නි)
ඒක නම් සහතික ඇත්ත (නි)
අපිත් එකඟයි (නි)
මට නම් මුකුත් හිතාගන්න බැහැ. විපක්ෂ අය හොද නැහැ කියනවා ආණ්ඩු පක්සේ අය හොදයි කියනවා. හැබැයි ඉතින් මේ අයවැයම මහින්ද ජනාධිතුමා ඉදිරිපත් කළා නම් මේ කටින්ම කියයි. ලෝකේ හොදම අයවැය කියල. කොහොම උනත් ලංකාවේ දේශපාලකයෝ කියන ඒවා සතපහකට විශ්වාස කරන්න බැහැ. විපක්ෂ නායක තුමානම් කියල තිබුණා මෙය හොද අයවැයක් බව. කොහොම උනත් මාස තුනහතරකින් තමයි තේරුම් ගන්න වෙන්නේ හොද නරක(රේ)
ඡන්ද කාලේ කිව්වේ කන බොන දේවල් වලින් සියලුම බදු ඉවත් කරනවා කියලා නේද? එහෙම කළා නම් 70% කින්වත් කනබොන දේවල් බහින්න ඕනෑනේ. මෙහෙම පොඩ්ඩක් අඩුකරලා පුලුවන්ද රටේ මන්දපෝෂණය නැති කරන්න? (නි)
දැන් ඔබතුමා අපිට කියන්නේ හිඟන්න කියලද? . ඊලඟ පාරත් ඡන්දෙ ඉල්ලන් එන්නකෝ. (ස)
කතාව නම් ඇත්ත. රුපියල් 2500න් හිඟන්නෝ පවුල් ගණන් බුරියානි කාපු කාලයකුත් අපිට තිබුන නේ. (ස)
කවුද එතකොට හිඟන්නා හැදුවේ? (නි)
අනේ මගේ කට! මෙතුමන්ලා කළේ හිඟන්නාව එම්බාම් කිරීමනේ (නි)
හිඟන්නෝ හිඟාකද්දී, මෙයාලා සැප වින්ඳා.මෙයාල හිතාගෙන ඉන්නේ හැමදාම රටේ මිනිස්සු මෝඩයෝ කරලා සැප විඳින්න. දැන් ඉන්න තරුණ පරම්පරාව බුද්ධිමත්. රවටන්න ලැබෙන්නේ නැහැ. (නි)
මේ වගේ මිනිසුන් ගැන මහජනතාව වශයෙන් අපි තීරණයක් ගන්න ඕනෑ (නි)
අපිට රුපියල් 2500 කින් හොඳට කාලා ඇඳලා දරුවන්ට උගන්වන්න කියලා එයාලා කළේ මොකක්ද? ඒ ගෙවල් වල විදුලි බිලටම මාසෙට කීයක්ද? (නි)
මේකට ලියන ගොඩක් අය බලන්නකෝ රුපියලේ අගයට වෙලා තිබෙන හරිය. පාවෙලා ගිහින් හඳටම ඔන්න (නි)
නියමයි මහත්තයෝ (නි)