IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බහාලුම් 323ක් බලපෑමට පිට කරලා නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල  මහික  වීරරත්න)

වරායේ  බහාලුම් 323 ක් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ බලපෑම මත   නිදහස් කර නැතැයි  ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය

කිසිවෙකුට හෝ  එසේ  නිදහස කිරීමට බලයක්  නැතැයිද  හෙතෙම සඳහන් කළේය.

එවැනි නිදහස් කිරීමක් කර නැති බවත් එවැනි දේවල් කිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික්  මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

ඉතිහාසයේ එහෙම කන්ටේනර් නිදහස් කිරීම සිදුවෙලා ඇති. දැන් එහෙම වෙන්නෙ නෑ.  කන්ටේනර් ගැන ප්‍රශ්නයක් මතු කරනවා. අපිවත් ඒකට පටලව තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන ගෙන යනවා. ඒ පරීක්ෂණවලින් පිළිතුරක් ලැබේවි.

වරායේ සිදුවූ මහා පරිමාණ දූෂණ ගැන පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. රාජපක්ෂල වික්‍රමසිංහල වරාය සම්බන්ධව කරලා තියෙන්නේ ජාතික අපරාධ. ආර්ථික ඝාතකයෝ. අද ඒගොල්ලන්ගේ ගෝලයෝ ඉස්සරහට ඇවිල්ලා ඒ ආර්ථික ඝාතකයන්    ආරක්ෂා කරනවා. වරායට අලුතින් බඳවාගෙන නැහැ. කන්ටේනර් ගෙන යන ක්‍රේන්  ගෙනෙද්දි මහා පරිමාණ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. නඩුවක් තියෙනවා.  ඒ නිසා අපිට පහළොවක් ගේන්න බැරිවෙලා තියෙනවා. වංචාව  ඩොලර් මිලියන 18ක්. අපි මේකට සම්බන්ධ අය අධිකරණයට ගෙනියනවා. ඒ ටෙන්ඩරය අවලංගු කළා. අපි අලුතෙන් ඒවා ගන්න ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය ඇතිව.

දයාසිරි ජයසේකර මහතා:

මේවා ප්‍රභාකරන්ගේ ආයුධ කියලා කියනවා

බිමල් රත්නායක මහතා:

පරීක්‍ෂණවලදී ඒවා එළිවේවි. මෙතුමා තමයි ඒවා දන්නේ මට වඩා. පරීක්ෂණවලින් ඔප්පු කරගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සාක්ෂි දුන්නා නම් හරි. මෙතුමා තමයි ඒවා දන්නවා කිව්වේ.



අදහස් (9)

බහාලුම් 323ක් බලපෑමට පිට කරලා නැහැ

Toni Friday, 06 June 2025 04:41 PM

පරම සත්‍යය...

:       7       7

වලේසුදා Friday, 06 June 2025 05:38 PM

සත්‍යය සැමදා වසන් කළ නොහැකිය. බොරුව සැමදා ජය ගන්නේද නැත. නරියාට මොන හම පෙරෙව්වක් ඌ කෑ ගසනවිට හෙළිවේ. නිවටයින් රටක් ජාතියක් හෝ සමයක් නැත. උතුරේ සියලු මර්මස්ථාන නැවත අනතුරට දමා, රටට විශාල ගැටළු ඉතිරි කර, රණවිරු ස්මාරක මත වසුරු හෙළා නිවටයින් නික්ම ගිය විට සිහළුන්ට නැවත රට වෙනුවෙන් රුහිර හෙළන්නට වනු ඇත. ඩෝබීන් තවම අසූචි හෝදමින් සිටී...

:       10       20

ගුණරත්න Friday, 06 June 2025 05:49 PM

මේක ලංකා ඉතිහාසේ කෙරුණු නින්දිතම පාවාදීම

:       10       20

විපරමා Friday, 06 June 2025 06:09 PM

වරායේ කාලයක් තිස්සේ ගොඩගැසී තිබුණු කන්ටේනර් මුදා හරින්න කටයුතු කරපු බව දන්නෝ දනිති. හිටපු කුඩු අගමැතියා, එතනෝල් ජොනී වගේ දූෂිත දේශපාලුවන්ගේ බලපෑම් නිසා කන්ටේනර් කොයිතරම් නිදහස් කෙරුවාද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...

:       20       14

so sadFriday, 06 June 2025 06:33 PM

මෙන්න ආවා පැලවත්තේ පළමුවැනි ඩෝබියා...

:       3       4

Rasika Friday, 06 June 2025 06:33 PM

එකකට කීයක් ගෙවනවාද යාලුවා? මටත් ගානක් හොයාගන්න අහන්නේ...

:       2       3

වලේ ජෙමා Friday, 06 June 2025 08:51 PM

කෝ මේ ඩොබීලා.. ඉජූ ඉජූ...!

:       3       16

prasanna Saturday, 07 June 2025 03:51 PM

හත්පොලේම ගාගෙන ඉන්නේ...

:       3       3

Giyan Saturday, 07 June 2025 04:03 PM

සිහිනෙන් විතරක් බොරු නොකියන...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site