IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


භාර්යාවන්ට මැදි වූ ශශී වීරවංශ

කලාවේ විවිධ අංශ මෙන්ම විවිධ ක්‍ෂේත‍්‍රවල නියැලී සිටින චරිත අපි දකිමු. එහිදී බොහෝ චරිත අප දකින්නේ මතුපිටිනි. කලාවේ ගැඹුර මෙන්ම ආධ්‍යාත්මය තම ආත්මයට සමීප කරගෙන සිටියද, ශශී වීරවංශ නමැති ඇය කරළිය මතුපිට දී දැකගත හැකි චරිතයක් නොවේ. ඒ නිසා මතුපිටින් දකින බොහෝ චරිතවලට වඩා ඇය වෙනස් චරිතයකැයි හැඟේ. කවුද මේ ශශී වීරවංශ? අප ඇය ගැන මෙලෙස කතා කරන්නේ මන්ද? අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ඇය ගැන අද කලා ක්‍ෂේත‍්‍රය කතා කරන්නේ සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්‍ෂණයෙන්, සුධර්මා නෙත්තිකුමාරගේ නිෂ්පාදනයෙන් නිර්මාණය කෙරෙන ‘භාර්යාවෝ’ ටෙලි මාලාව නිසාය. එහි වස්තු බීජය හෙවත් කතාවේ නියමුවරිය වන්නේ අප සමග අද පිළිසඳරකට එක්වන ශශී වීරවංශය. ඇය පිළිසඳරකට එක්වන ප‍්‍රථම අවස්ථාව මෙය වීම ද මෙහිලා විශේෂත්වයක් වෙයි. ඇගේ නිර්මාණශීලීත්වය ගැන මෙන්ම ජීවිතයේ හරවත් බව ඔබට මේ පිළිසඳරේදී වටහාගත හැකිවේවි. ශශී ගැන කෙටියෙන්... නුවරදී උපත ලබා ඇති ශශී රන්දුනු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ ශාන්ත පෝල් කන්‍යාරාමයෙනි. ඉගෙනුමට අමතරව කුඩා කල සිටම නර්තන විෂයය ප‍්‍රගුණ කළ ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය රැජිනි සෙල්වනායගම් යටතේ නර්තනය හදාරා තිබේ. සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ඇයයි. ශශී ඒ විස්තර සමග ඔබගේ සැමියා වන විමල් වීරවංශ හමු වූ අතීතය ගැන දැනගැනීමටත් බොහෝදෙනා කැමති වෙයි. මොහොතකට අපි ඒ අතීතය සිහිපත් කරමුද? ඔව්. ඒ ගැන සඳහන් කිරීම හොඳයි. මොකද සමහරු අනවශ්‍ය විදියට එක - එක දේ ප‍්‍රචාරය කරන නිසා. මම ජ.වි.පෙ හිටපු ප‍්‍රබලයෙකු වූ අජිත් කුමාරගේ නැගණිය බව බොහෝදෙනා දන්න දෙයක්. එවකට විමල් අපේ ගෙදර ආවේ පක්‍ෂයේ වැඩකටයුතු නිසයි. මේ අවදියේ මට ගෙදරින් යෝජනාවක් ගෙනල්ලයි තිබුණේ. ඒත් ඒකට මගේ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ නිසා තද බල ලෙස එම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළා. මේ අතරේ විමල් මා ගැන බලාපොරොත්තු තබාගෙන සිටින වග මට දැනෙන්න පටන්ගත්තා. ගෙදරින් ගෙනා යෝජනාව ප‍්‍රතික්‍ෂේප කිරීමත් සමග මට විමල්ගෙ ආදරය දැනුණ නිසා අපි දෙදෙනා පෙම්වතුන් වෙන්න ඇති. පසුව එය කෙළවර වුණේ විවාහයෙන්. අදවන විට අප දෙදෙනා පුතෙක් සහ දියණියක් සිටින මාපිය යුවළක්. එලෙස දයාබර බිරිඳක - මවක වූ ඔබ ගැන අද කතාවෙන්නේ ‘සප්ත භාර්යාවෝ’ නාට්‍ය මාලාවේ කතා රචිකාවිය නිසයි. කොහොමද ඒ අදහස ඇති වුණේ? ඒ වගේම ඒ වෙනුවෙන් ඔබ රචිත ගීතය ගැනත් බොහෝදෙනා කතා කරනවා. අපි ඒ ගැන විස්තර කියමු නේද? කලාව කියන දේ මට හිතෙන්නෙ මගේ ජීවිතයට කුඩාකල සිටම සමීපව තිබූ දෙයක්. විවාහයෙන් පසුව දරුවන් ලබා ඔවුන් පාසල් වයසට එළඹෙන තෙක් කරන්න තිබෙන රාජකාරි බොහොමයි. ඒත් දරුවන් පාසල් යනවිට උදේ කාලයේදී විවේකීව ගත කිරීමට කාලය ලැබුණා. එය නිකරුණේ පාළුවෙන් ගෙවනවාට වඩා මගේ ජීවිතයට සමීප කලා කටයුතුවල නියැලූණොත් හොඳ බව හැඟුණා. චිත‍්‍ර සහ අත්කම් නිර්මාණවලට කොහොමටත් මම දක්‍ෂ වුණා. එවැනි නිර්මාණ 100 ක් පමණ එකතුකර 2007 වසරේදීත්, 2008 වසරේදීත් ප‍්‍රදර්ශන දෙකක් පැවැත්වූවා. මේ සියල්ල අතරේ ගෙදර ගත කිරීමට නියම වෙන්නේ මවකගේ සහ භාර්යාවකගේ චරිතයයි. එහිදී සමස්ත සමාජයේ පවුල් දෙස බැලූවොත් විවිධ හැලහැප්පීම් තිබෙන්න පුළුවන්. නමුත් ඒ අතරේ ඉතාම සුන්දර ලෙස ගෙවන පවුල් තිබෙන්නත් පුළුවන්. කෙසේ වුවත්, නූතන සමාජයේදී අහන්න - දකින්න ලැබෙන්නේ අසුන්දර දේවල්. එය තාක්‍ෂණික විපර්යාසයේ වෙනස නිසාද කියලා හරියටම කියන්න බැහැ. නමුත් විවාහ ජීවිත 10 ක් ගත්තොත් 7 ක් විතර හරිම ඛේදජනකයි. එබඳු හැලහැප්පීම් අහන - දකින අතරෙදී වගේම පෞද්ගලිකව මට දුකක්, සතුටක් ඇතිවුණාම කවි සංකල්පනා ලිවීම මගේ පුරුද්දක්. මේ අයුරින් ලියූ කවි සිංදු කීපයක් ‘ගඟ අද්දර’ නිෂ්පාදනය කළ සුධර්මා නෙත්තිකුමාර හමු වූ අවස්ථාවක මා ඇයට පෙන්නුවා. මේ නාට්‍ය සඳහා කතාව ලියන්න ඇය මට ආරාධනා කළේ මෙවැනි දේවල් නිසා වෙන්න ඇති. සුධර්මාගේ හිතේ තිබුණේ වෙනත් රටක නිෂ්පාදනය වූ කතාවක තේමාවක්. නමුත් අපට අපේම දෙයක් කිරීමට  ඕනෑතරම් වස්තු බීජ අන්තර්ගතවීම නිසා බිරින්දෑවරු ගැන අපට හොඳ කතාවක් කළ හැකි බව මා ඇයට පැවසුවා. බෞද්ධාගමේ පවා භාර්යාවන් කොටස් හතකට වර්ග කරලා තියෙනවා. එනිසා මේ සියල්ලම අධ්‍යයනය කරලා කතාව ලියන්නම් යැයි පැවසුවා. ලෝකයේ කෝටි - ප‍්‍රකෝටි ගණනක් භාර්යාවන් සිටියත් මේ කියන කොටස් හතෙන් එකකට ඒ අය අයත්වෙනවා. පවුල් හතක් දිහා බැලූවොත් එය හොඳට පැහැදිලි වේවි. ඒ නිසා මුල සිට මේ කතාව මම ලියන්නම් කීවා. නමුත් මම මොන දේ කළත් කරන්නෙ බුද දහමට අනුවයි. ඒ නිසා කතා තේමාවට බුදු දහමේ සංකල්පය තිබිය යුතු බව පහදා දුන්නා. අනියම් සබඳතා නිසා අයහපතක් මිස හොඳක් වෙන්නේ නැහැ. ඒවා ජීවිතේ සැප කියලා ඒත්තු ගන්වන කතාවක් ලියන්න