
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසකම් ලැබූ ප්‍රතිලාභීන් වහාම බැංකු ගිණුම් විවෘත කර ගන්නැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට තේරී පත් වු ප්‍රතිලාභීන්ගේ නාමලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇතැයි ද එම ප්‍රතිලාභීන් අතරින් මේ වන විටත් අදාළ ප්‍රතිලාභ බැර කිරීම සඳහා වූ බැංකු ගිණුම් විවෘත කර නොමැති ප්‍රතිලාභීන් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත්ව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු ශාඛා වලින් තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කරගත යුතු බව ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
ඉන් පසු බැංකු ගිණුමේ විස්තර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැවත ලබා දිය යුතු බවත් ඒ අනුව මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකරන ලද අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසකම් ලැබූ ප්‍රතිලාභීන් හැකි විගස මෙම බැංකු ගිණුම් විවෘත කර අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදිය යුතු බවත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1622
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1393
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
495
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැංකු ගිණුම් නැති අස්වැසුම දෙවැනි අදියරේ උදවියට පණිවිඩයක්