උතුරේ රජයේ රෝහල්වල දෙමළ භාෂාව කතාකළ හැකි වෛද්‍යවරුන් නොසිටීම හා පොලිස් ස්ථානවල දෙමළ භාෂාව දත් නිලධාරීන් නොසිටීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වන බව කිලිනොච්චි වැසියෝ කියති.
පැමිණිල්ලක් කිරීමට පොලිසියට යද්දී මුදල් දී භාෂා දෙකම දන්නා පුද්ගලයන් කැඳවාගෙන යා යුතු බවත්, ඔවුන් ද තමන් කියනා දේ හරිආකාරව පොලිසියට කියනවාදැයි නොදන්නා බවත් ඔවුහු පවසති.
ප්‍රදේශයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයට දෙමළ භාෂාව කතා කළ හැකි වෛද්‍යවරු නොමැතිවීමෙන් තමන් මෙන්ම වෛද්‍යවරුන්ද අපහසුතාවට පත්වන බව කිලිනොච්චි වැසියෝ සඳහන් කරයි.
දෙමළ හා සිංහල භාෂාව රාජ්‍ය භාෂා ලෙස නම් කර වසර තිහකටත් වැඩිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ දෙමළ භාෂා පුහුණුව ලබා දුන් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශවලට යොමු කර ඇති බවයි. තව දුරටත් පොලිස් නිලධාරීන්ට භාෂා පුහුණුව ලබා දෙමින් සිටින බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් නිසා මේ රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා. (නි)
භාෂාව බෙදුම්වාදයට මුල්වේ (ම)
ඕකට වැරදි සිංහල අය නෙවෙයි .. 70 දශකයෙන් එහා දකුණේ හිටපු දක්ෂ වෛද්‍යවරු ගොඩක් දෙමළ අය.. අපි ඒ අය ගෙන් බෙහෙත් ගන්න ගියාම දෙමළ වෛද්‍යවරු කැඩුණු සිංහලෙන් අමාරුවෙන් කතා කරන්නේ කිසිම ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ . ඒවගේම පොලිසියේ පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් හිටියා ,, බෙදුම් වාදය ඒ සියලු දේ විනාශ කරා ,, අදටත් කරමින් සිටිනවා (හේ)
මේකට විසදුම මොකක්ද?(හේ)
ලංකාවේ සියලු පුරවැසියන් දන්නවා මෙහි ප්‍රධාන භාෂාව සිංහල යන බව ඉතින් හැමදෙනාම මේ භාෂාව මුල්තැන දිය යුතුය හැම රටකම ගරු කරන්නේ ප්‍රධාන භාෂාව. (ම)
දොස්තර විභාගය පාස් වුණ දෙමළ දොස්තරවරු රට අත හැරලා ගිහින් . දොස්තර විතරක් නෙවයි 99% ඉංජිනේරු උපාධිය ගත්ත අයත් රට ගිහින් . ඉතින් ,සිංහල දොස්තරවරුට තමයි බෙහෙත් දෙන්න වෙන්නේ.(ම)
කිලිනොච්චියේ ඉන්න අයට ප්‍රශ්නයක් නම් ඔවුන්ට සිංහල දැනුම ලබාදෙන්න කටයුතුකරන්න ඕනෑ. (නි)
තමා ඉන්නා රටේ මව් භාෂාව දැනගන්න ඕනි හැමෝම.ඊට පස්සේ දෙවෙනි භාෂාව ලෙස ඉංග්‍රිසි දෙමළ වගේ භාෂාවල් . (ම)
