පොදු යහපත උදෙසා සියලුම ක්ෂේත්‍රයන්හිදී රුසියාව සමග ඇති සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ ඇති වැදගත්කම පසුගියදා බහරේන අගමැතිවරයා විසින් අවධාරණය කළේය.
ශාන්ත පීටර්ස්බර්ග් ආණ්ඩුකාර ගියෝර්ජි පොල්ටාව්චෙන්කෝ ප්‍රමුඛ නියෝජිත පිරිසක් ගුදායිබියා මන්දිරයේදී පිළිගනිමින් අග්‍රාමාත්‍ය කාලීෆා බින් සල්මාන් අල් කාලීෆා කුමරු මේ බව පැවැසීය.
රටවල් දෙක අතර ඇති ශක්තිමත් සබඳතාවය ගැන අවධාරණය කළ අගමැතිවරයා කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳවද අවධාරණය කළේය.
කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාවට ඉටු කළ හැකි කාර්ය භාරය පිළිබඳවද ඔහු පෙන්වා දුන්නේය.
අනාගතයේදී රටවල් දෙක අතර ඇති කරගැනීමට නියමිත ආයෝජන අවස්ථා සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳවද කතා කළ අගමැතිවරයා එම තත්ත්වයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරිකයන් වගබලා ගත යුතු බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd