
(යොහාන් භාසුර)
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම තව දුරටත් ප්‍රමාදවීම හේතුවෙන් ඔරුගොඩවත්ත රේගු බහලුම් අංගනයේ සහ එම මාර්ගයේ බහලුම් රථ පෝලිම අද (29) පස්වරුවේ ද දැකගත හැකි විය.
එසේ දිගු පෝලිමක් තිබුණ ද දින දෙක තුන බහලුම් රථවලට රැදී සිටීමට සිදු නොවන බවත් මීට පෙර පැවතුණාට වඩා ඉක්මණින් බහලුම රැගෙන යෑමේ අවස්ථාව ලැබී ඇති බවත් ඇතැම් බහලුම් රථ රියදුරෝ පැවසූහ.
රේගු බහලුම් අංගනයට දිනපතා ලැබෙන බහලුම් ද සමඟ ඊයේ පස්වරුව වන විට නිෂ්කාශනය නොකළ බහලුම් 2,000 කට වැඩි සංඛ්‍යාවක් තිබූ බවත් රේගු නිලධාරීන් හැකි උපරිමයෙන් නිෂ්කාශන කටයුතු ක්‍රියාත්මක කරන බවත් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම බහලුම් ගැටලුවට සෘජුවම මැදිහත්ව සිටීම නිසා මේ වන විට තරමක් කාර්යක්‍ෂමව බහලුම් නිෂ්කාශනය ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් බහලුම් රථවලට දින ගණන් රැදී නොසිටින බවත්ය. වරාය අමාතවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා දිනපතා බහලුම් නිෂ්කාශන ක්‍රියාවලිය අධීක්‍ෂණය කරන බව කී සනත් මංජුල මහතා ඉදිරි දින කීපයේදී තදබදය තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති ගණන් හිරවෙලා තිබුණු කන්ටේනර් දැන් දවසෙන් දෙකෙන් නිදහස් කරලා අරින එකත් දැන් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා...!
ජනාධිපතිතුමනි, රටින් ගෙනඑන භාණ්ඩවලට ගහන විවිධ වර්ගයේ බදු සියල්ල එකතුකොට එක සරල බද්දක් ගහන්න කටයුතු කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධිදාරි නිලධාරීන් සිටිනවා කරන්න වැඩක් නැතිව, ඔවුන්ගෙන් සුදුසුකම් තිබෙන නිලධාරීන් රේගු, ආගමන විගමන නිලධාරීන් ලෙස පුහුණු කර අදාල දෙපාර්තමේන්තු වලට අනුයුක්ත කරන්න.. එහෙම කළොත් මේවා ඉක්මනට, පිළිවෙලට නිදහස් කරගන්න පුළුවන් අතර හොර ජාවාරම් නවත්වන්න පුළුවන්..., රජයට එන විශාල අදායමක් ලැබෙනවා.