IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බහරේන ගුවන්තොට පුළුල් කිරීමේදී හරිත තාක්ෂණයට වැඩි ඉඩක්

Airport

 

ජාත්‍යන්තර පාරිසරික සහතිකය ලබාගත් ගල්ෆ් කලාපයේ දෙවැනි ගුවන් තොටුපොළ වීමට නියමිත බහරේන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේදී හරිත තාක්ෂණයට වැදගත් භූමිකාවක් නියෝජනය කරනු ඇත.


ගුවන් තොටුපොලේ නව මගී පර්යන්ත ගොඩනැගිල්ල සූර්ය කෝෂ පද්ධතියකින් සහ බලශක්ති සහ ජල කාර්යාක්ෂමතාවයේ නවතම තාක්ෂණ ක්‍රමවලින් සමන්විත වනු ඇත.


“පුනර්ජනනීය බලශක්තිය සමස්ථ බලශක්ති උත්පාදන ධාරිතාවයෙන් සියයට එකේ සිට දෙක දක්වා වෙනවා. එය සූර්ය කෝෂ වැනි බලශක්ති කාර්යක්ෂම නිෂ්පාදනවලින් සමන්විතයි” යනුවෙන් ටීඒවී සවුදි ඇරබියා ඇන්ඞ් ඇෆ්‍රිකා හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කුම්හුර් කවුර් පවසයි.

 

තුර්කියේ ටීඒවී කන්ස්ට්‍රක්ෂන් සමාගම මෙම වසර මුලදී ගුවන් තොටුපොලේ නව ගොඩනැගිල්ල, සේවා ගොඩනැගිල්ල සහ ගුවන් යානා පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා ලෙසින් තෝරාගත් අතර ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇරාබ්ටෙක් ආයතනයද එහි කොන්ත්‍රාත්කරුවෙකු ලෙසින් කටයුතු කරයි.


නව මගී පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේදී සවුදි අරාබියේ මදිනාත් ගුවන් තොටුපොළ ඉදිකිරීමට යොදාගත් අමුද්‍රව්‍යවලට සමාන අමුද්‍රව්‍ය යොදා ගන්නා බවද කවුර් පවසයි.


“ස්වභාවික ආලෝකරණය සඳහා උපයෝගී කරගන්නා ලා පැහැ වර්ණයෙන් යුතු වහළය ඕසෝන් හිතකාමී වායුසමීකරණ සහ වාතාශ්‍ර පද්ධතිය වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය”


“මෙම ව්‍යාපෘතිය සඳහා හිතකාමී නඩත්තු කටයුතු සඳහා නව තාක්ෂන ක්‍රමයන් යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා”



අදහස් (0)

බහරේන ගුවන්තොට පුළුල් කිරීමේදී හරිත තාක්ෂණයට වැඩි ඉඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site