’ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුණු ඉන්දීය සුරූපිනියෝ විසි දෙනෙක් ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ යානයකින් ඉන්දියාවේ සිට අද (11) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතින් දිවයිනට පැමිණියහ.
සිනමන් හොටෙල් ඇන්ඞ් රිසෝට් ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ‍්‍රී ලංකන් සමග එක්ව මාර්තු මස 11-16 දක්වා සතියක් පමණ අවසන් වටයේ සුරූපිනියන් 20 දෙනා සඳහා සත්කාරකත්වය සලසයි .
ෆෙමිනා මිස් ඉන්ඩියා වසර 50ක කාලයක් පුරා ඉන්දියා සුරූපිනියන්ගේ සුන්දරත්වය පමණක් නොව හරාත්මක බවද ඇගයීමකට ලක් කෙරෙන පුරෝගාමී වු එරට පැරණිතම රූ රැජිණ තරගයකි.
මෙවර 51 වැනි රූ රැජිණ වීම සඳහා ඉන්දියාවේ නගර 20ක සංචාරය කිරීමෙන් අනතුරුව ෆෙමිනා මිස් ඉන්ඩියා 2014 තරගයේ අවසන් වටය සඳහා මෙම සුරූපිනියන් 20 දෙනා තෝරාගෙන ඇත. මොවුන්ගේ කුසලතා පරීක්‍ෂණ මුම්බායි නගරයේදී පැවැත්වේ.
ඉන්දියාවේ දැවැන්තම මාධ්‍ය ආයතනය වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ව්‍යාපාර සමූහය මෙම තරගයේ ප‍්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ගෙන්න ගන්න හොද ජාතියක් නොවෙයි (අ)
සුරුපිනියන් කොහොම වෙතත් රූප රාජිනි තරගයට සහබාගි වන්නන් කියල දැම්ම නම් තමා හරි. අපේ රටේ කෙල්ලෝ මොන තරම් ලස්සනද සාරිය ඔසරිය ඇදපුවම.(නධී)
ඇත්තටම ලස්සිනයි. හැබැයි ලංකාව දෙවැනි වෙන්නේ නැහැ (දී)
ඇස් වල දෝෂයක් මේ අය තෝරපු අයට. අයියෝ සල්ලි.(නදී)
මොකද මේ ගොල්ලෝ ලංකාවේ ? (දී)
බදිනවා නම් මෙහම කෙල්ලෙක්ව බදින්න ඕනේ (දී)
හිතේ ඇති හරි ලොකු මිනිස්සු කියලා (දී)
ඇත්තටම මෙහෙ අවේ මොකටද? (දී)
ඇත්තටම ලස්සනයි හැබැයි ලංකාවේ අයට වඩා නෙමෙයි (දී)
ඇත්තටම සුන්දරයි සුභ පැතුම් (දී)
මේ නංගිලා ටික පරිසමට ලංකාවේ සංචාරය කරලා, ලංකාවේ සුන්දරත්වය විඳගෙන, හැකි ඉක්මනට තමන්ගේ ගම රටට යන්න උත්සහා කරන්න. මොකද අපේ පළාත් බබ්බු තෝරන තරඟයට මේ දිනවල ලක ලෑස්ති වෙනවා. ඒ පලාත් බබාලා 29 වෙනිදායින් පසු වැඩිවියට (ලොකු ළමයි බවට) පත් වෙනවා.(දී)
අපේ රටේ මිනිස්සුන්ට කරන්න වෙන වැඩ නැද්ද හැබැටම?(දී)
සන්කෘතියක් නැති රටකට යවන්න තිබ්බේ (දී)
ලෝකයේ ලස්සනම ඉර ලංකාවේ, හද ලංකාවේ,ලෝකය තියෙන්නෙත් ලංකාවේ. හොදම කුහක අදහස් තියෙන මිනිස්සු ඉන්නෙත් ලංකාවේ. (දී)
මෙයින් ලස්සනම කෙනාව තෝරාගන්න ඉන්දියාවට බැරි නිසාද ලංකාවට අරගෙන ආවේ. (අ)
අපේ කට්ටියගෙන් මෙයාලව ආරක්ෂා කරගන්න වෙයි නැතිනම් රටේ නම කැත වෙන්න පුළුවන්, (දී)
මෙයාලට කන්න දීලා නැහැ හරියට. පරඬැල් කොක්කු වගේ ඇටෙයි හමයි විතරයි.(දී)
ආවට කමක් නැහැ අපේ සංස්කෘතිය විනාශ කරන්නේ නැතිව (දී)
කව්ද මේ අයව තේරුවේ කියන එක මටනම් ප්‍රශ්නයක් , රු රජිනියලු හිනා යනවා (දී)
කෝ ලස්සන ...මේකප් එක විතරයි (දී)
මොකද මේ හදිස්සියෙන් ලංකාවට ගොඩ බැස්සේ (දී)
චන්ද ව්‍යාපාර වලට ගනීවිද දන්නේ නැහැ (දී)
හැබැයි ලංකාවේ කෙල්ලන්ට කිට්ටු කරන්නවත් බැහැ
සුරූපී අය මේකප් අයින් කලාම විරුපිද දන්නේ නැහැ (දී)
ඒ කට්ටිය ආවට අපිට මොකෝ? එයාලට වියදම් කරන මුදල් වලින් අපේ රටේ දුගියන්ට කෑම ටිකක් අරන් දෙන්න. (දී)
හරියට වැසිකිලියක් නැති එව්වෝ රූප රැජිනියෝ කරලා ලංකාවට එවන්නේ ලංකාවේ ඉන්න කොල්ලෝ ටික බිලි බා ගන්නද? (දී)
ගහන්න ගහන්න වදින මිනිහද වදින්න වදින්න ගහන මිනිහද වඩාත්ම මෝඩ ?? අනේ කව්රු හරි කියල දෙන්න කෝ. (අ)
ඉන්දියානු විලාසිතාව හා බැඳුනු ශ්‍රී ලංකික සිනහව. (දී)
කොච්චර ලස්සන උනත් ඉන්දියන්නේ.(නදී)
ඉන්දියාවෙන් ගේන්නේ මොනවද මල් දීල වැදලා බාරගන්නේ. මෝඩ මිනිස්සු.
කවුද මේ හිනා වෙවී ඉන්නේ (ස)
පාරේ යන ගමන් බලන් ගිහින් කියන්න. අපේ රටේ වගේ නෙමේ ලංකාවේ මින්ස්සු පාරේ රේන්නේ නැහැ කියලා (අ).
මුතු වැල් සිනා රැදී වුවනත අදින නුවන් -රස කාමියනි ඔබ හැමටම ආයුබොවන් (අ)
යන්න ඕන බලල එන්න. (අ)
අපෝ මෙලෝ රහක් නැනේ. මෙයාලටද එයාල රූ රජිනියෝ කියන්නේ? (අ)
ඉන්දියාවේ කාන්තාවන්ට වියදම් කරන එකේ අපේ දුප්පත් ළමයෙකුට වියදම් කළා නම් හොඳයි නේද? (නදී)
මටත් තියෙන ප්‍රස්නේ ඒක..මෙයාලව තේරුවේ කව්ද අනේ රු රැජිනියන්ට.ඇස් වල දෝෂයක්ද තෝරපු අයට. (ස)
මටනම් අපේ කෙල්ලෝ තරම් එකෙක්වත් ලස්සන නැ (අ)
කෙල්ලෝ නම් ලස්සනයි (අ)
මට නම් මගේ රටේ කෙල්ලෝ තරම් මුන්ව ලස්සන නැහෙ. අනිත් එක මුන් මහා බක පණ්ඩිත අම්මල. මුන්ව එවන්න ඕනේ සේද මාවතේ නොවේ. අපේ කට්ටියටත් ඉන්දියාව හරිම ලොකු වෙලා. (අ)
හොඳයි
ලංකාව කරදරේ වැටිණු වෙලාවේ ඔය කවුරුත් ආවේ නැහැ උදව්වට. (අ)
වරනාසි දැක්කම ඉන්දිවෙ කෙල්ලෝත් එපා වෙනවා, ලාටු නොගැවට මුන හඳ වගේ ගම්බද අපගේ කෙල්ළනගේ, (අ)
අපේ ගමේ ඉන්නා මීට වඩා සුරූපිනියෝ. (අ)
මෙයාල දැන් සාරි අදින්නෙම නැත්ද? (අ)
අපේ ලංකාවෙ සුරූපිනියො තියා නළු නිළියන් 500ක් ඉන්දියාවට ගියත් කිසිම දේකින් මේ වගේ ප්‍රසිද්දියක් දෙන්නෙ නෑ. ඒකට අපේ රට.(අ)
සුන්දරයි!එත් ලංකාවේ අයව හැල්ලුවට ලක් කරන්න එපා. (අ)
මේ අය දිහා බලල අපේ ටෙලි නිලියෝ දිහා බලනකොට අපේ අය නිකන් දැවිල අළු වෙලා ගිය හේනක හිටපු වෑදිරියන් වගේ.(නදී)
අයියෝ සල්ලි.(නදී)
මාර මාර ලස්සනයි (ස)
රේගුවේ නිළධාරින් මෙයාලගේ ගමන් මලු හොදට පරීක්ෂා කලාද්? (නදී)
ගැහැනු ළමයි ටික ලස්සනයි.(නදී)
කේමාවගේ කතාව මතක් වෙනවා. (ස)
සාදරයෙන් පිළිගනිමි.(නදී)
අපට මදි පාඩුවට තිබුනේ ඔය ටික විතරයි. දැන් ඒකත් හරි.(නදී)
ලංකාවේ තියන රත්රන් ඉන්දියාවට ගෙනියන්න පුළුවන් අලුතින් හොයාගත්තු ක්‍රමයක්ද කොහෙද ..? 20 දෙනාවම හොදින් චෙක් කරන්න ඕන ආපසු යනකොට ..? (නධී)
මෙලෝ රහක් නැහැ.(නදී)
සංචාරක වයාපාරයේ ප්‍රචාරයට මහත් රුකුලක්.(නදී)
අපේ රටට ලොකු අඩුවක් සම්පුර්ණ වුනා,(අ)
ඇයි මෙච්චරම පින්තුර? (අ)
අනෙ මටනම් ලස්සන නෑ .. නිකන් පිට ලෑලි වගේ.(නධී)
අය්යෝ, මේ අය දැන්ම ආපහු යවන්න. (අ)
මට නම් අපේ ශ්‍රී ලාංකික කෙල්ලන් ලස්සනයි මෙම අයට වඩා. අනික් කරුණ අපේ බංකොලොත් පාඩු ලබමින් දුවන ශ්‍රී ලංකන් ගුවන් සේවය මොන එකකටද මේ අය වෙනුවෙන් දායකත්වය දෙන්නේ ? ඉන්දියාවෙන් කිසි විටක අපිට ලාබයක් හෝ වාසියක් නැහැ පාඩුවක් මිසක.(නදී)
ලංකාවේ අම්බලන්ගොඩ රුකඩ වලට නම් මෙයාල ගැලපෙනවා .(අ)
හරි ශෝක් නේ. අපේ සල්ලි වලින් කවල පොවලා නලවල යවන එක. අපේ ජනතාවට දැන් අඩු ඔච්චරයි. වාසනාවන්. (නදී)
මීට වැඩිය ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවා නේද? (ස)
බීච් එක පැත්තේ එහෙම යන්න එපා (අ)
අපු එකනම් හොඳය නමුත් මේ අය හැමදාම ජාත්‍යන්තරයට ගිහින් කියන්නේ මෙහෙ මානව හිමිකම් කඩවෙනවා කියලයි. (අ)
ඇයි මොකද අපේ ලංකාවේ කෙල්ලොත් මේවගේම හරි මිට වඩාත් හරි ලස්සනයි (දී)
හොදයි (දී)
ලාල් අයියා කියන එක හරියටම හරි. මෙයාලාගේ රටෙන් අපට සලකන විදිහට මෙයාලට අපේ රටෙන් දෙන මෙි සැලකුම් ගැන හිතලාවත් අපේ රටෙ මනුස්සකම් ගැන එයාලට දැනෙයිද දන්නෑ. කමක් නෑ ලාල් අයියේ එයාලා එහෙම කලාට අපි එහෙම නෑනේ. අපිගාව හොද ආගන්තුක සත්කාර තියෙනවා.(නදී)