කැලණිය බුළුගහහන්දියේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව පෑලියගොඩ පොලිසිය පවසයි.
ප්‍රශ්න කිරීමේ දී වෙඩි තැබීමට යොදා ගත් බ්‍රසීලයේ නිෂ්පාදිත 3.8 වර්ගයේ ගිනි අවියක් හා විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
මෙම සැකකරු 2015 නොවැම්බර් 29 වැනි දින කැළණිය බුළුගහ හන්දියේම සිදු වූ පුද්ගල ඝාතනයේ ද සැකකරු බව හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ අතර අනෙක් යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් ගෙනෙන්න වළි කෑ කට්ටියට දැන් සනීපද දන්නේ නැහැ (නි)