භික්ෂුවකගේ ප්‍රමුඛ අරමුණ විය යුත්තේ අලි හැදීමවත්, දේශපාලනය කිරීමවත් නොව හිත හදා ගැනීමේ මාවතේ ගමන් කිරීම බව දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසී පිටිදූවේ සිරිධම්ම හිමියෝ කියති.
රටේ නීතියට ගරු නොකරන භික්ෂුව බුදධ නීතියට කිසි ලෙසකින්වත් ගරු නොකරන බවත්, විවිධ තනතුරු දරන හිමිවරුන් අද සිටින බවත්, අඩුවට ඇත්තේ වේටර් තනතුරු දන හිමිවරුන් පමණක් බවත්, බුද්ධ ශාසනයේ පරිහානියට ඒවා හේතුවන බවත් ඒ හිමියෝ කීහ.
සිරිධම්ම හිමි සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...
(වීඩියෝ කෞෂල්‍ය සමින්ද)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා අදහස් කිහිපයක්. රටේ පිනට පහළ වුණු භික්ෂුන් වහන්සේ නමක්.(ම)
ඔබ කියන දේවල් අහන අය තවමත් ඉන්නවා නේද හැබෑට (ම)
පුටුව ගැන නෙමෙය් ,කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තා නම් හොදයි ,,,අපේ බුදු හාමුදුරුවන්ට ඔයට වඩා වටිනා දේවල් පුජා කරලා තියනවා , එහෙම දේවල් ලබන්නත් පෙර පින් තියෙන්න ඕන ,,(ම)
මේ වගේ ස්වමින් වහන්සේලාත් ඉන්න ඕනෑ. (ම)
මගේ ධර්මය ඇත්තේ එතන... (ර)
අන්තගාමි නොවි නිදහස් මනසකින් මෙම දේශනයට සවන් දෙන්න. හරි වැරදි බව ඔබම තේරුම් ගන්න.(ම)
ඒ වගේ වටින පුටුවක් සාමාන්‍ය කෙනෙක්ට බැබෙන්නේ නැ නේද. ජෛන අදහස් තියෙන නිගන්ඨයන්ට තේරැම් කරන්න අවශ්‍ය නැ. ඒ ඔවුන්ගේ පවට නොතේරෙයි. මේ ගෙෘතම බුදු සසුනේ සත්‍ය පහල වු අවසාන අවස්තාව විය හැකි. (ර)
පලකල අදහස් ටික නම් හරි උනත් කියපු පුද්ගලයා ගැන නම් මට එච්චර පැහැදීමක් නැහැ. අනුන්ට අවවාද දෙන්න කලින් තමන් ඒවා හරියට පිළිපැදලා ඉන්න ඕනේ! (ම)
ඔබ වහන්සේගේ දේශනාවත් මාර්ගයත් සත්‍ය බව ඔබ වහන්සේගේ දේශනා අසා එම මාර්ගයේ ගිය දහස් ගණනක් වූ දේශීය විදේශීය අනුගාමිකයන් දන්නා දෙයක්. ඔබවහන්සේ මේ විශ්වයේ පිනට පහළ වූ සඟරුවනක්.(ම)
හරියට බුදු දේශනාව (ම)
සංඝ භේදය යනු කුමක්දැයි මට හරියට නිර්වචනය කළනොහැක. එහෙත් එය ආනන්තරීය පාපකර්මයක් බව නම් දනිමි. (නි)
උන්වහන්සේට දන්දෙන කට්ටිය මෙහි පළවූ අදහස් කියවන්න. අසංක, ඒ අදහස් හරි වෙන්න පුළුවන්. නමුත් අපි තවත් දේවල් දැකලා තිබෙනවා. අපිට කියන්න තියෙන්නේ ඔවා දෙනු පරහට තමන් සම්මතේ පිහිටා සිට කියලයි (නි)
අපේ ඥානසාර හිමියන් මේක දැක්කද දන්නෙ නැහැ (නි)
කලණි විතානගේ, මොකක්ද ඔබේ කතාවේ තේරුම? (නි)
