(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බාල ගල්අගුරු හේතුකොටගෙන  රටට  සිදුවූ පාඩුව  රුපියල්  කෝටි 2000  ක් බව මන්ත්‍රී  එස්.එම්. මරික්කාර්  මහතා  පාර්ලිමේන්තුවේදී පැවැසීය.

විධිමත් තත්ව පරීක්ෂණයකින් තොරව අනාරක්ෂිත ලෙස ගල්අඟුරු තොග භාවිතයට ගැනීම හේතුවෙන්  මෙම පාඩුව සිදුව ඇති බවද   ඔහු සඳහන් කළේය.

විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ  වාර්තාවට අනුව, මෙහි සමස්ත පාඩුව රුපියල්  කෝටි  2000 කට අාසන්න  බවද  මන්ත්‍රීවරයා  කීය

එහිදී, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වැඩිපුර භාවිත කිරීම හරහා මිලියන 7,099ක්, අතිරේක නඩත්තු කටයුතු සඳහා මිලියන 80.4ක්, අළු ප්‍රවාහනය සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මිලියන 13.1ක්, මෙගාවොට් 300 නිෂ්පාදනය නොවීම නිසා විදුලිය වැඩිපුර මිලදී ගැනීමට සිදුවීමෙන් මිලියන 8,572ක් කී හෙතෙම  ඇණවුම පහ එක අනුව නැව් 25ක් පැමිණිය යුතු වුවද, 19කින් පැමිණීම නිසා හදිසි මිලදී ගැනීම්  කිරීමෙන් මිලියන 2,284ක් සහ නැව ප්‍රමාද වීම නිසා මිලියන 402.8ක් යනාදී  වශයෙන් දැවැන්ත පාඩුවක් සිදුව ඇති බවද   අනාවරණය කළේය.

ලෝක වෙළඳපොලේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් රජය   දුන් සහනාධාරය සහ පෙට්‍රෝලියම් සංස්ථාව ලැබූ පාඩුව මෙයට අමතරව පවතින බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.