ඉතින් ඒ අය සිංහල ඉගෙනගත්තා නම් ඉවරයිනේ (නි)
පොලිස් හා හමුදාවට බාෂා දෙකම කතා කරන අය බඳවා ගත යුතුයි (බ)
සිංහල රටේ ඉඳන් සිංහල බැරි නම් අමාරුයි තමයි. ඉගෙනගන්න ට්‍රයි කරන්න....(බ)
දෙමළ සහ සිංහල රාජ්‍ය භාෂාව කර වසර 30ක් ගතවුණත් දෙගොල්ලොම එම භාෂා ඉගෙනගෙන නැත. ඉගෙනගන්න උවමනාවකුත් නැත. (නි)
එංගලන්තයට ගියාම ඉංගිරිසියෙන් කතාකරනවා. ඉතාලියට ගියාම ඉතාලි වලින් කතාකරනවා. ප්‍රංශයට ගියාම ප්‍රංශ වලින් කතාකරනවා. මොකද මේ පුංචි අපේ රටේ විතරක් වෙනසක්? (නි)
ඉතින් සිංහල ඉගෙනගන්නකෝ. (නි)
මම දන්නා ද්‍රවිඩ මිතුරන් බොහෝ දෙනෙකුට නම් චතුර ලෙස සිංහල භාෂාව කතාකිරීමට හැකියි. (නි)
සිංහල රටක ඉපදිලා සිංහල ටිකකුත් ඉගෙනගත්තාට වරදක් නැහැ. (නි)
නිලාන්, පටු කෝණයකින් මෙදෙස බලන්න එපා. (නි)
මොකක්ද දැන් මේකට දෙන විසඳුම? (නි)
අපිත් දමිළ භාෂාව ඉගෙනගන්න ඕනෑ (නි)
මනෝජ්, ඔය කියන තරම් පුළුල් හෝ බර භාෂාව නොවෙයි. මොනවාහරි හොයාගෙන ගැටුමක් ඇතිකර ගනිමින් වෙනම රාජ්‍ය සඳහා ගමනට අඩුමකුඩුම එකතුකිරීමයි. (නි)
මේවාගේ ප්‍රශ්න විසදන්න නම් භාෂා පරිවර්තක තනතුරු ඇති කළ යුතුයි. යුරෝපා රටවල මේ ක්‍රමය ඇත. ඉතා සාර්ථක ක්‍රමයක්.(ම)
රටේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි කළා නම් ඉවරයි. මේ ඔක්කොම ප්‍රශ්න එන්න කලින් තිබුණෙත් එහෙමනෙ. (නි)
මෙතන තිබෙන්නේ භාෂා ප්‍රශනයක් නෙමෙයි, ජාති ආලයේ ප්‍රශ්නයක්. සත්‍යපාල මහතාට ඉතා මැනවින් මේ ගැන තේරෙන බව පේනවා. (නි)
රසික, නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා. මෙයට ප්‍රධාන හේතුව වෙනම රජයක් කරා යාමට මං සළස්වාගැනීම. (නි)
දෙමළ පොලිස් නිලධාරින් වැඩියෙන් බඳවා ගැනීම කළයුතුය. අනෙකුත් රාජ්‍ය නිලධාරින්ට දෙමළ සිංහල අනිවාර්ය කර ඇතුවා මෙන්ම පොලිසියටද අනිවාර්ය කළයුතුය. (නි)
උතුරේ කට්ටිය නොයෙක් රටවල ජීවත්වෙනවා. ඒ රටවලදීත් එයාලට දෙමළෙන්ද කතා කරන්නේ? එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ වගේ. ලංකාව ඇතුළෙදි තමයි ඔක්කොම ප්‍රශ්න. (නි)
ආරි, සිංහල භාෂාවේ තිබෙන වදන් 90%ක්ම දෙමළ භාෂාවේ හමුවෙනවා. ඉගෙනගන්න හරිම පහසුයි (නි)
දෙමළ පාසල් වල විෂයන් කිහිපයක් සිංහලෙන් උගන්වන්න පටන් ගන්න. රණතුංග කියන විදියට එහෙම තිබුනා නම් ඉගෙනගන්නේ නැතුවම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)