නියමම බුදුන්ගේ දේශනාව හරියාකාරව නොදැන එය හරියට දේශනා කරන උතුමෙකුට ගැරහීම වැරදියි. බුදුන් දවසත් මෙලෙස සිදුවීය (නි)
සමහර බුද්ධ පුත්‍රයෝ විදින සැප දිහා බලද්දී මේ බුදු පියාණන්ගේ අනුගාමිකයෝද කියලා සැකයක් මතුවෙනවා.(ම)
හරිම අපුරු පැහැදිලි කිරීමක්. සැබෑම ධර්ම දේශනාවක්. (නි)
හොඳ දේශනයක්
මේවා ඇහෙනකොට අපේ ලේ කෝපවෙනවා. (නි)
හිත විතරක් නොවෙයි කටත් හදා ගත්ත නම් තමා හොඳ (ම)
එතකොට උපන් දින සාද? (නි)
ඒ කතාවනම් හරි.(හේ)
ඉඳගෙන ඉන්න පුටුව දැක්කහම නියම බොදු ජනතාවට හිතෙනවා ඇති ‘අනේ‘ කියලා. (නි)
හොඳ අදහසක් (නි)
සම්පුර්ණ ඇත්ත. මේ හාමුදුරුවන්ගේ හොඳ නායකත්වයක් තිබෙන බව මෙම පැය බාගයේ දේශනාවෙන් පෙනෙනවා. සාදු! සාදු! සාදු! (නි)
අවවාදය හොඳයි. නිවැරදියි.භික්ෂුවකගේ ගමන් මඟ පැහැදිලි කරල තියෙනවා. නමුත් ඔබ ඒ මග යනවද? (ම)
එක හොද අදහසක් මේ වගේ අය එකට එකතු වෙලා මේ බුද්ධ ශාසනය හදන්න ඉදිරිපත් වෙන්න ඕන (ම)
ඔබවහන්සේ පිටරට සංචාරයකදී ගනිපු පින්තුරවලටත් ඔය වදන් එලෙසින්ම වලංගු වුනානම් තමා හොද (බ)
හරියට හරි. දානයක් ලස්සනට දුන්නාම එක සාදයක් විදියට දකින චින්තනය අවුල් වුණු සමාජයට මේවා තේරෙයි ද මන්දා...(බ)
පුටුව ගැන ඔච්චර දොඩවන්නේ ලංකාවේ මිනිස්සු ජෛනයෝ නිසා. ලස්සන දේවල් වෙන කෙනෙක්ට තියෙනවට අකමැතියි. අල්පේච්ඡ බව කියලා හිතාගෙන ඉන්නේ නිරුවතින් ඉන්න එකට. ඕකයි අද තත්වේ. හොඳ වෙලාවට මේ හමුදුරුවො පහල වුණේ. (අ)
පාලිත, භික්ෂුව රටේ නීතියට ගරු කළ යුතුයි කියනකොට ඔයාගෙ ලේ කෝප වෙන්නෙ ඇයි? (බ)
අදහස පැහැදිලි, සමාජයට අධ්‍යාත්මික නායකත්වයක් අත්‍යවශ්‍යයි (බ)
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට (බ)
සත්‍ය බුද්ධ දර්ශනය දන්නවා නම් ඉදන් ඉන්න පුටුව ගැනවත් උපන්දින සාද ගැනවත් අදහස් දක්වන්න යන්නේනැ දේශනා කරන දේ නුවනින් විමසලා බලනන්න නැත්නම් තමන්ගේ මොඩකමනේ ප්‍රදර්ශනය වෙන්නේ.(ම)
විමුක්ති, ඔබ හරි. (ර)
හිතන්න මේ හාමුදුරුවෝ මොනවාද දේශනා කරන්නේ කියලා (ම)
හිත හදා ගෙන තියෙන නිසා වෙන්න ඇත්තේ ඔය මිලියනයක් විතර වටිනා පුටුවක් බදාගෙන ඉන්නේ, නේද? (බ)
දේශකයන් වහන්සේ කියන දේට වඩා පුටුව ගැනයි සමහරු කතා කරන්නේ. බුදු හාමුදුරුවෝ කැලණියට වැඩම කල වෙලාවේ මැණික් පුටුවක වාඩි වුන එකත් වැරදියි කියයි. ඒකටත් කමක් නැහැ කියමුකෝ. නමුත් කාටවත් කියන්න පුලුවන්ද මේ ස්වාමීන් වහන්සේ කියන එක දෙයක් වත් වැරදි යි කියලා ? (ර)
