
බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත් කෙටුම්පතට අනුකූල නොවන බැංකු නොවන ණය දෙන ආයතනවලට මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමෙන් අනතුරුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 50 කට නොවැඩි දඩයකට හෝ වසර පහකට නොවැඩි සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීමට සිදුවේ.
යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලබනු ඇත. යෝජිත පනත් කෙටුම්පත මගින් මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම පමණක් නොව, 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අවලංගු කිරීමට ද අපේක්ෂා කෙරේ.
පනත් කෙටුම්පත මගින් පිහිටුවීමට අපේක්ෂා කරන ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියට එහි වියදම් පියවා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් ලැබෙන රුපියල් මිලියන 100 ක ප්‍රදානයට අමතරව බාහිර මූලාශ්‍රවලින් පරිත්‍යාග සහ ප්‍රදාන පිළිගැනීමේ බලතල ලබාදී තිබෙන බව පැවැසෙයි.
මෙම පනත් කෙටුම්පත පැමිණෙන්නේ ඇතැම් බැංකු නොවන ණය දෙන ආයතන මාසිකව සියයට 1.5 සිට වාර්ෂිකව සියයට 310 ක පොලී අනුපාතයක් සිය පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන බවට එල්ලවන චෝදනා මධ්‍යයේය.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1010
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බැංකු නොවන ණය දෙන ආයතන නියාමනයට