ථේරවාදී බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කළ හැකි පරිදි මෙරට මහා සඝරුවනට සහ සිල් මාතාවනට ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිලේ ලබාදීම වෙනුවෙන් සය මාසික ඉංග්‍රීසි පාඨමාලාවක් ඇරැඹු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කියයි.
2014 වසර සදහා භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් බදවා ගැනීම සදහා අයදුම් පත් කැදවීම ආරම්භ කොට තිබේ.
ඉංග්‍රීසි භාෂාවේ මූලික කරුණු , ව්‍යාකරණ, කථනය, නිවැරදි භාෂා භාවිතය පමණක් නොව ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වීම පිළිබදව ද විධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම මීට අයත් වෙයි
දේශන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හි පස්වරුවේ නුගේගොඩ දී පැවැත්වේ.
මෙම වැඩසටහන සදහා සම්බන්ද වීමට අපේක්ෂා කරන භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතවන් තම අයදුම් පතක් ‘මොහාන් ලාල් ග්‍රේරු පදනම, 18, පීටර්ස් පෙදෙස,නුගේගොඩ යන ලිපිනයට නොවැම්බර් 30 වන දිනට ප්‍රථම යොමු කළ යුතු බවත්
වැඩි විස්තර 0716 183 760 ඇමතීමෙන් ලබා ගත හැකි බවත් ග්‍රේරු මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑතකලේ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යන අංශයේ අංශාධිපති වෙලා හාමුදුරුවෝ නමක් හිටිය එත් මොකද උනේ? ඉංග්‍රීසි පුළුවන් හාමුදුරුවරු හිටියට කවුරුත් ගත්තේ නැහැ අධ්‍යන අංශයට.(අ)
මම නම් කියන්නේ සියල්ලෝම එකතු වුණොත් බෞද්ධ දර්ශනය ඉතා ඉක්මනින්ම ලොවේ ප්‍රචාරය වෙන එක සහතිකයි (නි)
මම කැමතියි උතුරු නැගෙනහිර ඕනෑම තැනක කටයුතු කරන්න. ඒකට අවස්ථාව උදාකරල දෙන්න. එහේ ටික කාලයක් ඉන්න කොට දෙමළ භාෂාවත් ඉබේම හරියාවි. (ස)
අපි ඔබට සුබ පතනවා. (ස)
ඉතාලියේ ඉන්න හාමුදුරුවරුන්ට ඉතාලි බස ඉගෙන ගන්න පුලුවන් කමක් නැත්නම් මෙහේ ඉදන් කොහොමද ඉතාලි බස ඉගෙන ගන්නේ.(නදී)
පරිගණකය ලගට වෙලා මේවාට අදහස් විවේචන දාන එක හරි පහසුයි. නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ඉතාම අපහසුයි. මම කිවුවානේ මම යාපනේ කිලිනොච්චි මුලතිවු ඔනෑම තනැක යන්න සුදානම්. නැවතිලා ඉන්නත් සූදානම් කියල කිසිකෙනෙකුට පුලුවන් උනාද ඒකට ප්‍රායෝගික උත්තරයක් සපයන්න(නදී)
දුර දක්නා , රටට ආගමට ගරු කරන අනිකුත් දේශපාලකයන්ට ආදර්ශමත් පියවරක් ගැනීම පිළිබද ඔබට පින් දෙමි. ඒ වගේම මහ පාරේ සටන් කරන සිවුරට නිගා දෙන සංඝ පරපුරින් නමස්කාර පූර්වකව ඉල්ලා සිටින්නේ මෙවන් වැදගත් දෙයකින් අාදර්ශයක් අරගෙන ලෝකයට බුදු දහම ප්‍රචාරය කරන්න කියලා. සියලු හාමුදුරුවරුන්ගේ සිත් වලට ඇස් වලට මෙම පින්සාර පුවත දකින්නට ලැබේවා! හැකි පමණින් මෙය ෆේස් බුක් හරහා පතුරුවමු,සැමට දැනගන්න. (නි)
ඉංග්‍රීසි ඉගෙන ගැනීම කාටත් හොඳ දෙයක්. නමුත් සමහර භික්ෂූන් වහන්සේලා පිටරට ආවහම ආපු කාරණේ අමතක කරනවනේ. (ස)
ඔක්කොටම ඉස්සරලා අපේ හාමුදුරුවරුන්ට දෙමල බස උගන්නමු. ලෝකෙට ඉස්සරලා අපේ දෙමල ජනතාවට බුද්ධාගම කියල දෙමු. (ස)
කොහොම ඉංග්‍රීසි බස ඉගැන්වූවත් නියම අයුරින් බණක් කියන්න පුළුවන්, ධර්මය ප්‍රචාරය කිරීමේ අරමුණින් යුතු සිල්වත් අය මේ සදහා තෝරා ගැනීමට හැකිනම් ඉතාමත් වටිනා සේවයක් වියහැකියි. එසේ නැති වුණොත් පිටරට යාමේ බලාපොරොත්තුවෙන් සිවුරටත් ආගමටත් නිගාදෙන අයුරින් හැසිරෙන අය නිසා එය රටටත් අවමානයක් විය හැකියි. (නි)
හොඳ වැඩක්.මේවා තමා බලධාරින් අතින් විය යුත්තේ. (ස)
දැන් ඔය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන මුළු ලෝකෙටම බෞද්ධ ආගම ප්‍රචාරය කරන්න යන්නේ. එතකොට ඒ රටවල අය අන්‍ය ආගමික කරණය කරනවා කියල කිසිදෙයක් නොකර නිදහසේ කරන්න ඉඩ දීල නිකන් ඉන්නවා. ඒත් ලංකාවේ කලා නම් කොහොමද ? මේකද ආගමික නිදහස අනේ අනේ .. (ස)
මම හිතනවා මෙම කටයුත්ත ඉතා වැදගත් දෙයක් කියා. ඒ අතරම භික්ෂූන් වහන්සේලා පමණක් නොව අනෙකුත් ආගම් වල පුජ්‍ය පක්ෂයටත් භාෂාවන් ඉගැන්නුවොත් නේද හොඳ? (ස)
ලංකාවේ භික්ෂූව ඉංග්‍රීසි භාෂාව නොදන්නා කමනිසා අනෙකුත් පුජක පක්ෂය මෙන්ම සමාජය ඉදිරියට යන්නට බැරිවෙලා තිබිම කණගාටුවට කරැණක්.(දිල්)
වන්නියෝ, ඔබේ අදහස ඉතාම කාලෝචිතයි. මාත් එකඟයි. වන්නියෝ කිවේ ආදරේට හොඳේ ! (ස)
ශිරානි, ඔබ කියූ දෙය සත්‍යයකි. අදාල හිමිවරුන් මෙය තේරුම් ගන්නේ නැති එකයි ගැටලුව. ඉතාලියේ ඉතාලි භාෂාව ඕනෑම කෙනෙකුට නොමිලයේ උගන්වනවා දිවා හෝ රාත්‍රී පාසල් වල. (නි)