මේ ස්වාමීන් වහන්සේ කලින් අරවා කළා, මේවා කළා කිය කියා මෝඩ කතා නොකියා දැන් උන්වහන්සේ කියන දේ අහලා තේරුම් ගන්න බලන්න (නි)
මෙයාගේ වැඩ ගැන අපි නොදන්නවය (බ)
එතකොට එයාට මේක ඕන නැද්ද? (බ)
යහපත් ධර්මය සමහර උදවිය ප්‍රතික්ෂේප කරනවා. පහත් ධර්මය යහපත් යැයි කියලා හිතනවා. මේ ස්වාමින්වහන්සේ පවසන දේ සත්‍යයි. බුද්ධි ගෝචරයි. (බ)
අපි සිංහලයෝ ඉක්මන් විනිශ්චයට දක්ෂයි. කන බොන අඳින පළදින පාවිච්චි කරන දේවල් වලින් මනුස්සයා ගැන හිතාගන්නවා. විශ්ලේෂණ නැහැ. උන්නාන්සේ කියන දුපත් මානසිකත්වය තමා ඒ. මොකුත් හොයන්නේ බලන්නේ නැතුව පැනලා කතා කරන්න එපා. (නි)
මේ දේශනා කරන්නාවූ සත්‍ය මේ රටේ මිනිසුන්ට කවදා තේරේවිද? (බ)
ඔබ වහන්සේ කියන දේ හරියටම හරි. අපේ මිනිසුන්ට තේරුම් ගන්න කල් යාවි (බ)
ජනහිත ඉන්දියාවේ නටඹුන් වෙලා තියන ජේතවනාරාමේ පාදම ඔබ දුටුවානම් බුද්ධාගම යනු හිඟන ආගමක් නොවන බව ඔබ වටහා ගනීවි. හාමුදුරුවෝ වාඩිවෙලා ඉන්න පුටුව අත හැරලා එතුමාගේ දේශනාව හොඳද නරකද කියල බලන්න. ඔය පුටුව කව්රු හරි පුජා කරන්න ඇති. (බ)
ඔබ වහන්සේ මේවා ගැන කතා නොකර හිටියනම් වඩා හොදයි නේද.අපි නොකිව්වට සියලු තොරතුරු සහ ඔය රාජකීය සිංහාසනයෙන්ම එ්ක පේනවා. (බ)
සමිඳ, ඔබමය සංඝ සසුනේ සමන්කුල වැනි පර්වතේ ...... සාදු සාදු!! (නි)
උපදේශයට වඩා ආදර්ශය උතුම් නේද ? බුදුනේ බුදු පියාණනේ ........ගීතය මතක් වෙනවා (බ)
කාලයට උචිත ඉතාම උතුම් ධර්ම දේශනාවක්. ත්‍රිපිටකය වත් හරිහැටි අවබෝධ කර නොගෙන දේශපාලන බණ කියන චිවරධාරින්ගේ බණ අහලා මනස ඔද්දල් වුණ මිනිසුන්ටත් යමක් තේරුම් ගැනීමට හැකි සරල උතුම් දේශනාවක්. (ම)
ඉතාම වටිනා අදහස් කිහිපයක්. රටේ පිනට පහල වුනු භික්ෂුන් වහන්සේ නමක්. (බ)
කලකට ඉහතදී අපේ හාමුදුරුවන් ගැන කළකිරීමක් ඇතිවුණා. හැබැයි දැන්නම් උන්වහසේ කියන කාරණාව ගැන මට වරදක් දකින්න බැහැ. කොහොම වුණත් පෙර වැරදි කළ පුද්ගලයෙකු වර්තමානයේ හරි වැඩක් කරනවා නම් අපි හොඳයි කියන්න පුරුදු වෙන්න ඕනෑ. (නි)
ඔබ වහන්සේ කියන්නේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ කළා වගේ පන්සලේ අලි පැටවූ හදන්න යන්නේ නැතුව, උපන් දිනේට උරු මස්, හරක් මස් , කුකුල් මස් එහෙම උයලා පාටි දැම්මනම් ඉවරයි කියලද? (ම)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. මෙයාගේ බොරු වලට රැවටෙන අපේ මිනිස්සුන්ගේ ඔලුවේ හුඹස් මැටි වෙන්නැති තියෙන්නේ... මෙයා විද්‍යාව විකුණලා බැලුවා , හරිගියේ නෑ.. ටික දවසක් හැංගිලා ඉඳලා නම වෙනස් කරලා, බොරු රහත් කමක් අරගෙන ආවා ... දැන් කල්ල මරේ ... (බ)
නොමැරෙන මනුෂ්‍යයෙක් විදියට ජීවත්වෙන ඔබ වහන්සේගෙන් බණ අහන අය තවමත් ඉන්නවා නේද හැබෑට? (බ)
මට නම් ඔය හැමෝම කියන ඇහෙන දේවල් ඔක්කොම විකාර වගේ (නි)
අපේ මින්ස්සු භෞතිකත්වයට තැන දීල තියන හැටි , කවදාවත් බුදුන්ගේ නිවරදි ධර්මය තේරම් ගනී ද මේ මින්නිස්සු, ඉරිසියාවෙන් හති වැටිලා ඉන්නේ, හාමුදුරුවෝ කියන ධර්මයට නෙමෙයි උන්වහන්සේගේ පුටුව ගැන කතාව. (ර)
ඇත්ත කියන කොට රිදෙනවා, දැන් මෙහෙම නම් ඒ කාලේ බුදුහාමුදුරුවන්ට අපහස කරපු හැටි හිත ගත හැකි. අපහාස කරන්නේ එකම කෙනෙක් වගේ පේනවා (බ)
ඔබවහන්සේ ගැන ගොඩක් තැන්වල තියෙන්නේ බොරු. අපිත් කාලයක් ගොසිප් සයිට්වල තියෙන බොරු කතා විශ්වාස කරා. ඇත්තටම ඔබවහන්සේ ගැන හොයලා බැලුවාම, ඔබවහන්සේගේ ක්‍රියා ධර්මානුකූලව විමසා බැලුවාම ඔබවහන්සේගේ ක්‍රියාවල වරදක් පේන්නේ නෑ. මේ කාලේ ඉන්ට ඕනෑ ඔබවහන්සේලා වගේ භික්ෂූන්. ඒත් ඔබවහන්සේ වගේ භික්ෂූන් තව තවත් මේ රටේ පහළ උනොත් තවත් චිරාත් කාලයක් මේ රටේ බුදුසසුන පවත්වාගෙන යන්ට පුළුවන් වෙයි. සැබෑ බුදුදහම දේශනා කරන ඔබවහන්සේට නමස්කාර වේවා ! තවත් චිරාත් කාලයක් ශාසනය බැබලවීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්‍යය, දීර්ඝායුෂ ලැබේවා ! (ර)
ඉසුරන්දි, බුද්ධ පුත්‍රයෝ කියන්නේ දුක්විඳින අයටද? සැප විඳින්නේ උන්වනසේලාගේ පිනේ මහිමය නිසා. බුද්ධ පුත්‍රයන් ගැන කතා කළාට ජෛන පුත්‍රයෝ ගැනයි ලංකාවේ බහුතරයක් බෞද්ධ කියා සිතාසිටින මිනිසුන්ගේ හිත්වල පැලපදියන්වෙලා තියෙන්නේ. හිරවූ පැලපදියන් වූ දුපත් මානසිකත්වය නිසා ඉදිරිපත් කරන අදහස් ගැන පුදුමයක් නැහැ (නි)
උන්වහන්සේ කියන දේවල් සහතික ඇත්ත , අද අපිට වැරදිලා තියෙන්නේ නමුත් අපි එය පිළිගන්න සුදානම් නැහැ .. උන්වහන්සේ බංකුවක ඉදගෙන ,පරණ වාහන කට්ටක ගමන් යමින් , එලවලු විතරක් සමාජයට පේන්න කාලා හොරෙන් මස් මාළු කෑවනම් ,, මේ අදහස් දක්වා ඇති පිරිස සාදු සාදු කියයි නේද ?? හරි ඥානවන්තයි අපේ බෞද්ධයෝ.. අඩුම තරමේ උන්වහන්සේගේ පුටුව ගැන කතා කරනවා ඇරෙන්න ඒ අදහස් හරි ද ? වැරදි ද ? කියලවත් කියන්න තරම් කල්පනා කිරීමේ හැකියාවක් නැහැ අපේ මිනිස්සුන්ට ... බුදු දහම කොහොම රකින්නද ...(බ)