මට බැහැ. යහපැවැත්ම හැමදාම දිනනවා. යහපැවැත්මෙන් ජීවත් වුණොත් ජයග‍්‍රහණය ලැබෙනවාමයි. නමුත් අයහපත් පැවැත්මෙන් ජීවිතයට උරුම වන්නේ පරාජයමයි. මේ නිසා එම සංකල්ප යටතේ ලියන්නට සුධර්මා මට භාර කළා. ‘භාර්යාවෝ’ කතාව වගේම එහි තේමා ගීතයත් ලියැවුණේ එකී තේමාව අනුවයි. මෙහිදී කිසිදු බලපෑමකින් තොරව තිර කතාව ලියන්න (දෙබස් පෙළගැස්ම සඳහා) හේමන්ත ප‍්‍රසාද්ගේ දායකත්වය ලැබුණා. දසපෙරුම් පුරා පතිකුලය අරා පෙරහැරේ යන්න සුබ මඟුල් පතා සොඳුරු ලලනාවි ඈ සොඳුරු ලලනාවි සත්ගුණෙන් යුතුව මෙත් සිතින් බැඳෙන යුගදිවිය පුරා මිණිබඳුන රකින ඈ නාග කන්‍යාවි ඈ නාග කන්‍යාවි විඳින මනසට විඳින්නට හැර කර්ම ද්වාරය හැර තබා උත්තරීතර කුටුම්භය තුළ පතිනිභාවය රකින්නී ඈ.. සසර පුරුදු ලෙස පෙරුම් පුරනා යසෝදරාවී ඈ... කින්නරාවී ඈ... චෝර වධයක ස්වාමි වෙස්ගෙන ජීවිතයෙ දොර අඟුළු ලා අන් සතු පෙම් උයන් වනසා එහිම නිරයක් මවන්නී ඈ සතර අගතියෙ ගතිය මවනා අපුල රුදුලිය ඈ කුරිරු රකුසිය ඈ... මාතු භාර්යා... භගිනි භාර්යා... දාසි භාර්යා... සඛි භාර්යා... චෝර භාර්යා... වධක භාර්යා.... ස්වාමි භාර්යා... සප්ත භාර්යාවෝ.../// භාර්යාවෝ (සප්ත) සඳහා ශශී වෙතින් කතාව මෙන්ම තේමා ගීතය ද නිර්මාණය වූයේ එලෙසිනි. මේ සියල්ලට සාපේක්‍ෂව ඇය සමග කතාබහ කරමින් සිටියදී ඇය බුද්ධාගමට වඩාත් සමීප, ඒ දහමට අනුව ජීවත් වන චරිතයක් බව අපට පසක් විය. සවස 6 න් පසු කිසිදු උත්සව හෝ සාදයකට නොයන ඇය දරුවන්ගේ අධ්‍යාපනය සහ ක‍්‍රමවත් පිළිවෙත් ගැන සිතා කටයුතු කරයි. ආගම - දහමට අනුව ජීවිතය ගෙවන හැටි දරුවන්ට පහදා දෙන ඇය දරුවන් නැතිව කිසිදු ගමනකට දායක නොවෙයි. ජීවිතයේ හරය සහ විනය ගැන ඉතා දැඩිව විශ්වාස කරන ඈ මොන දේ කළත් දවසේ පැයක් ආගමික කටයුතු සහ වතාවත්වල යෙදීම සඳහා වෙන්කර ගන්නේ මනස සහ සිත වඩ වඩාත් සන්සුන් කරලීම වෙනුවෙනි. ඇයට බුද්ධාගමේ බොහෝ විෂයයන් ගැන අවබෝධය ඇතිවා සේම සූත‍්‍ර 22 ක් පමණ ද කටපාඩම්ය. ඒ සියල්ලටම තමා හුරු වූයේ වයස අවුරුදු 6 දී පමණ බව සිහිපත් කරන්නේ හදපිරි භක්තියෙනි. ‘භාර්යාවෝ’ පුංචි තිරයට පැමිණි මොහොතේ ශශී ගැන පැවසූ දේවල් වඩාත් සාධාරණ යැයි ඔබ වටහා ගනීවි. අපි ඇගේ නිර්මාණශීලි ගමන දෙස බලා සිටිමු.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ



අදහස් (0)

භාර්යාවන්ට මැදි වූ ශශී වීරවංශ

සිල්වා Sunday, 06 May 2012 02:52 AM

ශෂී වීරසිංහ හරිම ලස්සනයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site