අපෙ ගරුතර මහා සංඝරත්නයට ව්‍යක්ත ලෙස දමිල භාෂාව කථා කිරීමට ඉගැන්වුවහොත් දරුණු ලෙස කුල බේදයෙන් බැටකන දැනටමත් තිසරණ සරණ ගොස් ඇති එම ජනතාවට නිවන් මග පසක් කිරීමට උපකාරී වෙනවා ඇත .බටහිර ජනතාවට ධර්මය පහදා දීමට ධර්මධාරී බුදුන් වහන්සේ වදාළ පරිදිම විනය පිළිපදින භික්ෂුන් වහන්සේලා බටහිර ජාතින් අතරින්ම බිහි වී ඇති බව පවසන්නේ හදපිරි සතුටෙනි .එම නිසා ග්‍රේරු මහතා ඒ සම්බන්ධයෙන් කලබල නොවන්න.කරුණාකර ඔය මුදල් යොදවා දමිල භාෂාව ඉගැන්වීමටත් දමිල භාෂාවෙන් බුද්ධ ධර්මය අඩංගු පතපොත පළකරන්නේ නම් සතුටු විය හැකි කරුණකි (නි)
අපේ අයට ඉගෙනීමට වුවමනාවක් නැහැ. බලන්න අපේ අනෙක් සහෝදරවරුන් කථා කරන භාෂාවන්? අපි දන්නේ සිංහලයි ඉංග්‍රීසි ටිකකුයි තමයි.අැත්තටම කණගාටුවට කරුණක්. (නි)
බුදු සසුන බැබලේවා ! නිර්මල බුදු දහම සත්තයි !(දිල්)
භාෂාව වගේම භික්ෂූන්ගේ හැදියාව සම්බන්ධවද සොයා බැලීම වැදගත් වෙනවා. (නි)
අද ඉතාලියේ විශාල ධර්ම ප්‍රබෝධයක් ඇත. පන්සල් විශාල ලෙස ඇරෙමින් පවතී. මේවා පසු පස ගොඩක් ඉන්නේ ධර්මයට ලැදි, අවිහිංසාව මුලික කරගත් මෙම ධර්මය ගැන යමක් අසා ඇති ඉතාලි ජාතිකයන්ය. ඔවුන්ගේ අහේතුවකට ඉතාලි භාෂාව ප්‍රගුණ කරන ලද කිසිම භික්ෂුවක් අද ඉතාලියේ නැත. ඒ නිසා ජනප්‍රිය ගුරුවරයකු වූ ග්‍රේරෝ මහතාගේ අවධානය මෙයට යොමු වේවා. ඉතාලි බසෙන් සද්ධර්මය ඉතාලි ජාතිකයන්ගේ දෙසවනට ගොස් ඔවුන්ද නිවන් මාර්ගය අවබෝධ කර ගනිත්වා!(නදී)
වන්නි තිලක්, ඉංග්‍රීසි සහ දෙමල භාෂා සමගාමීව උගන්වන්න අවශ්‍ය කටයුතු කරන්න කියල අපි යෝජනා කරමු. (ස)
මීට හොද නැද්ද චීන භාෂාව ඉගැන්නුවා නම්? මොකද ලංකාවට ඉදිරියේදී එම භාෂාව අනිවාර්ය වේවි (නි)
මේක නම් ඉතා හොඳ දෙයක්.මේ ක්‍රමය දුප්පත් දෙමාපියන්ගේ දු දරුවන්ට ලබාදුන්නා නම් වඩා හොඳ යැයි මට සිතේ. ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳින් දන්නා හාමුදුරුවරු පන්සල් වල ඉන්නවා.නමුත් එයින් ගමේ දුප්පත් ළමයෙකුට යම්කිසි ප්‍රයෝජනයක් වෙනවාද? (නි)
අන්න හොද අදහසක්. අපේ ථෙරවාදී බුදු දහම ලෝකයේ ප්‍රචලිත කරන්න කදිම අවස්ථාවක්. අපේ හාමුදුරුවන්ට ඉංග්‍රීසි දැනුම ලබා දෙන එකම ඔබතුමා කරගන්න ලොකු පිනක්. ඒ වගේම එමගින් ප්‍රයෝජන ගන්න අපේ අය දැන ගන්න ඕනෑ. සර්, ඔබට ගොඩක් පින්. දීර්ඝායුෂ පතමි. (නි)
සර් ,ඔබට හදවතින්ම සුබ පතනවා. ඔබගේ ඉදිරි දැක්ම බොහොම පැහැදිලියි. (නි)