ලංකාදීපයට සහ සමින්දට පින් (බ)
ඇත්ත කතාව. (ර)
බලාගෙන ගියාම සිවුර නමට විතරයි (බ)
බුදු දහම පිලිබඳ ගැඹුරු දැනුමක් උන්වහන්සේට තිබෙන බව ඇත්ත. ඔබට බොදුනුවෙක් හෝ වෙනත් අදහසක් දැරීමේ අයිතියක් තිබෙනවා. ආගම් මිනිසත් බව තුලින් පෝෂණය වෙනවා. මිනිසත්කම යනු සරු පසයි.ආගම ඒ සරු පසෙහි ගසක් සේ වැඩෙනවා . සමහරු පස ගැන සැලකිලිමත් වෙනවා. අනෙක් අය ගස රැක ගන්නවා .එත් තවත් සමහරු ගසේ ගෙඩි අයිති කර ගන්න සටන් වදිනවා. දැනුම පිළුණු බඳුනක තබා ගෙන වෙන්දේසි කිරීම සුදුසු නැහැනේ. (බ)
සිංහල බෞද්ධ කියන්නෙ වහල්ලු ජාතියක් නොවෙයි. ඒ අයට හොද ආත්ම ශක්තියක් තිබෙන්න ඕනෑ. ලස්සන ජීවිත ගත කරන්න ඕනෑ. ලෝකයේ පොහොසත්ම මිනිසා වෙන්න ඕනෑ. ස්වභාව දහම සමඟ ජීවත්වෙන්න ඕනෑ. මේ සියලු තත්ත්ව වලට පොදුවේ මිනිසා පත්වෙන්න නම් සිංහලයා කුහක ආත්මාර්තකාමිත්වයෙන් මිදෙන්න ඕනෑ. බුද්ධ දර්ශනය තුල සියලු දේ තිබෙනවා. ඒත් අද හාමුදුරුවරු තමන් පොහොසත්වන මඟක් හොයනවා මිස මිනිසාගේ පැත්තෙන් හිතන්නෙ නැහැ. (නි)
ආත්ම දෘෂ්ටිය අත්හරින මඟෙහි යන මහා සංඝයන් වහන්සේලා අලුත් නම් වලින් ආත්ම දෘෂ්ටිය වැළඳ ගැනීම මට නම් ගැටළුවක්! (නි)
මේ ස්වාමීන් වහන්සේගේ දේශනා අහලා තියෙනවා. හිතට සැනසීම ලැබෙනවා. මම උන්වහන්සේගේ පුටුව ගැනවත් කුඩේ ගැනවත් කේක් එක ගැනවත් අනවශ්‍ය දේ ගැන හොයන්න ගියේ නැහැ. හෙව්වත් ඒවායේ ගත යුත්තක් නැහැ. උන්වහන්සේ බංකුවක හිටියා නම් ඔය කෑ ගහන අය කියයි අපෝ බංකුවක ඉන්නේ කියලා. පව් මෝඩ මිනිස්සු. (නි)
මේ සම්පුර්ණ දේශනයම අපි පිළිගන්නවා. කැමති නම් පිළිපදින්න පුළුවන් (නි)
මේවා අහන්න අපිත් ඉපදුනානේ බෞද්ධයෝ වෙලා (නි)
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට... ඔබ වහන්සේ මේවා ගැන කතා නොකර හිටියානම් වඩා හොඳයි නේද? ඕවා හාමුදුරු නමකට කියලා හදන්න ඕනෑ දේවල් නෙමෙයි. (නි)
බුදුහාමුදුරුවො නම් දේශනා කළේ අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වඩා හොඳයි කියලා නේද? (නි)
මේ කියන දේ සත්තයි. ගැඹුරින් තේරුම් ගන්න (නි)
කවුරු වුණත් කියන දේ හරිද වැරදිද කියලා බැලුවා නම් නේද හොඳ? (නි)
කවුරුත් කියන පළියට නොදන්නා දේවල් කියන්න හොඳ නැහැ. මේ හාමුදුරුවන්ගේ බණක් අහන්න මුලින්ම. (නි)
යහපත් ධර්මය සමහර උදවිය ප්‍රතික්ෂේප කරනවා. පහත් ධර්මය යහපත් යැයි කියලා හිතනවා. මේ ස්වාමින් වහන්සේ පවසන දේ සත්‍යයි. බුද්ධිගෝචරයි. (නි)