බලංගොඩ, පඹහින්න, පුවක්ගහවෙල ප්‍රදේශයේ කන්දක ආරම්භ වී ඇති නාය යෑමේ තත්ත්වය පිළිබඳ සොයාබැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ පරීක්ෂණ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය කරා ළඟාවෙමින් සිටින බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය.
මේ වන විට එම කන්දේ සිට බොරවතුර පහළ පිහිටි ඇළ මාර්ගයක් කරා ගලා ඒම ආරම්භ වී ඇතැයි කී අධ්‍යක්ෂවරයා ඒ අවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි එහි පදිංචිකරුවන්ට දැනුම්දීමක් කරන බව ද සඳහන් කළේය.
මෙම නායයෑම හේතුවෙන් බලංගොඩ බදුල්ල මාර්ගයේ බෙරගල, පුවක්ගහවෙල ප්‍රදේශයේ මාර්ගයට පස් කඳු කඩාවැටීම සිදුවිය හැකි බැවින් එම මාර්ගයේ ගමන් කිරීමේදී විමසිලිමත් වන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
මෙය මීට වසර හතකට පමණ පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ පුවක්ගහවෙල නාය යෑම නැවත සක්‍රීයවීමක් වීමක් නොවන බව කී අධ්‍යක්ෂවරයා ඊට ඉහළින් ඇති මුත්තෙට්ටුවේගම ප්‍රදේශයේ අලූතින් සක්‍රීය වූ නායයෑම් තත්ත්වයක් බව ද පැවසීය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
භූ විද්‍යාඥයෝ පුවක්ගහවෙල