බාහිර උපාධි චක්‍රලේඛය හකුලා ගන්නා තුරු රට පුරා දැවැන්ත උද්ඝෝණ ව්‍යාපාරයක් සිදු කරන බව සමාජවාදී තරුණ සංගමය හා බාහිර උපාධි සිසු කප්පාදුවට එරෙහිව එරෙහි සංවිධාන එකතුව අද (25) කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.
එහිදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේ බාහිර උපාධිය පදනම් කරගෙන සිසු කප්පාදුවක් ක්‍රියාත්මක වන බවත් ඊට අදාල වර්තමාන ආණ්ඩුව නිකුත් කර ඇති චක්‍රලේඛනය වහා අහෝසි කරන ලෙසත් ය.
‘අපි කියමනක් අහලා තියෙනවා බීරි අලින්ට ඇහෙන්න විශාල ශබ්දයක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා තමයි අපි තනි තනියෙන් නගන සද්දයට වඩා එකතු වෙලා පවුරක් ලෙස හඩනගන ශබ්දය ඊට වඩා ප්‍රබල වෙයි කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔබ බිහිරන් සේ සිටී නම් අපි පවුරක් සේ ඒකාබද්ධ වී මෙම සටහනට මැදිහත් වෙනවා. තරුණ අපේ ජීවිත තුළ අධ්‍යාපනය කියන්නේ හරියටම ජීවිතයේ අඩක්. අපේ අම්මලා තාත්තලා ඉතාමත් අමාරුවෙන් දුක්විදලා මහන්සිවෙලා තමයි අපිට අපේ අධ්‍යපානය ලබාදෙන්න ඉඩකඩ හදන්නේ. මේ ක්‍රමය තුළ ඉගෙන ගත්තොත් විතරයි ජොබ් එකක් ගන්න පුළුවන් කියන මතය සමාජය තුළ තියනවා. ඒ නිසා තමයි කවුරු මහන්සිවෙලා ඉගෙන ගන්න උත්සාහ කරන්නේ‘ යැයි ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලික සුදුසුකම් ඇත්නම් සරසවියකින් බාහිරව උපාධියක් ලබා ගැනීමට රටේ ඕනෑම පුද්ගලයකුට අවස්ථාව තිබිය යුතුයි. මෙය නැති කිරීම ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කරන්නට ඕනෑතරම් වැඩ තිබෙද්දී මෙවැනි දේ කරන්නේ කුමන හේතුවක් නිසාද? (නි)
ඉතාම කණගාටුදායකයි. 'ඉගෙනගන්නේ ජොබ් එකක් ගන්න' කියන සංකල්පයෙන් පිටතට යන්න අවැසි යුගයක් මේක. අද විශ්ව විද්‍යාල උපාධි ෆැක්ටරි බවට පත්වෙලා තියෙන්නේ මේ සංකල්පය නිසා. (නි)
ඇතැම් විශ්ව විද්‍යාල වල බාහිර උපාධි පරීක්ෂණ වලට පසුව විභාග ප්‍රතිඵල නිකුත් කරන්න අවුරුදු ගණන් පමාකරන්නේ ඇයි? අහෝ දෙවියනි! යහපත් අරමුණින් පිහිටුවන ලද විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දෙකට සිදුවූ විපත! (නි)
කප්පාදුවක් කරලා නැහැ. ඒ ඒ විශ්ව විද්‍යාලවල අභ්‍යන්තරව අවස්ථා දෙන ගාණට විතරක් පිටින් බාහිර උපාධි ලියාපදිංචි කිරීම් දෙන්න කියලයි කියන්නේ. නැත්නම් සල්ලි විතරක් බල බල පිටින් ළමයි ලියාපදිංචි කරනවා. ඒක අභ්‍යන්තර ළමයින්ට අසාධාරණයක්. මොකද ඔය බාහිර ළමයින්ට දේශන තියෙනවා විශ්ව විද්‍යාලය ඇතුළේත්. (නි)
දැන් එතකොට මෙයාලට සල්ලි අරගෙන දෙන බාහිර උපාධිය හොඳයි. වෛද්‍ය උපාධිය විතරක් නරකයි. (නි)