
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර ගිනි තබා ඇති බව පුත්තලම පොලීසිය කියයි.
බරපතල පිළිස්සුම් තුවාල ලැබු දෙදරු බව හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ(19) මියගොස් ඇතැයිද පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක් වු ජමාල්දින් පාතිමා සපුනා නැමති කාන්තාවක් බව කියයි.
බිරිදට භුමිතෙල් දමා ගිනි තැබු සැමියා එය නිවා දමන්නට යාමේදි ඔහුද සුළු පිළිස්සුම් තුවාල ලබා පුත්තලම මූලික රෝහටල ඇතුලත් කර ඇති බව කියයි.
සැමියා විසින් සිරුර ගිනි තැබිමේන් පසු මෙම දෙදරු මව දිව යද්දි අසල්වාසින් විසින් ඇයගේ ගිනි ගනිමින් තිබු සිරුර නිවා දමා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් එක එක මතවාද හදාගෙන කාම ලෝකේ අතරමං වෙලා. කාටවත් මානසික නිදහසක් නෑ. මිනිසුන් මීට වඩා විවෘත විය යුතුයි.