IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද නඩු පැවරීය.

අධිචෝදනා 13 ක් යටතේ විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇති නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න පිරිසක් සහ නඩු භාණ්ඩ 300ක් පමණ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව දැනුම් දී ඇත.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ නීතීපතිවරයා මෙලෙස නඩු පැවරීය.

සමාජයේ මහත් කැළඹීමක් ඇති කළ මෙන්ම ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවු මෙම සිද්ධියට අදාළ නඩුව නොපමාව විභාග කර තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා ලිපියක් මඟින් අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කර ඇත. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති එන්නත් වෙනුවට ඖෂධ නොවන වෙනත් ද්‍රවණ සහිත කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක රජයේ මුදල් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ අදාළ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

 



අදහස් (6)

බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා

Shamaal Thursday, 26 June 2025 03:11 PM

පුළුවන් තරම් අසරණ, අහිංසක මිනිස්සුන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කළ මේ වගේ අයට උපරිම දඬුවම් දීම උතුම් දෙයක්. ගෙදර උන්ගේ කතාව ගෙදර උන් කිසි දේක් දන්නේ වගේ. ඔක්කොම අල්ලලා ඇතුළට දාන්න දිය යුතුයි.

:       0       20

Nihal Dharmatileke Thursday, 26 June 2025 03:27 PM

තවත් චෝදනා මොකටද? ජම්පරයෙකුයි නම්බරයෙකුයි දීලා මැරෙනතුරු ඇතුළට දාන්න

:       0       13

Anura Thursday, 26 June 2025 03:34 PM

පොහොට්ටුවේ ,UNP කාරයොන්ගේ චන්දෙන් විශ්වාස භන්ගේ දින්නට පස්සේ ,එදා කෙහෙළිය පාර්ලිමේන්තුවේ කරපු චන්ඩි කතාව මතක් වෙනවා

:       1       15

de silva Thursday, 26 June 2025 04:17 PM

මේ කෙහෙළිය සහ දොස්තර මහේෂි වැනි පුද්ගලයන් හිට්ලර්ට වඩා භයානක ගනයේ මෙලෙච්ච සමුලගතකයන් , හිට්ලර් මිනී මැරුවේ යුදෙවුවෝ මැරුවහම තම රට ජාතිය දියුණු වෙනවා යන අන්ධ විශ්වාසයෙන් , නමුත් මොවුන් කෙලින්ම මිනිස්සු මැරෙන බව සහ දුක් වේදනා විදින බව දැන දැනම මේ බලු වැඩ කලේ මුදල් තණ්හාවට , තව මේවගේ දේශපාලකයන් , රජයේ නිලධාරීන් දොස්තරලා දස දහස් ගනනක් මේ රටේ ඉන්නවා , හැමෝටම පාඩමක් වෙන විදිහට මේ ගොල්ලට මරණ දඩුවම් දීල එක ක්‍රියාත්මක කරන්න ඕනේ

:       0       10

පිටිගල මිලානෝ Thursday, 26 June 2025 04:48 PM

කර්මය විශ්වාස නොකරන්නන්ට මේන් පාඩම්… හීනෙන් වත් පව් නොකරන්න කියන්නේ කට කහනවාට නොවෙයි…. බඩු හැරෙන තැපෑලෙන්ම එනවා නේද…?

:       0       6

අරවින්ද මොණරවිල Thursday, 26 June 2025 05:00 PM

මේ ව්‍යාජ ඖෂධ භාවිතා කරලා රෝගීන් මියගිය බවට වාර්තා වුණා. ඒ ගැන වගේ වගක් නැතුව මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විතරක් නඩු දාන්න නීතිපතිවරයා කල්පනා කෙරුවේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා කරන්න බය වුණු නිසාද එහෙම නැත්නම් දුක හිතුණු නිසාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 54 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 193 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site