කොලොන්නාවේ දී අද සවස සන්ධානයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා මරුමුවට පත්විය තුවාල ලබා කොළඹ රෝහලට ගෙන ආ ඔහු එහිදී මියගිය බව වෛදවරු කියති. මේ සිද්ධිය වාර්තා කිරීමට රෝහලට අසලට රැස්වූ මාධ්‍යවේදීන්ට ද මැර ප‍්‍රහාරයක් එල්ල විය. කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන පේ‍්‍රමචන්ද්‍ර මහතා විජය කුමාරතුංග මහතා විසින් පිහිටැවූ මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිසියේය. කොලොන්නාව නගර සභාව මුලින්ම නියෝජය කළ ඔහු ප‍්‍රථම පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ද විය. පොදුජන එක්සත් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ ඉන් පසුවයි. ඔහු වෘත්තිය සමිති කටයුතු පිළිබඳව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කෙළේය. පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය බොරැල්ල පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ගිය අතර ඔහුගේ ආධාරකරුවන් සියගණන් පැමිණ ඔහුට ගෞරව දක්වමින් හඩා වැළපුනාහ.
ශාන්ත රත්නායක
ඉන්දිකා රාමනායක







1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිගත්තෝ අවියෙන්ම නසිති (ස)
අවිගත්තෝ අවියෙන්ම නසිති
ලෝක විනාසයේ ආරම්බය ලන්කාවෙන් වගේ.....
කවුරු උනත් මිනිස් ඝාතනය ගැන කණගාටුයි
මණ්ඩලේ කචල් වගේ
ලංකාවේ එල්ලුම් ගහ තිබ්ය යුතුයි
රටක් වටින මනුස්සයෙක්