මුල්ලේරියාව වල්පොළ හන්දියේදී හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි විමැසීම ඔක්තෝබර් 20 වැනිදාට නියම කරන බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. පේ‍්‍රමචන්ද්‍ර මහතාත්, ඔහුගේ ආරක්ෂකයන් වූ දමිත ජයසේකර හා මොහොමඞ් අසීම්ගේ මරණ පරීක්ෂණවලදී පැවැසූනේ පේ‍්‍රමචන්ද්‍ර හා දුමින්ද සිල්වා යන කණ්ඩායම් දෙක වල්පොළ සිරිමා බණ්ඩාරනායක පුස්තකාලය අසලදී මුහුණට මුහුණ ලා හමුවූ බවයි. දෙදෙනා අතර වචන හුවමාරුවකින් පසුව වෙඩි තැබීමක් සිදුවී යැයි ද උසාවියේදී සඳහන් විය. මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. වෙඩි වැදීමෙන් ඇති වූ බහු විධ තුවාලවලින් අභ්‍යන්තර ලේ වහනයෙන් මරණය සිදුවී ඇතැයි ඔහු නිගමනය කෙළේය. වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත‍්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd