අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකායේ කිසිදු භික්ෂුවක් නිකායේ අවසරයකින් තොරව සක්‍රීය මැතිවරණ කටයුතුවල යෙදීම හා ශ්‍රමණ විරෝධී ක්‍රියාවක යෙදීම තහනම් කිරීමට අද (24) සවස පැවැත් වූ එම නිකායේ සුධර්මාකාරක සංඝ සභාව තීරණය කළේය.
අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී අමරපුර සිරි සද්ධර්මවංශික නිකායේ මහා නා හිමියන්ගේ මූලිකත්වයෙන් බළපිටිය වැලිතර මහා කප්පින සීමාමාලකයට රැස් වූ සංඝ සභාව එම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් කථිකාචාර්ය බළපිටියේ සිරි සීවලි නාහිමියෝ ප්‍රකාශ කළහ.
මේ අනුව එම නිකායේ භික්ෂුවක් ශ්‍රමණ සාරුප්ප්‍යයට නොගැලපෙන උද්ඝෝෂණ, රැස්වීම්, පොලිසිය සමග ගැටීම් සහ සක්‍රීය මැතිවරණ කටයුතු වලට නිකායේ අවසරයකින් තොරව සහාභාගී වීම තහනම් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු සාදු සාදු.!!!! ආර්ය මහා සංඝරත්නය තව බොහෝකල් බුදු සසුන ආරක්ෂා කරත්වා!! චිරාත් කාලයක් බුදු සසුන මේ ලක් දෙරණේ බැබලේවා!!!සිංහල බෞද්ධ බැතිමතුන් වෙනුවෙන්ගත් බොහොම වටිනා තීරණයක් සාදු සාදු සාදු..(අ)
සාදු,සාදු,සාදු ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලැබේ.... කාලෝචිත තීරණයක්...මෙහෙම නොවුනානම් තව වසර 2400ක් බුදු දහම සුරැකෙන එක හීනයක්..............(අ)
අපේ හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා ....(අ)
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ අමරපුර නිකායේ නෙව්යිද? (දී)
සාදු සාදු සාදු ... !!! බුදු සසුන බැබලේවා ...! (දී)
බුද්ධ ශ්‍රාවක මහා සංග රත්නයට තියෙන්නේ නිවී සැනසිගිය හදවතක්. උන්වහන්සේලා වචනයෙන්, කයෙන් නිවී සිටින්නෝය. උපශාන්ත සිත් ඇති විතරාගී වන්නෝය. සම්බුද්ධ සාසනය රැක ගන්නට කතිකාවත් අවශ්‍ය නැත. මේ ගත තීරණයම හේතු වන්නේය. සාදු. සාදු.. සාදු... (දී)
දෙශපාලනය තුළදි භික්ෂුව ඡන්දය ඉල්ලන තත්ත්වයට පත් නොවිය යුතුයි. දේශපාලනය සිදුකරනු ලබන පුද්ගලයන්හට අනුශාසක කෙනෙක් වශයෙන් නිවැරදි නායකත්වයක් සපයන්නෙ නම් එය භික්ෂූන් හට ගැලපේ. { දෙශපාලනය වෙනුවෙන් පවත්වන්නට යෙදෙන සභා මධ්‍යයේ කතා කිරීමද සුදුසු නොවේ. !!!! රැස්වීම් (අ)
බොහොම හොද තීරණයක් (දිල්)
ඇත්තටම සතුටට කරණයක්.ඔය තිරණයට අපේ නිකායවල මහානායක මහා හිමිපාණන් වහන්සේලා ප්‍රමුකත්වය ගත්තොත් අපිත් ගොඩක් සතුටු වෙනවා. (අ)
ඉතා නිවරදි තීරණයක්. අනිකුත් නිකායන් වල මහානායක ස්වාමීන්වහන්සේලාද මෙවන් සම්මුතියකට පැමිණිය යුතු යැයි සිතේ. පෙර රජ දවස පටන් භික්ෂුන් වහන්සේලා පාලකයින්ට අනුශාසනා කළා මිස මෙසේ කලහකාරී ලෙස හැසිරුණු බවක් අප අසා නැත. ඉතාමත් හොද තීරණයක් ගත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය ''වේවා''(දිල්)
බහුජන හිත සුව පිණිස වනදේ විශේෂෙයන් දෙපිරිසටම අවැඩ නොවන දේ කිරීමට ඇති අයිතිය අහෝසි කිරීම නොගැළපේ. ගැළපෙන ලෙස කිරීමට නියෝග කරීම වටී.(දිල්)
කාලෙකට පස්සේ හොඳ ආරංචියක් (දිල්)
සාදු සාදු ඉතාමත් කාලෝචිත තීරණයක්.(දිල්)
හොද වගේම නරකත් මේකේ තියනවා (දිල්)
සාදු! සදු! සාදු! ඉතා හොද පියවරක්. නායක හාමුදුරුවන් මෙතෙක් කාලයක් නිහඬව සිටින විට හැමෝම මේ දෙස උපේක්ෂාවෙන් බලාසිටිය. ඔබතුමන්ලා මේ ක්‍රියා අනුමත කරනවාදෝ කියා. ඔය ගත් පියවරට මේ අදහසත් ඇතුළුකර ගත්තොත් වඩා කාලෝචිතයි කියා සිතමි. එනම් දේසපාලකයන්ගේ මිනි මරුවන්ගේ, පාතලයන්ගේ නැති ගුණ වර්ණනා කිරීමත් තහනම් කිරීම. (දී)
බුද්ධ ශාසනයේ ආරක්ෂාවට ගන්නා ලද හොඳ තීරණයක් ,(දී)
හොදම තිරණයක් ඇත්තෙන්ම...(දී)
දේසපාලනය කියන්නේ (දේශය පාලනය කිරීමක් ) වචනය වරද්දගන්න එපා .එදා වරිය පොළ සුමංගල හිමි ,මිගේට්ටුවත්ටේ ගුණානන්ද හිමියන් එස් මහින්ද හිමියන් කලේ දෙස පාලනයක් තමා
සාදු සාදු සාදු.!!!! ආර්ය මහා සංඝරත්නය තව බොහෝකල් බුදු සසුන බබලාවා!! චිරාත් කාලයක් බුදු සසුන මේ ලක් දෙරණේ බැබලේවා!!! (අ)
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මාර්ගපල මහනින්සංස ලැබෙන්න ඕනේ මේ ගත්ත තීරණයට. මොකද අපේ සාසනය රැක ගන්න නම් නායක ස්වාමින්වහන්සේලා හැටියට ඔබ වහන්සේලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ.අද සමාජයේ සංඟයාවහන්සේට තියන ගරුත්වය අඩුවෙන්න එක හේතුවක් ඔය දේශපාලනය. (අ)
කලකට පසු හොද ආරංචියක් . (අ)
බොහොම හොඳ වැඩක්. විශ්ව විද්‍යාල වල ඉන්න ගෝල හිමිවරුන්ටත් මෙම නීති රීතිම ක්‍රියාත්මක කරන්න. (අ)
මේ තීරණය ලබා දීම ගැන අමරපුර නිකායේ සිලගුනොපිත ශික්ෂාකාමී මහා සංග්‍යාවහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. (අ)
හොද තීරණයක් හැටියට දකිනවා, සක්‍රිය දේශපාලනයට පැමිණීමෙන් බෞද්ධ භික්ෂුවට හිමි තැන හැල්ලුවට ලක්උනා, නමුත් රට ජාතිය වෙනුවෙන් හඩ නගන්නට පාලකයන්ට උපදෙස් දීමට ඉදිරිපත් වීමට හැකි විය යුතුයි,(අ)
අනේ සාදු !ඔය තීරණය අනෙක් භික්ෂුන් වහන්සේලාත් අරගත්තොත් හොදයි . එච්.එච්.එස්. ප්‍රියන්ත
නියම හොද තීරණයක් (අ)
හොද වැඩක් (අ)
ඉතා හොඳයි
මම නම් මේකට අත් දෙකම උස්සල කැමැත්ත දෙනවා . මේ වැඩෙන් බුද්ධ ශාසනය රැකෙනවා . හාමුදුරුවන්ගේ ගෞරවයත් රැකෙනවා (අ)
