
(ජේ .ඉඳුරුවගේ )
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 65 000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 67 500 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම ඔක්තෝම්බර් 04 දා සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හබැංකුවෙන් කොහොමත් ඉස්සර ඉඳලම සති දෙක තුනකට සැරයක් මිලියන ගණනන භාන්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනවනේ. ඡන්දෙට ටික දවසකට කලිනුත් කලා.
දිසානායක ණය...!
මේවා ණය නේද?
මිලියන 67500 දෙයියනේ මේ ණයට නේද ගන්නේ.. ඕවාට පොලියත් එක්ක නිරවුල් කරන්න වෙනවා නේද?