
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයට ගුවන් යානා ප්‍රවාහන යුද නෞකා යෙදවීමට එක්සත් රාජධානියේ සහාය තමන්ට අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත්තේ සිය 'Truth Social' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමිනි.
මෙම ප්‍රකාශය නිකුත් වූයේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් අනතුරුවය. එම නිවේදනය මගින් බ්‍රිතාන්‍යය සඳහන් කර තිබුණේ, එරට සතු ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකෙන් එකක් වන 'HMS Prince of Wales' නෞකාව ඕනෑම මොහොතක ක්‍රියාත්මක වීමට සූදානමින් සිටින බවය.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ මෙම පියවර පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ඉඟි කර ඇත්තේ, කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාවට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව පවතින බවය.
මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින මොහොතක ලෝක බලවතුන් අතර මෙවැනි අදහස් හුවමාරු වීම විශේෂත්වයකි. ඉරානයට එරෙහිව ඇමෙරිකාව ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ සහාය නොලැබුණු බවට ට්‍රම්ප් මීට පෙර චෝදනා නගා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd