
(ඩී.ජී.සුගතපාල)
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනකු පහරදිමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාවට බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය කියයි.
මෙම බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනකු සහ බන්ධනාගාර නිලධාරින් අතර දෙසැම්බර් 07 වැනි දින ඇති වු කලබලකාරි තත්වයේදි එම රැඳවියෝ දෙදෙනෙක් සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට පහරදි දුන්හ.
එම පහරදිමට මෙම බන්ධනාගාර නියාමකවරුන් හතර දෙනා ආධාර අනුබල දි ඇති බවට අනාවරණයවිමෙන් පසු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයකු මෙයට පෙර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැරියේය.
අත් අඩංගුවට ගෙන ඇති සැකකාර බන්ධනාගාර නියාමකවරුන් හතර දෙනා ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙතුමන්ලා මත ක්‍රියාකරවන්න.
මොවුන් හතරදෙනා අපරාධකරුවන්ගෙන් හොඳට ජරාව කාපු එවුන් වෙන්ට ඕනා.