කලකට පස්සෙ අහන්න ලැබුනු හොද පුවතක් එමෙන්ම දුෂණ අපරාධ වල යෙදෙන භික්ෂූන් සාසනයෙන්ද නෙරපිය යුතුය (අ)
ඉතා හොඳයි (අ)
සාදු, සාදූ, ආදර්ශයක් (අ)
ඇති දැන්වත් තේරුනා .නැති නම් බුදු දහම නැති වනවා (අ)
නිවරදි තීරණයක්. අනිකුත් නිකායන් වල මහානායක ස්වාමීන්වහන්සේලාද මෙවන් සම්මුතියකට පැමිණිය යුතු යැයි සිතේ. පෙර රජ දවස පටන් භික්ශූන් වහන්සේලා පාලකයින්ට අනුශාසනා කළා මිස මෙසේ කලහකාරී ලෙස හැසිරුනු බවක් අප අසා නැත. (අ)
ඉතාමත් හොඳයි. (අ)
බුදු සසුන බැබලේවා . (අ)
ශ්‍රද්ධා ගගුල තව දෙදහස් පන්සීය වසරක් ගලන්නයි බුදු සමිදුන් දෙසු විනය පිටකය හද තුල දිලෙන්නයි නිවනින් නිවෙන්නට අප හද තුල දම්සද දෙසන්නැයි අමරපුර සගසරනින් මේ සිරිලක හෙට පිපෙන්නයි (දී)
අන්න හොඳ තීරණයක්...හැබැයි, ප්‍රශ්නය තිබෙන්නේ මෙම තීරණය කෙතෙක් දුරට ක්‍රියාත්මක කළ හැකිද කියන එකයි..(අ)
බොහොම හොඳයි මොකද බුදු දහම පැවැත්මට ලොකු රුකුලක් මේවගේ නීති ගෙනාවොත්, හොද ඉදිරි දැක්මක් (අ)
සාධු, සාධු, සාධු. අමරපුර නිකායේ මහනායක හිමිපාණන් විසින් බුදු සසුන රැක ගැනීම සඳහා ගත් එම තීරණයට අපි සැම සතුටු සිතින් නමස්කාර කරමු. (අ)
බුදු දහම අනුව නිකාය කීපයක් තියෙන්නේ ඇයි? කුල භේදය නේද මෙතන?
ඇතැම් "භික්ෂුවරුන්ට" සාසනික වශයෙන් කරන්න තියෙන වැඩ අඩු නිසා ඔවුන් සුදුසු දේශපාලනයටම තමයි. මහමෙර ගිලපු අයට අග්ගලාවත් කජ්ජක්ද කියල කිව්වලු.(දී)
බලපිටියෙ සීවලී හමුදුරුවන්ට ගොඩක් පින් මේ ගත්ත තීරණයට සීවලී හාමුදුරුවෝ ආදර්ශයට ගනිමු (අ)
අමරපුර නිකායික මහනාහිමියන් ඇතුළු සංඝරත්නයට මගේ නමස්කර පුර්වක ස්තුතිය.මෙය අනෙක් නිකායික ස්වමින්වහන්සේලටද අදර්ශයක්ම වේවා. (අ)
ඉතාම කාලෝචිත සහ උතුම් තීරණයක්. මෙම අදහස අනෙකුත් සියලුම නිකායවල මහනායක හිමිවරුන් වහන්සේලාද සැලකිල්ලට ගන්නවා ඇතැයි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි. මෙයට අමතරව භික්ෂුන් වහන්සේලා රජයේ රැකියාවලට යාම ජංගම දුරකථන, පරිගණක සහ රුපවාහිනි යන්ත්‍ර භාවිතය වැනි දෑ මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර හදී හූනියම් වැනි සමාජයට අහිතකර අනෙකුත් කර්මාන්තයන්හි නියැලීමද සපුරා නවතා දැමීම වටී (අ)
අපේ මහනායක හාමුදුරුවන් ඇතුළු අපේ නිකායේ ගරුතර සංඝරත්නය මේ ගන්නා ලද තීරණය ඉතා වැදගත් එකකි භික්ෂුවට දේසපාලනය උවමන නැත දේශපාලනය නිසා මුළු සඟරුවනටම වන්නේ ඉතා අවැඩකි අපකීර්තියකි මන්ද සමහරක් ඇතැම් භික්ෂුන්ගේ නොමන කටයුතු නිසාවෙනි (අ)
අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී මහා නා හිමියන් මා කුඩා කල සිට ඉතා හොදින් දනිමී. භික්‍ෂුන් වහන්සේලා අතරින් ඉතා පිරිසිදු සීලවන්ත ස්වමින්වහන්සේ නමකි.(අ)
හාමුදුරු වරුන්ගේ කටවල් වැසීමක් මේකෙන් කරන්නේ . රට ජාතිය අනතුරේ බව කාට කාටත් අමතක වෙලා වගෙයි. රජයට උවමනා විදිහට වැඩ කරන්න බැරි උනේ හාමුදුරුවන් ඊට විරුද්ධව හඬ නගන නිසයි. බරපතල වරදක් බව පහුවෙනකොට තේරෙයි. ලංකාව අනතුරේ බව කව්රුත් වටහා ගත්තොත් හොඳයි. (අ)
මෙය ඉතා හොද තීරණයක් (අ)
කාලොචිතයි ඔබ වහන්සේලාගේ ශාසනික සේවාවට ශක්තිය ජය (අ)
දකුණුලක බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතීතයේ සිට මහා ජාතික වැඩ කලේ බුදු වදනට අනුව යමින් අදත් අප බලපිටිය මුල් වී මෙවන් ගරු තීරණයක් ගත සඟ රුවනට සාදු කර දෙමු (අ)
හාමුදුරුවන් මෙහෙම වෙනවා නම් හොදයි අපේ බුදු දහමට අභියෝගයක් නැත්නම්, (අ)
අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකායේ ඉතා සුලු පිරිසයි ඉන්නෙ...අනෙක් නිකායවල් මෙය ක්‍රියාත්මක කරත්වා..(අ)
අනේ සාදු...!!ප්‍රමාද වෙලා හරි ඉතාමත් හොද තීරණයක් ගත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය ''වේවා'' බුදු සසුන මුළු ලෝකයේම සදා බැබලේවා..,සාදු..සාදු....සාදු...!!!! (අ)
දැන්වත් මලේ පාවිච්චි කරපු එක ලොකු දෙයක් (දී)
කාලෝචිත තීරණයක් බොහොම වැදගත්.තවත් ප්‍රමාද නැතිව මේ ගත්ත තීරණය.නැතිනම් දේශපාලනේ නිසා සංඝ රත්නයට තුබුණු ගෞරවය නැති වෙලා යමින් තිබුනේ.(දී)
ප්‍රමාද වී හෝ මේ වගේ තීරණයක් ගැනීම ශාසනයට කරන සේවයකි.සමහර භික්ෂුන්ගේ හැසිරීම් ගැන දකින විට බෞද්ධයෙක් කීම පවා ලජ්ජා සහගතය. (අ)
දකුණෙන්ම තමයි වැඩේ පටන් ගන්න ඕන .....ඔන්න වැන්ඳ සීවලී හාමුදුරුවන්ට (අ)
උත්තරීතර සඟරුවන ගත් මේ කතිකාවතෙන් බුදුදහමට ගරුකරන අපැහමට මහත් වූ අස්වැසිල්ලකි. බොහෝ පින්!. (අ)
හොඳ දෙයක්
මහානාහිමියන් ගත් මේ තීරණය වෙනුවෙන් මම සහ මේ රටේ ඉන්න සිංහල ජනතාවගේ නමස්කාරය දහස් වාරයක් පුද කරමි. බුද්ධ ශාසනය සහ රට වෙනුවෙන් ගත් හොඳම තීරණයි. ගොඩක් පින්. .(අ)
තීරණය නම් ඉතාම විශිෂ්ටයි.එම තීරණය අනුව එවැනි ක්‍රියාවල යෙදෙන භික්ෂුන් වහන්සේලාට විරුද්ධව දැඩි තීරණ රැගෙන ඒවා ප්‍රසිද්දීයටත් පත් කලයුතුයි.අන්න එවිට ඒ පිළිබඳව විශාල ජන සහයෝගයක් රැල්ලක් ඇතිවේවි.එවැනි තත්වයක් තුල අනිත් නිකාය වලටත් මේ විදියේ තීන්දු තීරණ ගන්න වේවි! (අ)
ඉතා දැහැමි රජෙක් වූ සිරි සඟබෝ රජුටත් සතුරන් හිටියා. භික්ෂුව යනු දසතින් දනය ලැබීමට සුදුසු සතුරන් නැති කෙනකි. මේ තීරණය සාසනයේ පැවැත්මට ඉතා හිතකර එකකි. (අ)
අප රටට ජාතියට ප්‍රශ්නයක් එල්ල උනොත් පමණක් භික්ෂුන් වහන්සේලා යමක් කලයුත්තේ ! නැත්නම් උන්වහන්සේලා ආගමික කටයුතු ආදී උන්වහන්සේලාට අදාළ කටයුතු කලයුතුයි ! විශේෂයෙන් මෙම කාලයේදී උන්වහන්සේලාට කිසිදු බාහිර දෙයකට යොමු වීමට අවශ්‍යතාවයක් නොමෙති හෙයින් ගෙන ඇති තීරණය කාලෝචිත තීරණයකි ! (අ)
සාධු සාධු සාධූ..... පමා වී හෝ ගත් මහැඟි තීරණයක්...(අ)
ප්‍රශ්නේ මේකයි. දැනට දේශපාලනේ කරන හාමුදුරුවරු වැඩි දෙනෙක් අමරපුර නිකායේ. ඒ ය ඉල්ලා අස්වෙයිද? (අ)
අමරපුර මහා නිකායට නමස්කාර පූර්වකව ස්තූතිය පුද කරමි. අනිකුත් නිකාය වලටත් මෙය පුර්වාදර්ශයක් වේවා! (අ)
බුදු දහමට, ,සිංහලයට වින කරන අයට විරුද්දව ඉදිරිපත් වීම සහ එම අයිතිය රැක ගැනීමට ඉදිරිපත් වීම මෙම තීරණයෙන් නැතිවන්නේ නැහැ නේද .නැතිනම් සිංහල බල ලොබි දෙසපළුවන් ජාතික සමගිය යි කියා මින් රුවන්වැලි මහා සෑ රදුන් එදිරිපිටත් අන්‍ය ආගමික ස්ථාන ඉදිකිරීමට ඉදිරිපත් වේවි. (අ)
බොහොම හොද තීරණයක් (අ)
ථෙරපුත්තභ්ය හාමුදුරුවෝ සිවුර ඇරලා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාවට එකතුවෙලා යුද්දෙන් පස්සේ නැවත මහන උණා.කුඩාපොළ හාමුදුරුවෝ එදාදවසේ මහන කම කුමක්දැයි පෙන්නුවා .යුද්දය කියන්නේ ප්‍රචණ්ඩකාරී දේසපාලනය .ඔය කියන විදිහට මට ගැටළු සහගතයි (අ).
සාදු සාදු... අනෙක් නිකායන් සියල්ලම මේ මගම යත්වා! ක්‍රියාකාරී දේශපාලනය කලයුතු භික්ෂූන් උපැවිදි වී එය කල යුතුයි.(අ)
පිටිගල වගේ අය රට ජාතිය ගැන කැක්කුම හාමුදුරුවරුන්ට බාරදීලා අනාගත අවදානමක් ගැන කතා කියල බෞද්ධ දර්ශනය විකුර්තිවෙන පවතුමකට හොඳයි කියනවා. හැබැවටම රට ජාතිය බේරගන්න ඉදිරිපත්වෙනවානම් ඒ අය කියනදේ හරි නම් ඇයි තමන් පැවිදි නොවී නිස්සරණ අධ්‍යාසයෙන් පැවිදි වූ අයව ගිහියන් බදාගෙන ඉන්න තණ්හා මන ධිට්ඨි වලටම පටලවන්න හදන්නේ. දැන හෝ නොදැන භික්ෂුව මේ තත්වයට පත්කිරිමමම පාපයක්. අමරපුර මහා නිකායට නමස්කාර පූර්වකව ස්තූතිය පුද කරමි (අ)
සාදූ සාදූ. බුදු හාමුදුරුවෝ වැඩියා වගේ දැනෙනවා (අ)
කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි තීරණයක්, ඉතාම හොඳයි, අනිකුත් නිකායන් වලත් මේ තීරණය ගන්නවානම් පින්...(අ)
මේ තීරණය අපේ රටේ අනෙකුත් බෞද්ධ නිකායවල මහානායක හිමිවරුන් වහන්සේලාද අනුගමනය කරමින් ප්‍රකාශ නිකුත් කරත්වා. (අ)
පරක්කු වෙලා හරි හොද තීරණයක් (දී)
ඉදිරියටත් බුදුදහම රැක ගැනීමට ගත්තු හොද තීරණයක් සාදු සාදු පන්සල රෙකුනොත් ගම රැකෙයි (දී)
ඔන්න වැඩ මේවා කාලෙන් කාලෙට වෙනස් වෙන එකනේ වැඩේ කොහොමත් මේවා ආණ්ඩුවේ වැඩ(දී)