මේකට එකම විසඳුමයි තිබෙන්නේ ... අපි දෙමළ ඉගෙනගන්න ඕනෑ. දෙමළ අය සිංහල ඉගෙනගන්න ඕනෑ. (නි)
දොස්තරටත් බැරි එක නම් ලොකුම අවදානමක් (නි)
මෙී ප්‍රදේශවල ඉන්න අයට භාෂා ප්‍රශ්නෙ තියෙනවා. ඒකට හේතුව වැඩිහිටි අයට වගේම ළමයින්ටත් සිංහල ඉගෙන ගන්න තියෙන උනන්දුවක් නැතිකම. සිංහල අයනම් දෙමළ භාෂාව ඉගෙන ගන්න උනන්දුයි. (ම)
රට ඉන්න අපිට සිංහල දෙමළ හින්දි බංගලි අරාබි ඉංග්‍රීසි කතා කරන්ඩ පුළුවන්. එත් මේ ලංකා වේ අයට මොකෝ ඉගෙනගන්න බැරි.(ම)
කොච්චර නම් දෙමල ජාතික දොස්තරලා සහ රජයේ සේවකයෝ ඉන්නවද. හැබැයි උතුරේ නෙමෙයි දකුණේ. ඒ ගොල්ලෝ උතුරට යන්නේ නැහැ. (ම)
අපේ රට පාලනය කරපු හැම රජයක්ම උවමනාවෙන්ම මගහැරපු ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නය. සිංහල නිලධාරීන් වැඩ කරන සමහර පොලිස් ස්ථානවල පැමිණිල්ලක් කරන්ට ගියහම ඒගොල්ලෝ වාක්‍ය ගලපගන්න තටමන තැටමිල්ල එක්ක සංසන්දනය කරන කොට හිතාගන්ට පුළුවන් උතුරේ ජනතාවගේ තත්වය කොහොමද කියල. (ම)
එක තමයි කියන්නේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරන්න ඕනේ කියල. සිංහල හා දෙමල ඒ ඒ යට ජාතික භාෂාව විදිහට පාවිච්චි කරාම හරි.(ම)
භාෂා කීපයක් ඉගෙන ගන්නවා නම් හොදයි. නමුත් සිංහල අපි හැම වෙලාවෙම වෙනත් භාෂාවක් ඉගෙන ගෙන ඒ අය සමඟ ගනුදෙනු කරන්න ඕනැ ඇයි ඒ අයට බැරි රටේ බහුතරයක් කතාකරන සිංහල භාෂාව ඉගෙන ගන්න බැරි. එකම රටක්, එකම ජාතියක් එකම ආගමක්.එකම භාෂාවක්. එහෙම වුණා නම් මේ ප්‍රශ්න මොකුත් නෑ.(ම)
මේක ලොකු ප්‍රශ්නයක් තමයි (නි)
යුද්ධයෙන් පසු ප්‍රජා පොලිස් සංකල්පය ක්‍රියාත්මක නොකිරීමේ ආනිසංසයි මේ. එකම දේශපාලකයෙක්වත් රණවිරුවන් ගැන කතා කර කර හිටියා මිසක් පොලිසියේ රාජකාරි ගැන කතාකරන්නේ නැහැනේ. මේක පුළුල් මාතෘකාවක්. (නි)
දන්නා විදියට දෙගොල්ලන්ගේම කට්ටිය වැඩකරනවා....දැනට වැඩ කරගෙන ඉන්න වෙනත් ජාතීන් කට්ටිය පන්නන්න හදන උත්සාහයක් වෙන්න බැරිද? (බ)
සංඛ්‍යාලේඛන අනුව උතුරෙන් පිට පළාත් වලයි දෙමල භාෂාව වැඩියෙන් කතාකරන ජනතාව ඉන්නේ. ඒ මිනිසුන්ට භාෂා ප්‍රශ්නයක් නැහැ. (නි)
පොලිසියට කෙසේවෙතත් දොස්තරට භාෂාව හරියට නොතේරෙයි නම්, අනේ ඉතින් ලෙඩාට දෙවියන්ගේම පිහිටයි. සමහරවිට එකම එක බෙහෙත් පෙත්තකින් ලෙඩේ හොඳවෙන්න පුළුවන්. එහෙම නැතිවුණොත් ඉතින්...? (නි)
අපි දෙගොල්ලොම මේ භාෂා දෙකම කතාකරන්න දැනගත යුතුයි (නි)