
(රංජන් කස්තුරි)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්රියාමාර්ගව කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා කොළඹදී අද (11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.
ප්‍රසුතිකාගාර යනු හදිසි ප්‍රතිකාර බැවින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලදී කිසිදු විටකදී වෛද්‍යවරුන් හදිසි ප්රතිකාරවලින් ඉවත් වීමක් සිදුනොවන බවද හෙතෙම සදහන් කෆළ්ය.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් පිරිසක් විසින් සිතාමතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා එල්ල කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බවද එපිටකඩුව මහතා කීය.
අදාළ වෛද්‍යවරුන් වැඩ තහනමකට ලක්වූ බව මාධ්‍ය මඟින් දැනගැනීමට ලැබුණද ඒ සම්බන්ධයෙන් බලධාරීන් ලිඛිත දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පැවසීය.
එමෙන්ම අදාළ වෛද්‍යවරු රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් පෞද්ගලික සේවයේ නිරත වී ඇත්තේ, සිය සේවා කාලයෙන් පසුව බවද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කළේය.
පසුගිය අප්‍රෙල් 9 වෙනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයට අනුව එම රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුගේ රාජකාරි වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ, රාජකාරි කාලසීමාවේ සිය රාජකාරී පැහැරහැරීම සහ පෞද්ගලික සේවාවල නියැලීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හරිම පිරිසිදුයි. ශුද්ධවන්තයෝ. හිපොක්රටික් ප්‍රතිඥාව අනුවමයි වැඩකරන්නේ.
නියම කාලකන්නි
රාජ්‍ය රෝහල්වල වර්ජනය කරන කාලේ, කිසිම මුදල් අයකර නොගෙන පෞද්ගලික සේවයේ යෙදීම ඉතාම නින්දිතයි.
පරීක්ෂණ අතරතුර ප්‍රකාශ නිකුත්කර නැවත වර්ජනයක නිරත වන ලකුණු.. වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ නැතිද?
ඔය මාෆියා සංවිධානය කෙලින්ම සම්බන්ධ නැතුව ඇති. ඒත් ඔක තමයි තමන්ලා ඔය සමාජිකයන්ට දීලා තියෙන පණිවිඩය. ජනතාවගෙන් පඩි අරගෙන, තමන්ගේ බඩ වැඩ ගන්න ඕන බලු වැඩක් කරන්න කියලා.