(ෂේන් සෙනෙවිරත්න)

කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා නුවරඑළියෙන් පැමිණි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළියට රැගෙන යනු ලැබීය.  

නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක් තුළදී ඉකුත් 16 වැනි දින අම්පාර රෝහලේ භෞතික චිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ  ලබා දුන් ප්‍රකාශකයට අනුව පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.