මහනුවර පන්විල අරත්තන ප්‍රදේශයේ මවකට උපන් දින 18ක් වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව කියන අවිවාහක කාන්තාවක්, ඇගේ පියා, එම බිළිඳා මිලදී ගත් බව කියන මීගමුවේ යුවළක් සහ මෙම ගනුදෙනුවට සහාය දැක්වූ රෝහල් සේවිකාවක් සහ ඇගේ සැමියාද පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒ අම්මාට දරුවා හදා ගන්න බැරුව ඇති. දරුවාගේ තාත්තා මේ කෙනාව අමාරුවේ දාලා පැනලා ගිහින් වෙන්න ඇති. හදාගන්න වත්කමක් නැත්නම්,කාණු පල්ලක නොදමා හදාගන්න පුළුවන් දරුවන් නැති කෙනෙකුට දුන්නම මොකද වෙන්නේ?බලන්න මෙතනත් ඒ ගැනිට දොස් කියන්නේ. ඒ දරුවාගේ තාත්තට ඕනෑ නඩු දමන්න (අනේ මෙහෙමත් පිරිමි) (නි)
චමිල, ඔයාගේ අදහස හොදයි. මම හිතන්නේ ලංකාවේ නිත්‍යානුකූලව ඒ ළමයෙක් දෙන්නෙක් අරන් හදා ගන්නත් අවසර තියනවා.හැබැයි ගන්න කෙනා තමන්ගේ අවශ්‍යතාවය හා ළමයාගේ අනාගතය සුරක්ෂිත කරන අයුරුත් ගැන උසාවියට පැහැදිලි කරන්න ඕනෑ (නි)
චන්දි ඔබ හරියටම හරි. මෙතන නීතිය පට්ට ගහනවට වඩා සානුකම්පිකව බැලිය යුතු සමාජ ප්‍රශ්නයක් තියෙන්නේ. ටෙනිසන් කියනවා වගේ දරුවෙකුගේ භාරකාරත්වය නීත්‍යනුකුලවම ලබාගැනීම තමයි සුදුසු. දරුවා හදාවඩා ගන්න ඉල්ලන දෙමවුපියන්ට එහෙම නොකරන්න හේතුවක් තියෙනවා. දරුවාගේ උප්පැන්නේ තමන්ගේ නම ලියාගැනීමයි ඒ හේතුව. දරුවා ලොකුවුනාම මේ රහස එළිවෙන්නේ නැහැ එතකොට. දරුවත් ඔවුන්ට වැඩි ආදරයක් දක්වනවා තමන්ගේ සැබෑ දෙමවුපියන් බව හිතලා. මේක මානුෂිකව බැලිය යුතු දෙයක්.(නදී)
දරුවන් නැති දරුවන් නීතියෙන් ගෙන හදාගැනීමට කැමති අයට නීත්‍යයනුකූලව ළමයෙක් ගැනීමට ලියාපදිංචි වීමට ක්‍රමයක් හදලා තිබුනා නම්, ඊටම දරුවන් හදාවඩා ගැනීමට දීමට කැමති අයටත් නීත්‍යනුකූල ක්‍රමයක් තිබුනනම් මේ රහසේ වෙන වැරදි ගනුදෙණු අඩුවෙන්න තිබුනා. (ස)